sri lanka flag

නියම සිංහල කොඩිය.

බෞද්ධ කොඩිය

සිංහල ජතියේ කොඩිය වැනි බෞද්ධ කොඩිය.

1985 Vesak

Buddhist Era 2529

දහම් දැණුම

දහම් දැණුම පිරිපුණ් සැදැවත් සමජයක්.

අප මහා බුදුරදුන්

අප මහා බුදුරදුන් දෙවියන් හට ධර්මය දෙශණ කිරිම.

Friday, August 29, 2014

දලයි ලාමා තෙරුන් වහන්සේ සහ සිංහල බුද්ධාගම


අද ලොව බුදු දහම පැතිර ඇත්තේ මහායාන සහ හීනයාන (ථෙරවාදී ) යන කොටස් වලින්ය.අපේ රට බුරුමය,තායිලන්තය සහ චීනයේ යුනාන් ප්‍රාන්තයේ ථෙරවාද බුදු දහම පැතිර ඇති අතර චීනය ජපානය,තිබ්බතය ආදී රටවල මහයානබුදු දහම පැතිර ඇත.  බුදුබව ලබා නිවන් යාම (බෝධිසත්ව සංකල්පය) මහායානයේ ඇති අතර බුදු,පසේබුදු,රහත් ආකාර තුනෙන්ම නිවන් දැකිය හැකි බව හිනයානයේ (ථෙරවාදයේ) දැක්වේ.  ථෙරවාදය අනුව බුදුසසුන ඇති මෙකල උවද ධෛර්ය ඇති අයෙකුට නිවන් පසක් කරගත හැක. බෝසත් සංකල්පය පමණක් පදනම් කල මහායානයේ වජ්‍ර යානය සහ තන්ත්‍රයානය යනුවෙන් අනු කොටස් දෙකක්ද ඇත. චීනය,කොරියාව  සහ ජපානයේ මහායානය පැතිර ඇති අතර ටිබෑටයේ පැතිර ඇත්තේ තන්ත්‍ර යානයයි. බෝසත් සංකල්පයට අමතරව  තන්ත්‍රයානය පුනරුත්පත්තිය ඉතා දැඩිව පිළිගන්නා අතර බෞද්ධ මන්ත්‍ර මෙන්ම බෞද්ධ නක්‍ෂත්‍රය පිළිගනී. අපේ රට ථෙරවාදී රටක් ලෙස ප්‍රසිද්ධ උනත් එය තුල බෝධිසත්ව සංකල්පය මෙන්ම බුදුගුණ මුලික කර ගත් ශාන්ති කර්ම මෙන්ම බුදුගුණ මුලික කරගත් නක්ෂත්‍රය තිබෙනවා ඒවා තන්ත්‍රයානයෙන් ලැබුන ආභාසයි . බුදුන් වහන්සේ පිරිනිවීමෙන් පසු දහම ගැන ඇතිවූ විවිධ මත නිසා ධර්මයේ විවිධ බෙදීම් ඇති උනා. වැදගත්  කරුණ   මේ සියලු මත දැරූ බෞධයෝ  ක්‍රිස්තියානි සහ මුස්ලිම් ආගමිකයන් මෙන් එකිනෙකා සමග ගහමරා ගන්නට නොයාමය. ඔවුන් එකිනෙකාට ගව්රව කරනවා. එත් අවශ්‍ය අවස්ථාවලදී විවේචනය කිරීම කරනවා.  මුල් බෞධයන්  අතර මෙම සංවාදය ඇතිවී තිබුනා .12 වන සියවසේ ජයභද්‍ර හිමියන් පළමුව තිබ්බතයට ගිය සිංහල භික්ෂුන් වහන්සේ ලෙස ඉතිහාසයට එක්වී තිබෙනවා. එහෙත් අභයගිරිය වැටීමෙන් පසු අපේ රටේ මහායාන හෝ තන්ත්‍රයාන අදහස් සහ ථෙරවාදී අදහස් අතර සංවාදයක් ඇතිවී නැහැ. නමුත් ජනසමා ජය තුල තන්ත්‍රයාන අදහස් තවමත් ජිවත්වෙන බව පසක් වන්නේ බුදුගුණ මන්ත්‍ර වශයෙන් තවමත් භාවිතා වන නිසයි.
 තිබ්බතයේ පැතිර ඇති තන්ත්‍රයානයේ නායක  දලයි ලාමා තෙරුන් වහන්සේ  ලංකාවේ බෞධයන්ට මිට කලින් සිදුවූ අසාධාරණ කම ගැන මිට පෙරදී කථා නොකළේ මන්ද කියා අප කවදාවත් දොස් කියා නැත. එහෙත් අප චීනයේ බලපෑම නිසා  මේ දක්වා දලයි ලාමා තෙරුන් වහන්සේට අපේ රටට ඇතුල්වීමට විසා දෙන්නේ නැත. තන්ත්‍රයානිකයන් අපේ රටට පැමිණීමට ආශා කරන්නේ ඔවුන්ගේ මතය ඉදිරියට ගෙන යන මුලික සුත්‍රයක් වන”ලන්කාවතරන” සුත්‍රය බුදුන් වහන්සේ විසින් දේශනා කර ඇත්තේ සිරීපාදයේදී  බවවිශ්වාස කරන නිසා  සිරිපාදය වැඳීමට ඇති කැමැත්ත මෙන්ම ජීවමාන බුදුන් වහන්සේ ලෙසින් පුද ලබන දළදා හාමුදුරුවන් වැඳීමට ඇති කැමැත්ත නිසයි.  

 අද වන විට අපට නැවතත් තිබ්බතයේ බුදු දහම ගැන කථා කරන්න වෙලා තියෙන්නෙ ලංකාවේ  සහ බුරුමයේ නුතන ථෙරවාදී  බෞධයන්ගෙන් මුස්ලිම් දහම අදහන්නවුන්ට හිරිහැරයක් වෙලා තියෙනවා කියල  දලයි ලාමා තෙරුන් වහන්සේ   විසින් පැවසීම නිසයි. මේ මතයට එදිරිව ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ , මෙන්ම ඕමල්පේ සෝභිත හාමුදුරුවන්ද කරුණු දක්වලා තියෙනවා.මේක  හොඳ දෙයක් වෙන්නෙ ඒකෙන් තන්ත්‍ර යානය සහ ථෙරවාදය අතර මුලින් පැවති සම්බන්ධතා සහ සංවාදය නැවත ඇරඹීමට මෙයින් ඉඩක්  ලැබෙන නිසයි. එබැවින් අපි දලයි ලාමා තෙරුන් වහන්සේ ගේ ප්‍රතික්‍රියා ගැන ඉවසිල්ලෙන් බලා සිටිමු.