Sunday, January 6, 2013

භික්ෂුන් වහන්සේලා චීවර ධාරින්ද?



                                  භික්ෂුන් වහන්සේලා චීවර ධාරින්ද?



අන්වර් මනතුංගගේ අලුත්ම සොයා ගැනීම බොදු බල සේනාව හා සම්බන්ධ  භික්ෂුන් වහන්සේලා චීවර ධාරින් බවය. අන්වර් මෙහිදී අදහස් කර ඇත්තේ එම   භික්ෂුන් වහන්සේලා සිවුරු පොරවා  ගත් සාමාන්‍ය මිනිසුන් බවට පත්වී ඇති බවය. ඒ සඳහා ඔහුට ඇතැයි ඔහු විසින්ම පවසා ඇති බුද්ධ ධර්මය ගැන ඇති දැනුම පාවිච්චි කර ඇත. ඔහු කියන්නේ අපරාධයක් කල විගස භික්ෂුවකගේ භික්ෂුත්වය නැතිවී ඔහු චීවර ධාරියෙක් වන බවය.
භික්ෂුවකගේ භික්ෂුත්වය නැතිවී ඔහු චීවර ධාරියෙක්(සාමාන්‍ය පුද්ගලයෙක්) වන්නේ ඔහු සතර පරාජිකා වලින් එකකට අසු උනොත් පමණි.සතර පාරාජිකා මැනවින් ත්‍රිපිටකයේ විනය පිටකයෙන් විස්තර කර ඇත. භික්ෂුව පාරාජිකාවට පත් වන්නේද නැද්ද යන්න උදාහරණ සහිතව විනය පිටකයේදී  මැනවින් විස්තර කර ඇත. අවශ්‍ය අයෙකුට www.thripitakata.org  බැලීමෙන් එම තොරතුරු වැඩි දුරටත් අධ්‍යනය කල හැක. සතර පාරාජිකා ශාරාංශ වශයෙන් ගත් කල -

ප්‍රාණ ඝාතය (සත්ව ඝාතනය )
බොරු කීම
මෛ ථුනය (ලිංගික සංසර්ගය)
නැති ගුණ දැක්වීම 
වශයෙන් දැක්විය හැක. 
 බොදු බල සේනාව හා සම්බන්ධ  භික්ෂුන් වහන්සේලා   සතර පරාජිකා වලින් එකකට අසුවී ඇත්නම් අන්වර් ඒ බව ශාක්‍ෂි සහිතව ඔප්පු කර පෙන්විය යුතුය. ඉන් පසු  එකී භික්ෂුන් වහන්සේලා චීවර ධාරින් බවට නම් කිරීම ගැන කවුරුත් විරුද්ධ වන්නේ නැත. එසේ නැතිව අපරාධයක් කල විගස භික්ෂුවකගේ භික්ෂුත්වය නැතිවී ඔහු චීවර ධාරියෙක් වන බවට කීමට ඔහුට ඇති අයිතිය කුමක්ද? 

4 comments:

  1. නිවැරදි කිරීමක්

    සතර පාරාජිකා වල පොඩි නිවැරදි කිරීමක් කරන්න තියෙනවා. බොරු කීම පාරජිකාවකට වැටෙන වරදක් නොවේ. එය සොරකම් කිරීම යන්නෙන් නිවැරදි විය යුතුය.
    සමරසේකර

    ReplyDelete
  2. අනවර් මම හිතුවේ සාධාරණ ලෙස හිතන පුද්ගලයෙකු කියලි.එහෙත් ඔහු බුද්ධ ධර්මය සිරුවෙන් විනාශ කිරීමට කරුණු ඉදිරිපත් කරයි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ඔබ මෙන්ම මාත් මුලදී එසේ සිතුවා. එත් හොඳින් බලද්දී මට තේරුණා ඔහුගේ පරමාර්ථය බුද්ධ ධර්මය පැටලිලි සහගත දෙයක් බවට ඔප්පු කරලා ගැලවීම තියෙන්නේ මුස්ලිම් ආගමේ බව තහවුරු කරන්න. මුලදී මගේ comments පල කර පසුව ඒවා පල නො කලේ මම සත්‍ය පැහැදිලි කරන නිසා. මම ඔහු සමග අමනාප නැහැ. ඔහුට හෝ මුස්ලිම් ආගමට අපහාස කරන්නෙත් නැ. ඒත් සත්‍ය පැහැදිලි කරනවා. සමහරවිට කවද හෝ ඔහු නිවැරදි වෙන්න පුලුවන්.විනය අතින් අග තැන් බවට බුදු රජුන් ගෙන් උපහාර ලද පටාචාරා තෙරණින් වහන්සේ පළමුව බුදු රජුන් මුණ ගැසීමට පැමිණියේ නිර්වස්ත්‍රයෙන් නෙ .

      සමරසේකර

      Delete
  3. http://rasikayab.blogspot.com/2016/04/blog-post_48.html?m=1

    ReplyDelete