Friday, May 16, 2014

සිංහල බුධාගම 4 කොටස

                                                   සිංහල බුධාගම         

සිංහල බුද්ධාගම 4 වන කොටස  හෝ ඉන් ඉදිරියට ලියන්න ඕනෑ වෙවියයි මා හිතුවේ නැහැ.වැඩ කල් දැමීමට රුසියෙක් වන උපන්ගෙයි කම්මැලියෙක් වන මා විවිධ හේතු පාදක කරගනිමින් මේ blog එකට ලිපි ලියන එක කල් දැම්මා.ඒ උනත් blog අවකාශයේ ලිපි ලියන බොහෝ  දෙනෙක් සිංහල චින්තනයට මෙන්ම සිංහල බුධාගමට නිග්‍රහ කිරීමට අසත්‍ය කරුණු පදනම් කරගනිමින් විවිධ ලිපි ලියන නිසාම මා මගේ අලස කමට විරාමයක් තබන්න හිතුවා. 

සිංහල වින්‍ඥානය විවේචනය නොකළ හැකි රහස් පදයක් නම් නොවෙයි .එය මැනවින් විමසා අවබෝධ කර ගතයුත්තක්.එහි සැඟවිය යුතු දෙයක් නැහැ. ඒ උනත් එය අනිවාරතේ මද දැනුමක් ඇත්තවුන්ගේ (ඔවුන්ගේ ලිපි බලනවිට එම මද දැනුම එලියට එනවා) උපහාසයට හෝ අපහාසයට ලක්විය යුත්තක් නම් නෙමෙයි.

මා සසල උනේ වෙසක් දිනයට පෙර දින පළවූ ජාතක කථා පොත් වහන්සේ  විවේචනය කරමින් වෙස්සන්තර ජාතකයෙන් හික්මවුණු  සිංහල විඥානය අපහාසයට ලක් කල ලිපියක් සහ සුභ උපන් දිනයක් බුදුසාදු නමින්වූ  තවත් අමන ලිපියක් කියවිමෙන්ය.

මා මේ blog එකට ලිවිම නවතා තිබියදීත් මගේ අලුත් ලිපි තිබේදැයි බැලීමට නිරන්තරයෙන් එන සහෘදයන්  මා  දිරිමත් කිරීමට මුලිකවූ බවත් සිහිපත් කරමින්  මා මගේ අලස කමට විරාමයක් තබනවා.

මින් ඉදිරියට මට අවකාශ තිබෙන අන්දමින් මා ලිපි එළිදක්වනවා.

සමරසේකර  



2 comments:

  1. මොහය දුරලන්න ඔබට ශක්තිය ලැබේවා...

    ReplyDelete
    Replies
    1. ඔබේ දිරිගැන්වීම මා අගය කරනවා,

      Delete