Tuesday, January 1, 2013

kathawa dolawen eth gamana payin


කතාව දෝලාවෙන් එත් ගමන පයින් 

අන්වර් මනතුංගගෙ blog උපදෙස් මාලාවේ පැහැදිලිව කියල තියෙන්නෙ එය කිසිම ආගමකට අපහස උපහාස කරන්නේ නෑ කියල. ඒක මුස්ලිම් ආගම සම්බන්ධයෙන් නම් හරි වෙන්න පුළුවන්. ඒ උනත් බුද්ධාගමට හෝ භික්ෂුන් වහන්සේලාට අපහාස කරන්න හෝ නින්දා කරන්න මේ මනුස්සය හින් නුලෙන් වැඩ කරනවා.මෙයා හිතන්නේ මෙයා විතරයි බුද්ධිමතා අනෙක් අය ඔක්කොම මෝඩයෝ.තමන් කියන ඕනෑ දෙයක් ඒ අය පිලිගන්නවා.ඒ නිසා ඒ නිසා ඕනෑ කරුණක් විකෘති කරලා කියන්න පුළුවන්.  ආසන්නම උදාහරණ තමයි 

දවටගහ මුස්ලිම් පල්ලිය තියෙන භුමිය තුල පංසලක් ඉදි කිරීමට ඉඩ දෙනවද? කියන ප්‍රකාශයට දී ඇති පිළිතුර. අන්වර් කියන අන්දමට දවටගහ මුස්ලිම් පල්ලිය තියෙන භුමිය තුල පංසලක් ඉදි කිරීමට ඉඩක් නැතත්, දඹුල්ලේ පුජා භුමිය ප්‍රකාශයට පත් කිරීමට පෙර සිටම එම පරිශ්‍රය තුල පුද්ගලික මුස්ලිම් නැමදුම් ස්ථානයක් තිබුන නිසා එතන මුස්ලිම් පල්ලියක් තිබීම නිවැරදි බවයි. දඹුල්ලේ පුජා භුමිය ගැන මවිසින් සත්‍ය තොරතුරු ඉදිරිපත් කලත් එම comment එක අන්වර් පල කලේ නෑ. ඒ  ලිපියෙන් මා පැහැදිලි කලේ වැදගත්කම අතින් පුද්ගලික මුස්ලිම් නැමදුම් ස්ථානයකට වඩා   4 වැනි ධර්ම සංගායනාව  පැවැත්වූ  ස්ථානය ප්‍රමුඛ වන බැවින්   එතන මුස්ලිම් පල්ලියක් තිබීම නිවැරදි  නොවන බවයි.
දවටගහ මුස්ලිම් පල්ලිය තියෙන භුමිය තුල පංසලක් ඉදි කිරීමට ඉඩ  නොදෙන  අන්වර් කූරගල අයිතිහාසික බෞද්ධ පුදබිම තුල අනවසරයෙන් ඉදි කරලා  මුස්ලිම් පල්ලිය අමතක කරලා. දෙවනගල පුදබිම ගැන  කුමන කතාද ?

2 comments: