Wednesday, January 16, 2013

අන්වර් ආනන්තර්‍ය කර්මයක් කිරීමට සැරසෙයි.



                                     අන්වර් ආනන්තර්‍ය  කර්මයක් කිරීමට සැරසෙයි.


බුදු දහම දන්නා සාමාන්‍ය පුද්ගලයන් පවා දන්නා දෙයකි පන්චානන්තර්‍ය  කර්ම සහ  එහි නියත ඵලය වන මරණනින් පසු නියත වශයෙන්ම අපායගාමී වීම.

 පන්චානන්තර්‍ය  කර්ම කෙටියෙන් විස්තර කලොත් 
මව මැරීම 
පියා මැරීම 
රහතුන් මැරීම 
බුදුන්ගේ ශරීරයේ ලේ සෙලවීම 
 සංඝ  භේදය 
වශයෙන් විස්තර කල හැක.

 මේ අතරින් අද අන්වර් උත්සාහ ගෙන ඇත්තේ සංඝ භේදය යන  ආනන්තර්‍ය කර්මය කිරීමටය. සංඝ භේදය කිරීම යනු සංඝයා වහන්සේලා   අතර භේදයක් ඇති කිරීමය. මෙම කර්මය කිරීමට  සංඝයා වහන්සේ නමක් හෝ කිහිප නමක් මැදිහත් විය යුතුය. මෙම ක්‍රියාවේ බරපතල කම සහ එහි නියත විපාකය වන මරණින් මතු අපායගාමී වීම බව දන්නා භික්ෂුන් වහන්සේලා නිරන්තරයෙන් කටයුතු කරන්නේ සංඝයා වහන්සේලා අතර කුමන ආකාරයෙන් හෝ භේදයක් ඇති නොවිමටය. උදාහරණ වශයෙන් සෑම තරා තිරමකම සංඝයා වහන්සේලාට ගරුසරුව ආමන්ත්‍රණය කිරීම දැක්විය හැක. අද දින බද්දේගම සමිත හාමුදුරුවෝ බොදු බලසේනාවේ සහ ජාතික හෙළ උරුමයේ   සංඝයා වහන්සේලා විවේචනය කරමින් සහ රට අන්ත වාදයකට ඇද ගෙන යන බවත් ඉන් නැවත ලේ වැගිරීමක් සිදුවන බවත් දළදා මාලිගාවේ තවමත් උඩරට භේදය රජ කරමින් පහත රැටියන් නොසලකා හරින බවත් පහතරට නැටුමකට හෝ යක් බෙරයකට එහි තැනක් නැති බවත් කියා ඇත. සමිත හිමියන්ට තම මතය ප්‍රකාශ කිරීමට අයිතියක් ඇත.එතෙත් එය අදාල සංඝයා වහන්සේලා තුලම පමණක් සාකච්චා විය යුතු කරුණකි. එහිදී අදාල පාර්ශවයන්ට තම මතය ඉදිරිපත් කර ගැටළුවක් ඇත්නම් එය සාකච්චාවේන් සහ  සම්මුතියෙන් නිරාකරණය කර ගත හැක.

  එසේ නැතිව අන්වර් වැන්නන්ට මුස්ලිම් ප්‍රජාවට ඉදිරිපත් වීමට රස පුවතක් වශයෙන් කිව යුත්තක් නොවේ. මෙම කාරණය පදනම් කරගනිමින් ඉදිරියේදී සංඝ භේදයක් ඇති උනොත් එය කෙලින්ම ආනන්තර්ය කර්මයක් වී හෙන ගෙඩියක් මෙන් සමිත හිමියන් කරා පැමිණීම නොවැලක්විය හැකි අතර එවැන්නකට මග පැදු අන්වර්ටද අපායගාමී වීමෙන් මිදිය නොහැක යනු මගේ අදහසවේ.  

0 comments:

Post a Comment