Friday, January 4, 2013


අන්වර්ගේ අප්‍රබුධ දර්ශනය හරිම අපුලයි.

අන්වර් හොඳින්ම දන්නවා මද දැනීමක් ඇති අයව ලේසියෙන්ම රවට්ටන්න පුළුවන් කියල. බෞධයො ජනතාව පස් පව් කිරීමෙන්  ගැන උද්ඝෝෂණය කරනවා වෙනුවට හලාල් අහාර වර්ජනය කිරීමට උද්ඝෝෂණය කිරීමට පොළඹ වන්නේ ඇයි දැයි කියා ඇසු ප්‍රශ්නයකට අන්වර්  පිළිතුරුදී ඇත්තේ බුදුන් වහන්සේ පස් පව් වලින් වැලකීම ගැන කියා ඇති නමුත් හලාල් අහාර ගැන කිසිවක් කියා නැති බැවින් එය එසේ වන්නට ඉඩ ඇති බවය.

 අන්වර්  මෙහිදී බලු බැල්මට උත්සාහ කරන්නේ මුස්ලිම් ආගම බුධාගමට වඩා පැරණිය යන්න පැවසීමට උවත්, ඉන් ඊට වඩා වැඩි යමක් එනම් බුදු ගුණයන්ට හානි කිරීමට කටයුතු කර ඇත. බුදුන් වහන්සේ සර්වඥ යන නමින් හඳුන්වන බව අන්වර් මැනවින් දනී. සාරාංශ වශයෙන්  සර්වඥ යනු සියල්ල දත් යන්නය. සියල්ල දත්බුදු රජාණන් වහන්සේ  හලාල් අහාර ගැන නොදන්න බව ඇඟවීම සර්වඥතා ඥානයට ගැරහීම් හැර වෙන කුමක්ද?.  ඔලුව අතගාමින් ටොකු අනිනවා යයි කියන්නේ මේ වගේ දේවල් වලටය. ඒ උනාට අන්වර් දන ගන්න එක හොඳයි බෞධයො  කියන්නේ ඔලුව අතගාමින් ටොකු ඇනීම තේරුම් නොගන්න තරම් මෝඩයෝ නොවන බව.

සමරසේකර     

0 comments:

Post a Comment