Sunday, May 10, 2015

හේතුව නොසොයා දෘශ්‍ය ප්‍රතිඵලය දෙස පමණක් බලා තරුණ භික්ෂුන් වහන්සේලාට ගැරහීම වැරදිය



(ඉහත දැක්වූ චයාරුපය  සහ කවිය උපුටා ගත්තේ 10.05.2015 දින පළවූ ඉරිදා දිවයින පුවත් පතිනි )

වෙසක් සමය තුලදීම  පසුගිය සතියේ බෞද්ධ ලෝකය සසල කල පුවතක් වුයේ විශ්ව විද්‍යාල ප්‍රතිසම්පාන කොමිෂන් සභාව ඉදිරියේ අලජ්ජි ලෙසත්, සහාසික ලෙසත් හැසුරුණු තරුණ භික්ෂුන් වහන්සේලාගේ හැසිරීම සහ එයට පිළිතුරක් ලෙස  පොලිසියෙන් එල්ලවූ  අමානුෂික ප්‍රහාරයයි.  මින් පසු පුරුදු පරිදිම මේ සංඝයා වහන්සේලාට පමණක් නොව පොදුවේ සියලුම සංඝයා වහන්සේලාට අපහාස කරන වෙබ් පිටු පළකිරීම මෙන්ම ඒවායේ පළවූ පාඨකයන්ගේ අපහාසාත්මක අදහස් දැක්වීම්  වලද  අඩුවක් නොවිය. මෙසේ පලකල කරුණු සියල්ලම එයට පාදකවූ හේතුව ගැන කිසිවක් නොසොයා, එහෙත් අවසාන  දෘශ්‍ය ප්‍රතිඵලය දෙස පමණක් බලා කරන ලද, එහෙත් බුදු සසුනට ගැරහීමේ පරමාර්ථය ඇතිවම සිදුකල  ඒවා යයි මට සිතේ. එහෙත් මෙම ලිපිය ලිවීමේ මගේ අදහස වන්නේ  මේ තරුණ භික්ෂුන් වහන්සේලාගේ හැසිරීම සාධාරණ එකක් යයි යන මතයක් ඉදිරිපත් කිරීම නොවේ. එය ඇත්තෙන්ම එයට සහභාගිවූ  තරුණ භික්ෂුන් වහන්සේලා  අලජ්ජි ලෙසත්, සහාසික ලෙසත් හැසුරුණු සමාවක් හෝ අනුකම්පාවක් දිය නොහැකි  පිළිකුල් සහගත හැසිරීමකි. 

එහෙත් මෙම කාරණය කාලය විසින් යටපත් කිරීමට ඉඩ දෙනවා වෙනුවට ගැඹුරින් සාකච්චා කල යුතු වන්නේ තරුණ භික්ෂුන් වහන්සේලාගේ මෙම අලජ්ජි ලෙස හා  සහාසික ලෙස හැසුරුණු සිද්ධිය සිදුවුයේ ලෝක බෞධයන්ගේ සිත් සතන් පහන් කරන  වෙසක් පොහොය සමය තුලදී නිසාමය.  සාමාන්‍යයෙන් පොහොය දිනකදී නිර් ආගමිකයන් යයි කියා ගන්නා අයවලුන් ( මෙම කණ්ඩායමට ඇතැම් වාමාංශික   දේශ පාලන මතිමතාන්තර ප්‍රචලිත කිරීමට උත්සාහ කරන්නෝද වෙති.)   කරන්නේ කරන්නේ බුදුදහමට සහ සංඝයා වහන්සේලාට අපසාහ කරන   වෙබ් පිටු පළකිරීම සහ ඒවාට උල්පන්දම් දෙන   පාඨකයන්ගේ අපහාසාත්මක අදහස් දැක්වීම්ය. අද වනවිට  එම ලිපි වලට ලැබෙන්නේ  ඇල්මැරුණ ප්‍රතිචාර බව දැනගත් මේ අයගේ  ඊළඟ වැයම වන්නේ සරසවි වල ඉගෙන ගන්නා ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා ඇවිස්සිමට කටයුතු කිරීමය. 
මේ කාරණය පිටු පස්සේ ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ එයින් මෑතදී බිඳී ගිය කොටසක්වූ පෙරටුගාමින්ය. කවුරුන් හෝ බළල් අතක් ලෙස පාවිච්චි කර තම දේශපාලන අභිලාෂයන් මුදුන් පමුනුවා ගැනීමට යත්න දරන මේ කාලකන්නින් නිසා අද ගම්බදින් විශ්වවිද්‍යාල භුමියට පැමිණෙන වැඩි දෙනා අතරමංවී සිටිති.ජනතා විමුක්ති පෙරමුණ සහ එයින් මෑතදී බිඳී ගිය කොටසක්වූ පෙරටුගාමින් විසින් අන්තරේ නමින් බලියක් අටවාගෙන  සිදු කරන මේ විනාශය අවබෝධ කරගෙන ඇති නාගරික ශිෂ්‍ය ප්‍රජාව නම් මේ තත්වය මැනවින් තේරුම් ගෙන අන්තරේට නවකයන් බිල්ගන්නා මුලික යාන්ත්‍රණය වන නවක වදයට විරුද්ධව "අලයෝ" නමින් සන්විධානවී ඉන් ලැබෙන එකමුතුබව තුලින් ශක්තිය ගෙන තම අධ්‍යාපන අරමුණ ඉදිරියටම ගෙන යති. නාගරික ශිෂ්‍ය ප්‍රජාවට අන්තරේ උගුල් වලට අසු නොවනසේ කටයුතු කිරීමට උපදෙස් දෙන්නේ  විශ්ව වීද්යාලයේ දෙවෙනි සහ  තෙවෙනි  වසරවල් වල ඉගන ගන්නා නාගරික පාසල්වල ආදී  සිසුන් විසිනි.  නමුත් ගම්බදින් සරසවි පැමිණෙන සිසුන් වෙනුවෙන් එවැනි යාන්ත්‍රනයක්  නැත.   

අඩු තරමේ  ගම්බදින් පැමිණෙන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා රැකීමට එවැනි සංවිධානයක් නැති නිසා අන්තරේ නම්වූ මේ  කාලකන්නින්ට බුදු සසුනේ එක කොටසක් වන සග සසුන  තුල වැසිකිලියක් සැදීමට ඉඩ  ලැබී  ඇත. මේ තත්වය මැඩපැවැත් විමට ගතයුතු ක්‍රියා මාර්ග ගැන බෞද්ධයන් ඉක්මනින් සාකච්චා කල යුතු කාලය එළඹ ඇත.

සමරසේකර        
  





































































































































































































atampahura

2 comments:

  1. ඈත අතීතයේ ලංකාවේ හාමුදුරුවරු එවකට සිටි රජවරුන්ට උපදෙස් දුන් අතර කැරළි වලදී පවා මූලිකවී කටයුතු කළාක් පමනක් නොව , එදිනෙද ගෘහස්ථ ප්‍රශ්න වලදී පවා මැදිහත් වි කටයුතු කළහ. එසේ නම් තොරතුරු තාක්ශණික් යුගයක් ගැන කතා කරන විශ්ව ගම්මානයක් ගැන සිහින දකින් අද වැනි යුගයක බික්ෂූන් වහන්සේලා පන්සලට කොටු කර තැබීමට උතසහ කළ යුතුද? එතුමන්ගේ කාලීන අවශ්‍යතා එදිනෙදා සමාජ අවශ්‍යතා වෙනුවෙන් නිහඬව සිටින්නට අප ඔවුන්ට් බල නොකළ යුතුය

    ReplyDelete
    Replies
    1. භික්ෂුන් වහන්සේලා මෙන්ම ශිෂ්‍යයෝද අසාධාරණයන් වෙනුවෙන් සටන් කිරීම වරදක් නොවේ.මගේ විරෝධය ඔවුන් අන්ධයන් ලෙස අන්තරේ අන අණුව කටයුතු කරමින් තමන් සරසවියට ආ මුලිකකාරනයවූ අධ්‍යාපනය ගැන නොසලකිලිමත්වි උද්ඝෝෂණ සහ පන්ති වර්ජන ගැන පමණක් උනන්දුවීම ගැනය. ඔබ ඕනෑම සරසවියකට ගොස් එහි පුස්තකාලයට එබී බැලුවොත් ඔබට පෙනේවි පාඨකයන් නොමැතිව පොත් මකුළුදැල් වලින් වෙලී තිබෙන ආකාරය.
      අනෙක් අතට අපේ රටේ භික්ෂුන් වහන්සේලා මුල පටන්ම දායකයන්ගෙන් යැපෙන නිසා සාමාන්‍ය ජනයාගේ සිත් පැරෙන කටයුතු කිරීමෙන් වැළකිය යුතුය. එමෙන්ම උන්වහන්සේලා විසින් සමන්‍ය ජනයාට වඩා වැඩි සිල්පද ගණනක් සිව්රේ රැඳී සිටින තෙක් නිරතුරුවම රැකිය යුතුය.එකී ශිලයට බාධාවක් නොවෙන තෙක් උන්වහන්සේලාට විවිධ පරමාර්ථ ඉටු කිරීම සඳහා පන්සලෙන් බැහැරවිය හැක. එහෙත් ඒ කරුණු තම ශිලය සමග ගැටෙන විට මුල් තැන දිය යුත්තේ ශිලය රකිමටය.
      සමරසේකර

      Delete