Wednesday, January 30, 2013

නොකලෙන් නිසි පරිදි දහම් ඉගනුම අහෝ අන්වර් නොදුටි සඟ ගුන 1

අන්වර් මනතුංග මුස්ලිම් ලබ්ධිය වැළඳ ගත් සිංහලයෙකි. මුස්ලිම් ආගම ලොව ඇති නිරවද්‍යම ආගම බව ඔප්පු කිරීමට ඔහු දිවා රෑ  වෙහෙසේ . එහි වරදක් නැත. අප ධර්මය දේසනා කරන ඕනෑම අයෙකුන්ගෙන් බන අසමු. ඒ අප බන ඇසීමට කැමති නිසාය. දෙමල,ජර්මන් ,ඉංග්‍රීසි,බංගලි දේස, ආදී නා නා ජාතික  භික්ෂුන් වහන්සේලා මෙන්ම ගිහියෝද අපිට බුදු බන කියා දෙති. ඒවායේ වරදක් අප නොදකින්නේ එකී ජාතිකයන් අපට බන දේසනා ක‍රන්නේ ධර්මය කෙරෙහි සහ සංඝයා කෙරෙහි අපගේ සිත් පහන් කිරීමට බවට සැකයක් නැති නිසාය.   අන්වර් මනතුංගද  සිංහල බෞද්ධයන්ට  බුද්ධාගම  උගන්වන්නට යයි.  අන්වර් මනතුංගගේ  ළමා  අවදිය බෞධද, ක්‍රිස්තියානිද යන්න පැහැදිලි නැත්තේ එය ඔහු සඟවන නිසාය.(සැඟවීමට දෙයක් ඇත්තා කරන කියන දේ ගැන දෙවරක් කල්පනා කිරීම සුදුසුය.) කෙසේ වෙතත් තමන් සවුදි අරාබියේ බොහෝ කලක් රැකියාවක් කල බවත් එහිදී මුස්ලිම් ලබ්ධිකයෙකු වශයෙන් සිටියදීම එහි ඇති    පන්සලක සිටි භික්ෂුන් වහන්සේලාගෙන් බුධාගම උගත් බව ඔහු ප්‍රකාශ කර ඇත.  එහිද වරදක් නැත. නමුත් අන්වර් මනතුංග අපට බන දේසනා කරන්නේ අපගේ බෞධාගමික ආකල්ප වර්ධනය කිරීමට නොව ධර්මයේ සහ සංඝයා වහන්සේලාගේ නැති අඩුපාඩු පෙන්වා,  අපව මුස්ලිම් භක්තිකයන් කිරිමටය. වරද ඇත්තේ එතනය. 
වර්තමාන යුගයේ සංඝයා වහන්සේලාගේ අඩුපාඩු නැතැයි මෙයින් අදහස් නොකෙරේ. වර්තමාන දේශීය සමාජයේ පිරිහීම් දකින්නට ලැබෙන ලෙසම  සංඝයා වහන්සේලාගේ අතරද අඩුවැඩි වශයෙන් අඩුපාඩු කම් දක්නට ලැබේ. එයට පිළියම් යොදනවා වෙනුවට සංඝයා වහන්සේලාට අපහාස කිරීමෙන් ලැබෙන්නේ කුමක්ද? පිළිගත යුතු වැදගත් කරුණ වන්නේ දුසිල්වත්   සංඝයා වහන්සේ කෙනෙක් උවද ගිහියෙකුට වඩා සිල්වත් බැවින් ඉහල බවය.


2 කොටස පසුවට 
සමරසේකර 

0 comments:

Post a Comment