sri lanka flag

නියම සිංහල කොඩිය.

බෞද්ධ කොඩිය

සිංහල ජතියේ කොඩිය වැනි බෞද්ධ කොඩිය.

1985 Vesak

Buddhist Era 2529

දහම් දැණුම

දහම් දැණුම පිරිපුණ් සැදැවත් සමජයක්.

අප මහා බුදුරදුන්

අප මහා බුදුරදුන් දෙවියන් හට ධර්මය දෙශණ කිරිම.

Tuesday, July 9, 2013

දුසිල්වත් භික්ෂුවක් උවත් දුසිල්වත් මිනිසෙකුට වඩා ගුනයෙන් උසස්ය...



දුසිල් වත් භික්ෂුවක් උවත්  දුසිල් වත් මිනිසෙකුට වඩා ගුනයෙන් උසස්ය 

වර්තමාන සමාජය තුල භික්ෂුන්  වහන්සේලාගේ දුසිල්වත් භාවය ගැන අන්තර්ජාලයේ ලිපි පල කරන්නෝ  බොහෝය. එවැන්නෙකු විසින් භික්ෂුන්  වහන්සේලාගේ දුසිල්වත් භාවය ගැන මෑතදී පලවූ පත්තර ශීර්ෂ පාඨ තොගයක් අන්තර්ජාලයට එක්  කර තිබුණි. එය මෙසේය.

-  භික්ෂුවකගේ පහරදීමකින් පුද්ගලයෙක් මියයයි
-  ගව ඝාතනයට එරෙහිව තව කිහිප නමක් දිවි පුදන සූදානමක
-  පල්ලියක් කඩා,දේවගැතිට පහර දීලා…ඤාණසාර හිමිට තවත්

   නඩුවක්
-  භික්ෂු මන්ත්රී කොල්ලකෑම්- වංචා රැසකට රිමාන්ඞ්
-  භික්ෂුවක් අරලියගහ මන්දිරය අසල ගසකට නැග විරෝධතාවක
-  ගිණුම් වාර්තා නෑ… දළඳා මාළිගාවේ මූල්ය කටයුතු ගැන සැකයක්
-  සම්මාදමේ ගිය චීවරධාරියා ලක්ෂපතියෙක් බව බැංකු ගිණුමෙන්

   හෙළිවේ
-  ගුටි කෑ භික්ෂූණ් වහන්සේ ආපසු මෙරටට එති
-  චීවරධාරියෙක් අධික බීමතින් වාහනයක යද්දී අත්අඩංගුවේ
-  බීමත් හාමුදුරුවන්ගේ සිවුර ගලවා පන්නා දමයි
- 43 හැවිරිදි විවාහක මවක් දුෂණය කිරීමට තැත්කළ කැලණිය බුලුගහ

   හන්දිය ශාන්ති විහාරයේ නායක හිමිනම අත්අඩංගුවට
-  බීමතින් රිය පැදවූ භික්ෂූවට හය මාසයක සිර දඬුවම්
-  භික්ෂු ගුටි කෙලියක්, අයෙක් රෝහලේ, අයෙක් රිමාන්ඩ්
-  දියවඩන නිලමේ මාළිගාව කොල්ල කනවා, මහ නාහිමිවරු පොල්

   ගානවාද
-  චීවරධාරියා ගැබිනි කතකට පයින් ගහලා
-  පන්සලේ හාමුදුරුවන් ගන්ටාරය විකුනයි.
-  හොරෙන් රට යැවීමේ ජාවාරමට සම්බන්ද හාමුදුරුනමක්.
-  අකුරැස්ස ඉංග‍්‍රීසි පන්තියට ආ දැරියව හාමුදුරුනමක් කෙළෙසලා
-  නවකවදය දුන් හිමිවරුන් 18 පොලිස් අත් අඩංගුවේ
-  චිවරදාරි කාමාතුරයෙක් 10 හැවිරිදි පාසැල් දැරියකට අතවර කරයි
-  හොඳටම සූර් වී සිල් මාතාවන් දෙදෙනෙක් සමඟ මහ රැ පිස්සු කෙලි

   චීවරධාරියා පොලීසියේ

ඉහත සඳහන්වී ඇති  පත්‍ර වාර්තා වැඩි හරියක්   මවිසින්ද කියවා ඇත්තේ මා පුරුද්දක් ලෙසින් අන්තර්ජාලය භාවිතා කරමින් දිනපතා පත්තර කියවන නිසාය. මින් සමහර වාර්තා අසත්‍ය බව දැන දැනම අදාළ භික්ෂුන් වහන්සේ අපහසුතාවට පත් කිරීමට ගෙතු ඒවා බව පසුව ඔප්පුවූ  බව පුවත්පත් වලම පලවී තිබිණ.

43 හැවිරිදි විවාහක මවක් දුෂණය කිරීමට තැත්කළ කැලණිය බුලුගහ හන්දිය ශාන්ති විහාරයේ නායක හිමිනම අත්අඩංගුවට"   වැන්න උදාහරණ ලෙස දැක්විය හැක.

"        චීවරධාරියා ගැබිනි කතකට පයින් ගහලා
-       පන්සලේ හාමුදුරුවන් ගන්ටාරය විකුනයි.
-     හොරෙන් රට යැවීමේ ජාවාරමට සම්බන්ද හාමුදුරුනමක්.
-  අකුරැස්ස 
      ඉංග‍්‍රීසි පන්තියට ආ දැරියව හාමුදුරුනමක් කෙළෙසලා "
-     භික්ෂු මන්ත්රී කොල්ලකෑම්- වංචා රැසකට රිමාන්ඞ්

ආදියට අදාළ පුවත්පත් වාර්තා මට කියවන්නට ලැබී නැත.

" භික්ෂු මන්ත්රී කොල්ලකෑම්- වංචා රැසකට - කොල්ලකෑම්- වංචා රැසකට රිමාන්ඞ්


 තම විහාරස්ථානයේ ගිනි අවි තිබුනේ යයි සැක පිට සුමිත්ත හිමි දැනට වසරකට ආසන්න කාලයක පටන් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිර කර ඇතත් විහාරස්ථානයේ ගිනි අවි තිබුනේ යයි තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගෙන නැත.ඒ හිමියන් කොල්ලකෑම් සහ වංචාවන්ට සම්බන්ධ බවට තවමත්  චෝදනා ඉදිරිපත් කර නැත. එහෙත් පුවත්පත් දිගින් දිගටම සුමිත්ත හිමියන්ට අපහාස ගෙන දෙන පුවත් පල කරමින් සිටියි.සුමිත්ත හිමියන් නායක තෙර නමක් මිස මන්ත්‍රී හිමි නමක් නොවේ.


"සම්මාදමේ ගිය චීවරධාරියා ලක්ෂපතියෙක් බව බැංකු ගිණුමෙන්
   හෙළිවේ"

හොර සම්මාදමේ ගොස් අසුවූ පුද්ගලයා භික්ෂුන් වහන්සේ නමක් නොව සිවුරු පොරවා ගත් හොරෙක් බවත්, අදාළ ප්‍රදේශයේ සංඝ නායක හිමියන්  විසින් ඔහුගේ සිවුරු ඉවත්කර ඔහු පොලිසියට භාර දුන් බව පත්තර වලම  පලවී තිබුණි.
   
මිට අමතරව Colombo telegraphවෙබ් අඩවිය සිරිතක් වශයෙන්
 භික්ෂුන් වහන්සේලාට  ගරහමින් දෛනිකවම පාහේ ලිපි  පල කරයි.

එහෙත් භික්ෂුන් වහන්සේලාට සාමාන්‍ය පුද්ගලයන් අතින් සිදුවන අතවර ගැන ඔවුන් මුනිවත රකිති. හොඳම උදාහරණ වන්නේ මෑතකදී මහ මගදී බණ දෙසීම ප්‍රතික්ෂේප කල භික්ෂුන් වහන්සේ නමකට බේබද්දන් දෙදෙනෙකු විසින් පහර දීමය.

සාමාන්‍ය ජන සමාජයේ මෙන්ම භික්ෂු සමාජයේද සුසිල්වතුන් මෙන්ම දුසිල්වතුන්ද  සිටිති. එහෙත් නිරාකරණය කරගතයුතු  ප්‍රශ්නය වන්නේ දුසිල්වත් භික්ෂුන් වහන්සේ දුසිල්වත් මිනිසාට හා සමානද යන්නය. මෙය ධර්මය ඇසුරින්ම  විමසිය යුතු කරුණකි. 

මේ  ගැන නිගමනයට එළඹීමට  සඳහා ආධාර කර ගත හැකි හොඳම ආධාරකය ඇත්තේ මිලින්ද ප්‍රශ්නයේය. 

මිලින්ද ප්‍රශ්නය යනු මිලින්ද රජතුමා සහ නාගර්ජුන හිමියන් අතර පැවති  ධර්ම විවාදයයි. එය විශාල පොතකි. එහිදී ශාරංශ වශයෙන්  මුලික කරුණු 10 කින් සහ අතිරේක කරුණු 10කින් දුසිල්වත් භික්ෂුන් වහන්සේ දුසිල්වත් මිනිසාට වඩා උසස් වන බව නාගර්ජුන හිමියන් විසින් මිලින්ද රජතුමාට ඔප්පු කර ඇත. පහත දැක්වෙන්නේ එම කරුණුය.

මුලික කරුණු 10

1.    භික්ෂුන් වහන්සේ චිවරය දැරීම 

2.    භික්ෂුන් වහන්සේ මුඩුකළ හිස දැරීම 

3.    සංඝ සමාජයට ඇතුලත් නිසා දානය ලැබීමට සුදුසුවිම 

4.   ත්‍රිවිධ රත්නය සරණ යන බැවින් දානය ලැබීමට සුදුසුවිම

5.   වීර්ය වැදීමට සුදුසු ශුන්‍යාගාර සේවනය කරන බැවින් දානය ලැබීමට
      සුදුසුවිම

6.   සර්වඥතාවය නම්වූ ශ්‍රේෂ්ට ධනය සොයන බැවින් දානය ලැබීමට
      සුදුසුවිම

7.   ධර්මානුරුපිය හැසිරෙන බැවින් දානය ලැබීමට සුදුසුවිම

8.   බුදුන් වහන්සේ තුන් ලොවටම අග්‍ර යයි දෙසන බැවින් දානය ලැබීමට
      සුදුසුවිම

9.   සද්ධර්මය දේශනා කරන බැවින් දානය ලැබීමට සුදුසුවිම

10. නව උපොසතය නොකඩවා සමාදන් වීමෙන්  බැවින් දානය ලැබීමට
      සුදුසුවිම

අතිරේක කරුණු 10

1.     බුදුන්වහන්සේ කෙරෙහි ගෞරවයක් දක්වයි 

2.     ධර්මය කෙරෙහි ගෞරවයක් දක්වයි 

3.     තමන් හා සමාන සංඝයා කෙරෙහි ගෞරවයක් දක්වයි 

4.     ඇවත් උදෙසා සිල්වත් වීමට වෙර දරයි 

5.     දුසිල්වත් උවත් පිරිස මැදට ගිය විට තමන් භික්ෂුවක් යන හැඟීමෙන්
        මනා ලෙස තම හිත සංවර කර ගනී 

6.     දුසිල්වත් උවත් පිරිස මැදට ගිය විට තමන් භික්ෂුවක් යන හැඟීමෙන්
        මනා ලෙස තම කය  සංවර කර ගනී  

7.     දුසිල්වත් උවත් පිරිස මැදට ගිය විට තමන් භික්ෂුවක් යන හැඟීමෙන්
        මනා ලෙස තම වචනය  සංවර කර ගනී 

8.     ඔහුගේ හිත භාවනාභිමුඛවේ.

9.    පව් කලත් ඒවා එළිපිට නොකරයි  

10.   ගර්හා බයින් (ලජ්ජා බයින් යුක්තවේ. )

මෙම කාරනා නිසා යම් අයෙක් ශ්‍රමනයන් වහන්සේ නමක් දුසිල්වත්විම එම භික්ෂුන් වහන්සේට බලපාන කරුණක් මිස එම භික්ෂුන් වහන්සේට ගර්හා කිරීමට අපට ලැබුණු බලපත්‍රයක් නොවේ. තමන්ගේ දුසිල්වත්වීම තුලින් තමන්ට අහිතකර බලපෑම් ඇතිවන කර්ම රැස්  කර ගැනීමට එම දුසිල්වත් භික්ෂුන් වහන්සේ කටයුතු කරන අතර, අපත් එවැන්නන්ට ගරහා අපට අහිතකර බලපෑම් ඇතිවන කර්ම රැස්  කර ගැනීමට කටයුතු කරගත යුතුද?


  


   







භික්ෂුන් වහන්සේලාට දොස් කියන අය කොටියාම කාපිය


භික්ෂුන් වහන්සේලාට දොස් කියන අය කොටියාම කාපිය ......



අද වනවිට අන්තර්ජාලය තුල භික්ෂුන් වහන්සේලාට දොස් පවරන, අපහාස උපහාස කරන අය පිරිලා ඉන්න  blogs විශාල ප්‍රමාණයක් ඇත. මට වැටහෙන අන්දමට මේ අයවලුන්ට බුදු සසුනට අපහාස කිරීමට මුලිකවූ විවිධ පරමාර්ථ තිබේ. මොවුන්ගෙන්  සමහර අය එසේ කරන්නේ ත්‍රිල් එකක් ගැනීමටය නැත්නම් සතුටක් ලබා ගැනීමටය. ඔවුන් එසේ අපහාස කරන්නේ    අන්තර්ජාලයේ පාඨකයන් අතර තම blog එක ජනප්‍රිය කරගැනීමේ මගක් ලෙසට එම අපහාස යොදා ගැනීමෙන්ය. තවත් සමහර අය ලිපියක් ලියන විට එහි මුලික හරය ඉස්මතු කරලීමට උපකරණයක් ලෙසඅරුතක් ඇතිව හෝ නැතිව  බුදු සසුනට අපහාස කරන වැකි පුරුද්දක් ලෙසටම ඇතුලත් කරති. සමහරු පවසන අන්දමට ඔවුන් නිර්-ආගමිකයෝය.එහෙත් සිරිතක් ලෙසින්ම බුදුන් වහන්සේට සහ බුදු සසුනට අපහාස කරන ලිපි පල කරතත් අන් ආගම් කුමනාකාරක  හෝ මතයන් ඉදිරිපත් නොකරති. තවත් සමහර අයට   තම දේශපාලන සහ ආගමික මතවාදයන් බාධාවකින් තොරව මෙරට තුල ව්‍යාප්ත  කිරීමට ඇති ප්‍රධාන බාධාව ලෙසින් පෙනෙන්නේ බුදු දහම නිසා හික්මුණු ජන වීඥානය භික්ෂුන් වහන්සේලා සහ උන්වහන්සේලාගේ චර්යාවන්ය.  එබැවින් මෙරට ජනයාගේ ජනවිඥානය තුල බුදු සසුනට (භික්ෂු, භික්ෂුනි, උපාසක, උපාසිකා) ඇති ප්‍රමුඛස්ථානයට  හානි කිරීම තරම් ඔවුන්ගේ සිත් ගත්  අන් යමක් නොමැත. සාමාන්‍ය බෞධයන් අබෞධයන් නැතහොත් අන්යාගමිකයන්  කිරීමට නොයෙක් අන්දමට  කටයුතු කරන ඔවුන් බෞධයන් අබෞධයන් කිරීමට තමන්ට  නොහැකි නම් අඩු තරමේ ඔවුන් නරක බෞධයන් කිරීමට හෝ අඛණ්ඩවම ප්‍රයත්න දරති.අද වන විට මෙම මුළු මහත් අපහාසාත්මක ක්‍රියාවලියේ නරක ප්‍රතිඵල එනම් සංඝ සාසනයේ රැඳී සිටින භික්ෂුන් වහන්සේලාගේ අඩුවීම නිසා ලංකික ජනසමාජයට ඇතිවී තිබෙන අයහපත් ප්‍රතිඵල  අපි අත්විඳිමින් සිටිමු.

 මා මෑතකදී අත්විඳි එවැනි  අත්දැකීමක් මෙම ලිපිය සම්පාදනය කිරීමට පාදක කරගන්නේ එම අත්දැකීම ඔබටත් සමීප බවක් ඇතැයි සිතාය. 
  
වසර 35කට  පෙර අපගේ මෑණියෝ මිය පරලොව ගියහ. එතැන් පටන් සිරිතක් ලෙසින්ම සැම වසරකම ජුලි මස 3 දින  දියණියන්  දෙදෙනෙක් සහ පුතුන් 6දෙනෙකු ගෙන් සමන්විතවූ අප පවුලේ සාමාජිකයන් (මා වැඩිමලාය) විසින් එතුමිය සමරා එදින සවසට බන හෝ වරු පිරිතක්  කියා පසු දින සංඝයා වහන්සේලාට දානය දීම කළෙමු. 1983 වසරට නියමිතවූ මෙම වාර්ෂික දානමය  පින් කමට ගමේ නිවසට පැමිණි එක සොහොයුරෙක් හදිසි අනතුරකින් අභාවයට පත්විය. ඉන්පසු  මියගිය මව සහ අකලට මියගිය  සොහොයුරා සිහිපත් කර මෙම පිංකම වාර්ශිකව ජුලි මස 3 දින  පැවැත්වීමු. 1996 වසරේදී අපගේ පිය තුමාද පරලෝ සැපත් වුයෙන් මියගිය මේ තිදෙනාම සමරා අඛණ්ඩවම වසරේ ජුලි මස 3 දින දන් දීම් කළෙමු. දෙමාපියන් විසින් ඉතා දැඩි දුක් විඳිමින් අප අට දෙනාම මැනවින් ඇති දැඩි කළහ.මහත් කැප කිරීම් කරමින් සියලුම දෙනාට අධ්‍යාපනය ලබා දුන්හ.ඔවුන්ට දිය හැකි ඉහලම සැප සම්පත් මෙන්ම ආදරයද අපට ලබා දුන්නෝය. එහි ප්‍රතිඵලක් වශෙයෙන් අප සියලු දෙනාම(අකලට මියගිය  සොහොයුරා හැර) අද දින වන විට සතුටුදායක ජිවන තත්ත්වයන්  භුක්ති විඳිමින් සිටිමු. දෙමාපියන්  සතු සියලුම ඉඩකඩම් මෙන්ම චංචල දේපලද පියාණන් විසින් අප සියල්ලන්ටම සමානව බෙදා දුන්හ. අපට කල මෙම උපකාර වලට ප්‍රතිඋපකාර කිරීමට අද අප කිසිවෙකුට නොහැක්කේ දැනට මව්පියන්  දෙදෙනා ජිවතුන් අතර නැති නිසාය.එබැවින් වාර්ෂිකව ඔවුන් සමරා දන්දී පින් පැමිණවීම හැර අප වෙන කුමක් කරන්නද?  මේ වන විට අප සියලු දෙනාම විවාහවී   ඇති නිසා අප කුඩා කාලයේදී පදිංචිවී සිටි මුල් ගෙදර නොව වර්තමානයේදී අප එක් එක් අයවලුන් පදිංචිව සිටින  ගෙවල් වලදී  මෙම පිංකම කළෙමු. සියලු නෑදෑයන්ටද  ඇරයුම් කළෙමු.මෙසේ මියගිය ඥාතින් සමරා අඛණ්ඩවම දන්දී  පින් පැමිණවීම ගැන පවූලට බැඳෙන නව සාමාජිකයන්ට සහ ළමා ළපටින්ට ආදර්ශයක් දුනිමු.    මෙම පිංකම  ක්‍රම  ක්‍රමයෙන් අපගේ නැදෑයන් මුණගැසීම සිදුවන වාර්ෂික  දිනය බවටද  පත්විය. මෙදින අඩුවැඩි වශයෙන් 200 කට අධික නෑදෑයන් සහ  හිත මිතුරන් පිරිසකගේ සහභාගිත්වයක් සිදුවේ.ගමේ පදිංචිව සිටින නෑදෑයන් වයසින්,වත්පොහොසත් කමින්,උගත් කමින් එකිනෙකාට අඩුවැඩි වශයෙන් වෙනස් උවත් ඔවුන් සියලුම දෙනා සතු එකම එක  සමාන කමක් ඇත.ඒ  නෑදෑකමය. එමනෑදෑකමේ සුහදතාවය අඩුවක් නොමැතිවම ඔවුන් අපට පිදුහ.

  සිරිතක් ලෙසින්  අදාළ  වසරේදී වැඩි ආර්ථික හැකියාවක් ඇති සමාජිකයා   තම කැමැත්තෙන්ම මෙම  දානයට මුලික වන අතර අනෙක් අය තමන්ට පුළු පුළුවන් ලෙස ඊට සහාය වේති. මේ කටයුත්තේදී කිසිම දිනෙක පංගු පේරුවක් හෝ එකිනෙකාට කටයුතු බෙදීමක්  සිදුවූවේ නැත. මා ඇතුළු නංගිලා දෙදෙනා අඛණ්ඩවම මෙම දානයට සහභාගිවූ අතර සමහර වර්ෂ  වලදී සමහර සහෝදරවරු සහභාගී නොවුහ.

පන්සල සහ අපේ පරම්පරාව සමග පවතින යහපත් සම්බන්ධතාවය නිසා අපේ ගෙදර පැවතී ආගමික කටයුතු වලදී කවදත් භික්ෂුන් වහන්සේලාගේ සහභාගිත්වයේ  අඩුවක් දක්නට නොවිය.කොලඹ පළාතේ මෙන් එක ගමක් පන්සල් කීපයක්ම පිහිටියත් අපේ ගම පළාතේ එක ගමකට ඇත්තේ එක් පන්සලක් පමණි. අපේ ගෙදර පැවති  අවමගුල් උත්සව 3 දීම බොහෝ භික්ෂුන් වහන්සේලා පිරිසක් ඊට සහභාගී වුහ.  ගමේ පන්සලේ අධිපතිත්වයට ළඟ තිබෙන ගම දෙකක පිහිටි පන්සල් දෙකක් සහ දුර ප්‍රදේශයන්හි පිහිටි පන්සල් තුනක් අයිතිය. එබැවින් වාර්ෂිකව සිදු කරන  දානමාන  වලදීද ආරාධනා කල ප්‍රමාණයට වඩා වැඩියෙන් කිහිප නමක්  දානයට වැඩමවීම සාමාන්‍ය සිරිතකි.  අප සාමාන්‍යයෙන් ගමේ පන්සල සමග  මෙන්ම අසපු සමගද යහපත් සබදතා පත්වන බැවින් පසුගිය වසර කිහිපය තුල මෙම දානමය පිංකම කෙරුනේ අසපු තුලය. සිංහලෙන්  ධර්මය පැහැදිලි කිරීමේදී මෙන්ම භික්ෂුන් වහන්සේලාගේ සංවර බවේදීත් අසපු ගමේ පන්සල අබිබවා ගොස් ඇති බව අපට පසක්වූ කරුණ ඊට හේතුව  විය. පෙරදා බන හෝ වරු පිරිතක් කීමේ පුරුද්ද අප නොදැනුවත්වම අපෙන් ඉවත් වූයේ ගෙදරට වැඩමවා  එවැනි බන හෝ වරු පිරිත්  දෙශිමේ සිරිතක් අසපු තුල නැති බැවින්ය. එහෙත් නොකඩවා අසපු තුල දුන් දානයේ කුමක් හෝ ආගන්තුක බවක්  දැනුනු නිසා මෙවර දානය ගමේ පන්සල මුලික කරගෙන  පැවැත් විය යුතු යයි අපි සිතුවෙමු. ලොකු නංගිගේ මුලිකත්වයෙන්  ඇගේ ගෙදරදී හාමුදුරුවරුන් දස නමක් උදෙසා දානය සංවිධානය කළෙමු. දානය දීමට  මෙන්ම පැමිණෙන නෑදෑ හිතවතුන්ට හොඳින් සංග්‍රහ කිරීම වලක්වන  ආර්ථික සහ පරිසර බධාවක්ද නොවිය. වාර්ෂික  දානය සඳහා භික්ෂුන් වහන්සේලා දස නමක් අවශ්‍ය යයි කාලවේලා ඇතිවම නංගි මගින් ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට ආරාධනය කළෙමු. (පෙරදින ගෙදරදී   බන හෝ වරු පිරිතක් කියවීමේ පුරුද්ද අප නොදැනුවත්වම අපෙන් ගිලිහි ගොස් තිබිණ) 

පෙරදින සවස් වරුවේ පටන් අප සියලු දෙනාම පසුදින දහවල් දානය සංවිධානය කිරීමේ කටයුතු වල යෙදුනෙමු. දානය ඉස්තරම් ලෙසින් දීම ගැන තර්ක විතර්ක ඇති නොවුන නිසා  ප්‍රධාන අඩුපාඩු කිසිවක් නොවිය. සුළු සුළු අඩුපාඩු තිබේදැයි සොයමින් ඒවාට පිළියම් යෙදීම  සහ සහෝදර සහෝදරියන් විසින් දානයට ගෙනා බඩුබාහිරාදිය පිරික්සීම සහ අගය කිරීම වැඩිහිටියන් ඇති කෙරුණු අතර    පව්ලේ කුඩා සාමාජිකයන්ට නම්  එදින  වැඩිහිටියන් මගින් සාමාන්‍යයෙන් සිදුවන   දෛනික අණදීමේ පාලනයෙන් මිදී  එකිනෙකා  සමග සුහදව   සෙල්ලම් කිරීමට ලැබුණු කදිම අවස්ථාවක් විය. කටයුතු   සියල්ලම එය  සැලසුම් කල අන්දමින්ම යහපත්ව සිදුවෙමින් තිබිණ. ගමේ පන්සලේ භික්ෂුන් වහන්සේලා තුන් නමක් වැඩ සිටි අතර,ගමේ  පන්සලට අයත් යාබද ගම්  දෙකේ පන්සල් දෙ කින්  භික්ෂුන් වහන්සේලා එක නමක්  බැගින් දෙනමක්       වඩම්වමා ගැනීමට සහ නගරයේ ඇති පිරිවවෙනින්  භික්ෂුන් වහන්සේලා පස් නමක්  වඩම්වමා ගැනීමට නියමිතව තිබිණ. අතීතයේදී බිම පැදුරු මත කොට්ට අතුරා වැඩ සිටීමට ආසන සකස් කලත්,වර්තමානයදී බොහෝ භික්ෂුන් වහන්සේලාට දෙපා නමා බිම වාඩිවී සිටීම අපහසු යයි අප දන්නා බැවින් හින්ද ගැනීම සඳහා සුව පහසු ආසන (පුටු)සකස් කළෙමු.   පවුලේ සියලු සාමාජිකයන් සතුව  මෝටර් රථ තිබෙන බැවින් ප්‍රවාහන ගැටලුවක්ද නැත.

ගැටලුව මතුවුයේ දහවල් දනයදා පෙරවරු 10.30 ට පමණය. ඒ දානය සඳහා  පිරිවෙනින් වඩම්වමා ගැනීමට නියමිතවූ භික්ෂුන් වහන්සේලා පස් නම දෙනමක්  දක්වා අඩුවූ බැවින්ය. පන්සලේ ලඟදි උපසම්පදාවූ පොඩි හාමුදුරුවන්ගේ පිරිවෙන් යෑම කඩාකප්පල් වන බැවින් උන්වහන්සේටද දානයට පැමිණීමට නොහැකි යයි දැන්වූ හෙයින් දානය දීම සඳහා සිටින භික්ෂුන් වහන්සේලා ගණන  හය නමක් පමණි. ඒ අය අතරින් උපසමපදා ලාභියෙකුට ඉන්නේ ලොකු හාමුදුරුවෝ පමණි. මෙය අපට මහත් ප්‍රශ්නයක් වුයේ   මෙය මෙතෙක් කලක් එනම් වසර 35ක් තිස්සෙම අප මුහුණ නොදුන් ගැටළුවක් විය. දානය සඳහා වැඩමවන භික්ෂුන් වහන්සේලාගේ අතිරික්තයකට  මිස හිගයකට අප මින් පෙර මුහුණදී නැත. කෙසේ හෝ අඩු තරමින් භික්ෂුන් වහන්සේලා දස නමක්වත්  දානයට ලබා දෙන මෙන් අපි ලොකු හාමුදුරුවන්ගෙන් ඇයදීමු.ඒ හැර මේ අවස්ථාවේදී අප වෙන කුමක් කරන්නද? ඉඳිආප්ප බානවා මෙන් ක්ෂණිකව භික්ෂුන් වහන්සේලා බිහි කල හැකිද?

අපගේ ඉල්ලීම පරිදි ලොකු හාමුදුරුවෝ  මහත් වෙහෙසක් දරා තවත් පන්සල් තුනක් දුරකතනයෙන් සම්බන්ධ කරගනිමින් අතිරේක භික්ෂුන් වහන්සේලා  ලබා ගැනීමට උත්සාහ කළහ. ඒ අනුව මා මගේ මෝටර් රථයෙන් දුරබැහැර ඇති ගම්  තුනක පිහිටි පන්සල් තුනකටම  ගියත් ලැබුනේ එක භික්ෂුන් වහන්සේ නමක් පමණි. උන්වහන්සේත් සිය රෝගී තත්වය නිසා එදින විවේකයෙන් සිටීමට තීරණ කර පන්සලේ වැඩ සිටියද අපේ ලොකු හාමුදුරුවන් වහන්සේගේ වචනයට පිටුපෑමට ඇති අකමැත්ත නිසාම පැමිණීමට තීරණය කල යතිවර  නමක් විය. දැන්  භික්ෂුන් වහන්සේලා දස නමක් සඳහා ආරාධනය කල දානය සඳහා වැඩ  සිටින්නේ භික්ෂුන් වහන්සේලා අට නමක් පමණි. කෙසේ හෝ දානමය කරුණු අවසන් විය.

දහවල් දානයෙන් පසු සියල්ලෝම සාකච්චා කලේ දානයට වැඩමවූ භික්ෂුන් වහන්සේලාගේ ගණන අඩුවීමය.මෙම සාකච්චාවට ලොකු හාමුදුරුවන්ද සම්බන්ධ විය. වර්තමාන ගැටලුව වන්නේ සුසිල්වත් භික්ෂුන් වහන්සේලා සොයා ගැනීම නොව,කුමන හෝ භික්ෂුන් වහන්සේ නමක් දානමාන කටයුතු වෙනුවෙන් යොදා ගැනීම බව ලොකු හාමුදුරුවන් පැහැදිලි කළහ.  ලිපිය දිග වැඩි වන නිසා වරු පිරිත්, සර්ව රාත්‍රික පිරිත්,සමාජයීය කටයුතු, අවමංගල කටයුතු සහ දානමාන කටයුතු වෙනුවෙන් සක්‍රියව සම්බන්ධ වීමට සිටින භික්ෂුන් වහන්සේලාගේ ගණන  වර්තමානයේදී සැලකිය යුතු පරිද්දෙන් අඩුවීම ගැන සාකච්චාවූ සම්පුර්ණ විස්තර නොලියා,එළඹී නිගමන පමණක් දක්වමි.

1. තරුණ භික්ෂුන් වහන්සේලාගේ සිවූරු හැරිම . (2012 වසරේදී පමණක්   
    භික්ෂුන් වහන්සේලා1022ක් සිවුරු හැර ඇත.)

2. වැරදි ආහාර ප්‍රතිපත්තිය එනම් අධික තෙල් සහ අධික පැණිරස ආහාර  
   දානයේදී වැළඳීම නිසා වර්තමානයේදී  වැඩි කොටසක් භික්ෂුන්
   වහන්සේලාගේ ආයු කාලය අවුරුදු 55 සිට 65 දක්වා වීම.

3. අසපුවල වැඩවසන  භික්ෂුන් වහන්සේලා නිවෙස් වලදී සිදු කරන
     දානමාන කටයුතු වලට සම්බන්ධ කර ගැනීමට ඇති අපහසුව.

4.  අලුතින් මහන වන කුල දරුවන්ගේ ගණන සීග්‍රයෙන් අඩුවීම.

5.   වර්තමානයේදී ක්‍රියාත්මක වන පුංචි පවුල රත්තරන් සංකල්පය නිසා
      මහන කිරීමට දරුවන් අඩුවීම  

6 . පන්සලේ තිබෙන දහම් පාසැලේ අධ්‍යාපන කටයුතු අදාළ නොකර
     භික්ෂුන් වහන්සේලා දුර බැහැර නිවෙස් වල දානමය කටයුතු 
     වෙනුවෙන් පන්සලෙන් ඉවතට වැඩමවා ගැනීමට ඇති අපහසුව.

5.  වැඩිහිටි භික්ෂුන් වහන්සේලාගේ රෝගී තත්වය නිසා පන්සලෙන් 
    බැහැරවීමට ඇති අපහසුව  (වැරදි ආහාර ප්‍රතිපත්තිය එනම් අධික
   තෙල් සහ අධික පැණිරස ආහාර  දානයේදී වැළඳීම නිසා ඇතිවූ රෝගී
     තත්වය)

6. වර්තමානයේදී මිනිසුන් වැඩි වැඩියෙන් තම නිවෙස් වලදී කරන
    දානමාන කටයුතුවල අධික තාවය (විශේෂයෙන් සති අන්ත වල)

මේ තත්වය ඉදිරියටත් නොවෙනස්ව පවතින නිසාත්, එය වෙනස් කිරීමට ගිහි සහ පැවිදි සමාජයේ සඵල කතිකාවතක් තවමත් ඇති නොවීම නිසාත් අනාගතයේදී දානයක් දීම සඳහා භික්ෂුන් වහන්සේ නමක් සොයා ගැනීම අභියෝගයක් වනු ඇත.  දානය දීම සඳහා කෙසේ හෝ මුදල් සහ කාලය සොයා ගත හැකි වුවත් භික්ෂුන් වහන්සේලා හිග නම් සාංගික දානය දෙන්නේ කාටද? බොහෝ දෙනා සිතන්නේ දානමාන කිරීමට ඇති එකම බාධාව මුදල් සහ වැය  කිරීමට කාලයක් නැති බවය. නමුත්  මා නම් දැන් සිතන්නේ පුද්ගලිකව වෙහෙසීමෙන් එම ගැටළු මගහරවා ගත හැකි බවය. අනෙක දැන් දීමෙන් ඉන්පසු සදහටම දුප්පත්වූ අයෙක් ගැන මා අසා නැත. මගේ අත්දැකීම නම් දන්දීමෙන් පසු කුමන මාර්ගයකින් හෝ අතේ  වැඩි වැඩියෙන් මුදල් ගැවසෙන බවය. එහෙත් පුද්ගලිකව වෙහෙසීමෙන්  සංඝයා වහන්සේලාගේ ගණන වැඩි කරගත හැකිද? කල හැකි එකම දෙය නම් ගැමියෙක් තරහ ගිය විට තෝ කොටියාම කාපිය කියා දෙස් තියෙන 
 හැවිල්ල සිහියට නගා භික්ෂුන් වහන්සේලාට දොස් කියන අය කොටියාම කාපිය ......කියා කීම පමණි.












      

       

Tuesday, February 19, 2013

සිංහල බුධාගම - 3 කොටස


                                              සිංහල බුධාගම   -      3  කොටස



විජයාගමනයට පෙර තෙවරක් බුදුරජානන් වහන්සේ ලක්දිවට පැමිණ ඇති බැවින්  එතැන් පටන් බෞධාගම ලක්දිව ඇරඹි ඇත.එමෙන්ම තපස්සු භල්ලුක  වෙළඳ සහෝදරයන් දෙදෙනා විසින් බුදු රජුන්ගේ කේෂ ධාතු නිදන් කර හිරිගඩු සැය නිර්මාණය කලේද විජයාගමනයට පෙර දිය. විජය රජුගේ කාලයේ මෙන්ම ඉන් පසුවද විවිධ කාල වකවානු තුලදී  ඉන්දියාවෙන් විවිධ පුද්ගල කණ්ඩායම් ලක්දිවට පැමිණි බව බොහෝ   ජන ප්‍රවාද වලින් පැවසේ. මේ එක් ජන ප්‍රවාදයකට අනුව විජය රජු තම පුතාගේ සුවදුක් සොයා බැලීමට කෝන් යන නමින් යුත්  අමාත්‍ය වරුන් 7 දෙනෙක් සහ පිරිවර ලංකාවට එවූ බවත්,විජය රජු ඔවුන් සියලු දෙනාම ලක්දිව ඒ ඒ ප්‍රදේශ යන්හි පදිංචි කරවූ බවත් පැවසේ. මේ අය අතරින්  සමහර දෙනා අද දක්වාම තම පරම්පරා අනන්‍යතාවය රැක ගනිමින් සිටිති. එසේම විවිධ නම් වලින් යුත් බ්‍රාහ්මණ වංශිකයන්ද මෙහි පැමිණ  පදිංචිවී සිංහල ජාතියට එකතුවී ඇත. සිව් හෙළයන්  හා සිංහ වංශිකයන් එකතුවී සැදුනු, ශාක්‍යන්ගේ ගන පදනම, සහ සමාන අයිතිය  මුලික වරිනාකම  කර ගත්  සිංහල වංශයේ  විවිධ වෘතිකයන් සිටියත්, ඉන්දියාවේ මෙන් ඒ ඒ වෘතින් අනුව සැදුණ  කුල ක්‍රමයක් හෝ කුල ධුරාවලියක් හෝ නොවිය. එසේ වුයේ ගන සමාජය තුල කුල ක්‍රමයක් හෝ කුල ධුරාවලියක් නැති නිසාය. එබැවින්  ඉන්දියාවෙන්  පැමිණ මේ රටේ පදිංචිවූ විවිධ ජන කණ්ඩායම් වලට  ඔවුන් ඉන්දියාවේදී හුරු පුරුදුව සිටි කුල ක්‍රමය මෙහිදී අත්හැරීම හැර වෙන විකල්පයක් නොවිය.  බැවින් සිංහල ජන සමාජය වචනාර්ථයෙන්ම මිශ්‍ර සමාජයක් උවත් එහි ගන සමාජයකට අයත්වූ වටිනාකම් නොනැසී ඉදිරියට පැමිණ  ඇත. එකී වටිනාකම් අතරින් ප්‍රධාන වටිනාකමවුයේ  තීරණ ගැනීමේදී සියලු දෙනාම සමාන අයිතිවාසිකම්, යුතුකම් සහ වගකීම් දරන බවය. එබැවින් තිරණයක පැමිණීමට පෙර එයට පක්ෂ විපක්ෂ සියලු තර්ක ඉදිරිපත් කිරීමට අවහිරයක් නොවිය.  රජු දෙවියන්ගේ නියෝජිතයා වන බ්‍රාහ්මණයන්ගේ උපදෙස් පරිදි රට පාලනය කරන සංකල්පය කිසි දිනෙක මෙරට ක්‍රියාත්මක නොවිය. 

සමානයන් අතරින් එක් අයෙක් රජු වශයෙන් සලකු නිසා පාලනයට අවශ්‍ය අංගයක් ලෙස  රජුට බුහුමන්  දැක්වුවත්, සිංහලයෝ  අවස්ථාවක් පැමිණි වි  රජුට සරදම් කිරීම පුරුද්දක් ලෙස කළහ.   කාවන් තිස්ස ජු  කපුටෙක් මෙන් කළු පැහැ බැවින් එම නම යෙදුනු බවත්,වංක නාථ තිස්ස රජුට එම නම ලැබුනේ නහය වකුටු නිසා බවත්,පවසන ඔවුන් දෙමළුන් සමග යුද නොවැදීම නිසා තම පිය රජු බියගුළුල්ලෙකු  ලෙස සලකා ඔහුට ගැමුණු කුමාරයා විසින්  ස්ත්‍රී පළඳනා යැවීමපිලිබඳව ඇති  කතාව  සිනා සෙමින් කියති.රජුගෙන් අපේක්ෂිත පාලන කාර්යභාරය වෙනුවට රජු වෙනත් දේ වෙනුවෙන් සිය සම්පුර්ණ කාලය කැපකිරීමද වැසියන්ගේ සරදමට ලක්විය.පාලන කටයුතු වලට නියමිත කාලය තුල ඒ වෙනුවට විනෝදය සඳහා කාලය වෙන් කල රජු "සෙල්ලම් නිරිඳු" යනුවෙන් හැඳින්වීමට ඔවුහු පසුබට නොවුහ.පාලකයන්ට  සරදම් කිරීමේ කලාව අද දින දක්වාම සිංහලයන්  අතර ඇත .  සිංහල  සමාජය බුහුමන් දැක්වුයේ රජුට නොව රජ අණටය.රජු පවා රාජ නීතියට යටත් වීම වැසියන් අපේක්ෂා කළහ. රාජසිංහ රජුට දළදා වහන්සේට සවස දෙවතාවක් ගිලන්පස පුජා කරන ලෙස අණ කිරීමට සිදුවුයේ  කලින් තිබු රජ අන අණුව සවස ගිලන්පස පුජාවෙන් පසුව  වැඩසිටින මාලිගාවේ දොර වසමින් සිටි නිලධාරියා ප්‍රමාදවී පැමිණි රජුට දළදා වහන්සේ වැඳීමට නැවත දොර විවුර්ත නොකළ නිසාය.     
වර්තමානයේදී අප රටේ ගන රාජ්‍යක් නැතත්, ගනයක තිබෙන මුලික ලක්ෂණය වණ තමන් ගනය තුල සමානයෙක් බැවින්  තීරණ ගැනීමට පෙර පක්ෂ විපක්ෂ තර්ක ඉදිරිපත් කිරීම සිංහලයන් අතර නිරන්තරයෙන්ම සිදුවේ. ගත්  තිරණයක හොඳ සහ නරක නිරන්තරයෙන් සාකච්චාවේ.එහෙත් අවසාන තීරණය සිංහල සමාජයේ යහ පැවැත්මට ආධාරකයක් විය යුතු යයි සිංහල ජන විඥාණය කියයි. මෙම සිංහල ජන විඥාණයට එකඟ නොවන පාලකයන් අවස්ථාවක් ලද විටම බැහැර කිරීමට සිංහලයන් අප්‍රමාද වෙති.මෙසේ අවසන් තීරණය ගැනීමට උපස්තම්භක වන්නේ බටහිර ක්‍රමයට අනුව යමක් කැපකිරීමෙන්(compromise) නොවේ. නමුත් ශාක්‍යන්ගෙන් ලැබුන උරුමයක්වූ  ආක්‍රමණශීලි (aggressive)හැසිරීම් රටාවෙනි. අද දක්වාම සිංහල සමාජය තුල ක්‍රියාත්මක වන මෙම  තීරණ ගැනීමේ මෙම වැදගත් ලක්ෂණය අනෙක් ජාතින්  අතර අඩු වැඩි වශයෙන් දක්නට නැත.
 වර්තමානයේදී අප රටේ ගන රාජ්‍යක් නැතත්, ගනයක තිබෙන මුලික ලක්ෂණය දක්නට ඇත්තේ සංඝ සමාජය තුලය. මෙම ගනයේ තිබු සාකච්චා (පොහොයකිරීමේ සිරිත ) කිරීමේ සිරිත මෑත කාලයේ  සිට  ක්‍රමයෙන් අඩු වෙමින් යන බව පෙනේ. තවද බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වාදුන් විහාරාධිපති ක්‍රමය නිසා දේපල පොදුවේ (සාංගිකව)  පරිහරණය කිරීමවෙනුවට පෞද්ගලිකව  දේපල පරිහරණය වැඩිවී ඇත.   
  
පණ්ඩුකාභය රජ තුමාගෙන් ඇරඹෙන සිංහල ජාතියට බුධාගමේ පහන් සිලුවේ ආලෝකය දැල්වේන්නේ දේවානම් පිය තිස්ස රජුන්ගේ කාලයේය. 

Sunday, February 10, 2013

සිංහල බුද්ධාගම 2 කොටස

                                               

                                                         සිංහල බුද්ධාගම   2 කොටස 


ගනයක (සමුහාණ්ඩුවේ මුලික ඒකකයක) ඇති වටිනාකම් ඉතා රසවත්ය. වැදගත් ගුණාංගය වන්නේ ගණය තුල සියලු තීරණ ගන්නේ වැඩි දෙනාගේ  කැමැත්තෙන් නොව පුර්ණ එකඟතාවයෙන්ය. එසේ පුර්ණ එකඟ එකඟතාවයට පැමිණෙන්නේ ගනය තුල කෙරෙන නිදහස් අදහස් හුවමාරුවෙන්ය. විවිධ රාජකාරි වල යෙදුනත් සෑම සාමාජිකයාටම සම තැනක් ගණය තුල ලැබේ. ගනය තුල එකඟවූ මතය ගන නායකයා විසින් ගන එකතුවට ඉදිරිපත් කරනු ලැබේ. ගන එකතුවද ගන්නේ ඉහත විස්තර වන පරිදි සාකච්චාවෙන් අනතුරුව, ඒකමතිකව තිරනයවූ පොදු තීරණයයි. වැදගත් කරුණ සාකච්චවලදී විරුද්ධ මත පල කල අයද පොදු තීරණය ප්‍රශ්න කිරීමකින් තොරව කැපවීමෙන් යුක්තව ක්‍රියාත්මක කිරීමය. 

එය අද අප දන්නා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට සහ එම ප්‍රජාතන්ත්‍රවාදය ඇතැයි කියන රජයන්ට වඩා වෙනස්ය. බුදුන් වහන්සේගේ කාලයේ තිබු වජ්ජි,ලිච්චවී,ආදී ගන රාජ්‍යන් සහ අජාසත් කුමරුගේ මගධ රාජ්‍ය අතර පැවති යුධය පසුබිම් කර, "සිංහ සේනාපති" නමින් රාහුල සංස්කෘත්‍යාන පඬි වරයා ලියු සිංහල නවකථා පොතක් ඇත.උනන්දුවක් දක්වන්නෙකුට එය කියවීමෙන්,අද ලොව තුල දක්නට නොමැති, එහෙත් එකල තිබු ගනයක සහ ගන එකතුවක (සමුහාන්ඩුවක) චිත්‍රයක් මවා ගත හැකියයි සිතමි. 
 පණ්ඩුකාභය රජු ශාක්‍යයන්ගේ ගන පාලන ක්‍රමය  අනුගමනය කිරීමට කැමති උවත් එතුමාට තිබු මුලික බාධාව වුයේ ලක්දිව  සිටියේ  එකම ගෝත්‍රයක ජනතාවක් නොව සමාන අයිතිවාසිකම් ඇති ගෝත්‍ර 4ක ජනතාවක් වීමය.එබැවින් එතුමා යක්ෂ, නාග,දේව, අසුර යන ස්වදේශීය ගෝත්‍ර 4ට ඉන්දියාවන් පැමිණි සිංහ ගෝත්‍රිකයන්ගෙන් පැවත එන්නන් එකතු  කරමින්,එහෙත් ගණ වටිනාකම් ආරක්ෂා  කරමින් සිංහල ජාතිය ආරම්භ කළේය. මුළු රටම එකම රාජ්‍යක් වශයෙන් සලකා පාලනය නොකර,රට පුරා පාලනය විමධ්‍ය ගතවූ  නගර සහ ග්‍රාම රාජ්‍ය සංකල්පය බිහි කලේය. රජු නොව රජ අණ බලවත් කළේය.   

Friday, February 8, 2013

සිංහල බුද්ධාගම - 1 කොටස

                                                     සිංහල බුද්ධාගම - 1 කොටස 


සිංහල ජාතියේ ආරම්භය ගැන ගුරුකුල දෙකක මත දෙකක්  ඇත. පළමු මතය වන්නේ විජය කුමාරයා සිහල ජාතියේ ආරම්භකයා බවය. මෙම මතය පිළිගන්නා මහාවං  කර්තෘ මහානාම තෙරුන් මහ  වහන්සේ  කියන්නේ   දාමරික කම් නිසා තම පියා විසින් රටින් පිටුවහල් කල විජය කුමාරයන් සිංහ දේශයේ සිට ලක්දිවට පැමිණෙන අවස්ථාවේදී, බුදු රජානන් වහන්සේ, අනාගත බුදු සසුන ස්ථිරව පිහිටන්නේ ලක්දිව බව දැන,  විජය  ඇතුළු පිරිස ආරක්ෂා කිරීමට සක්‍ර දෙවියන්ට පැවරු බවත්, සක් දෙවියන්ගේ අනින් එතැන් පටන්  විෂ්ණු දෙවියන් ලක්දිව සහ බුදු සසුන ආරක්ෂා කරන බවය.  සිංහ දේශයේ සිට ලක්දිවට පැමිණි මෙම විජය කුමාරයා ඇතුළු පිරිස මෙහි සිට කුවේණි ඇතුළු දේශීය පිරිස සමග මිශ්‍ර වීමෙන් සිංහල ජාතිය ඇරඹුණ බව මෙම මතය තවදුරත් පවසයි. 

සිංහල ජාතියේ ආරම්භය ගැන ඇති දෙවන මතය වන්නේ විජය කුමාරයා  ඇතුළු පිරිසෙන් පැවත එන්නන්  රාක්ෂ ජන්මයට උරුමකම්  කියන පණ්ඩුකාභය කුමාරයා විසින් සමුලඝාතනය කර, ඉතිරිවූ සිංහ පිරිස ඔවුන්ගේ කැමැත්තෙන්, දියිනේ ජීවත්වූ පැරණි ජාතින්වූ යක්ෂ, නාග, දේව, ඇසුර යන සිව් හෙළයන්  සමග මිශ්‍ර කිරීමෙන් පසුව සිංහල ජාතිය ආරම්භවූ බවය.

මේ කුමන මතය පිළිගත්තත් වැදගත් කරුණ වන්නේ විජය කුමාරයා මෙන්ම පණ්ඩුකාභය කුමාරයාද  තම අභිෂේකයන් සඳහා  ශාක්‍ය වංශික කුමාරිකාවන් අග බිසව ලෙස තෝරාගත් බවය.සින්හලයෝ මුල පටන්ම ශාක්‍ය වංශය සමග නෑදෑ සබඳකම් පැවැත්වීමට මෙන්ම ශාක්‍යයන් අනුගමනය කරමින් තම පාලන ව්‍යුහය සකස් කර ගැනීමට රුචියක් දැක්වූ බැවින් ශාක්‍ය වංශය ගැන හැදෑරීම තුලින් සිංහල වංශය ගැන නිවැරදි අවබෝධයක් ලබා ගත හැක.

ශාක්‍ය වංශය හැදෑරීමට පෙර එකල ඉන්දියාවේ පැවති පාලන ක්‍රම ගැන දැනීමක් ලැබීම අවශය වේ. පළමු ක්‍රමය රාජාණ්ඩුය. බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය,වෛශ්‍ය,ශුද්‍ර යන  කුල එය තුල විය. උදාහරණ කොසොල් නුවර මුලික කල මගධ රාජ්‍යවේ. දෙවැනි ක්‍රමය ගන (සමුහාණ්ඩු) රාජ්‍යයන්ය. එය තුල කුල ක්‍රමය නොතිබුණි.එකම ගෝත්‍රයක් පමණක් පාලනට සම්බන්ධ වුහ. සියල්ලෝම ක්‍ෂත්‍රියෝය.ඔවුන් ගන (සමුහය) වශයෙන් පාලනයට සම්බන්ධ වුහ.(ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ යන සංකල්පය මේ අනුව බිහිවිය)  ගන සමුහයේ ප්‍රධානියා රජු ලෙස සැලකේ.  අදාළ ගෝත්‍රයට ඇතුලත් නොවන්නන්ට ගන රාජ්‍ය තුල ජිවත් විය  හැකි උවත් ඔවුන්ට පාලනයට සම්බන්ධ විය  නොහැක. රට වැසියා සහ පුර වැසියා අතර වෙනස දැක්වෙන සංකල්පය ඇතිවෙන්නේ එතැනෙනි. ගන රාජ්‍ය වලට උදාහරණ ලෙස ශාක්‍ය, කෝලිය,ලිච්චවී රාජ්‍ය දක්විය හැක. ශාක්‍ය වංශයේ අග්‍ර ඵලය බුදුරජානන් වහන්සේය. බුදු රජුන්ගේ අපරිමත කරුණාව, දයාව ප්‍රඥාව ගැන අවිවාදිත උවත් සියලුම ශාක්‍ය වංශිකයෝ  එසේ  නොවෙත්. 

ඔවුන් ස්වභාවයෙන්ම බොරු නොකියන්නෝය. එහෙත්  මාන්නක්කාරයෝය.නිර්භිතය. ගල්ලෙන් යුගයේදී ආදී ශාක්‍යයන් වනයේ සිටි නිර්භිතම සතාවූ සිංහයා තම ලාංචනය ලෙස  තම ලෙනේ ඇන්ඳාහ. ලේ විවාහ මගින් අපිරිසිදු විමට අකමැත්තෝය. ලේ අපිසිරිදු වීමට බියෙන් සහෝදර සහෝදරියන් අතර  විවාහ වුහ.  කෘර ගති ඇත්තෝය. අන් ජනයා සමග ගැටලු ඇතිවූ විට පළමුව ඔවුන්ට පහරදී සතුරන් විනාශ කිරිමේ කලාව ප්‍රගුණ කල අය වුහ. මෙම අනුකම්පා විරහිත සටන් කලාවම අවසානයේදී විරුඩභ කුමරු සමග කල සටනින් පැරදුන පසු  ශාක්‍ය වංශයේ විනාශයටද හේතු විය. 




Wednesday, February 6, 2013

සිංහල බුධාගම හැඳින්වීම 2 ට ලැබුණු ප්‍රතිචාරයක්


මවිසින් ලියු සිංහල බුධාගම හැඳින්විම 2ට  පාතකයෙකුගෙන් ලැබුණු ප්‍රතිචාරයක් කිසිදු සංස්කරණයකින් තොරවම මෙම පිටුවෙන් පල කරමි. මෙහි එක පදයකට පමණක් මා එකඟ වන්නේ නැත. ඒ අප රට තුල පවතින්නේ "බහු වාර්ගික සමාජයක්" යන පදය ටය . සිංහල සමාජය යනු වචනාර්ථයෙන්ම බහු වාර්ගික සමාජයකි.(මගේ ඉදිරි ලිපියෙන් එය ඉදිරිපත් කරමි.) 



සංස්කාරක වෙත ,

පහත කරන මගින් පෙන්වා දීමට උත්සහ ගත්තේ නිර්මල  බුද්ධ සාශනය සුරැකීමට කේප වී ඇති අප ගරු තර මහා සන්ගරත්නයටත් උතුම් නිර්මල ශාන්ත ප්රිවිතුරු බුද්ධ ධර්ශනයටත් එල්ල වී ඇති දුර්මත කිහිපයක් පිළිබඳව සේකවින් විග්රහහ කිරීමටය්. මේ සඳහා ආදී තලම වැටුනේ ඔබගේ සිංහල බුද්ධාගම 2 කොටස කියවීමෙන් අනතුරුවය් මුලින්ම මෙය commentඑකක් ලෙස පල කිරීමට සිතුවද ලිපිය දිග වැඩි වීම හේතුවෙන් එය සුදුසු නොවන බව හැඟුනි. හැකි නම් මෙය ලිපියක් ලෙස පලකරන ලෙස සාශන ආලයෙන් ඉල්ලා සිටිමි .


                                              අගනා කාලෝචිත මාතෘකාවක්.

බෞද්ධ සමාජයීය සංශෝධනය වෙනුවෙන් කෙරෙන මෙවැනි කතිකාවත් ඉතාමත් අගේ කලයුතුය්. තවද කිවයුතු කරුණක් එත සිංහල බෞද්ධ භික්ෂුවට වර්තමානයේ මෙවැනි අක්රෝයෂ පරිභව නින්දා අපහාස විදින්නට සිදුව ඇත්තේ උන්වහන්සේලා තුල ඇති පරාර්ථකාමී ජාති හිතය්ශී හෙගීම් නිසාවෙනි. සත්වය කෙරෙහි උපන් මහා කරුණාවෙන් මෙලොව පහල වූ බුදූරජාණන් වහන්සේ සාශනය ස්ථාපිත කොට කුල දරුවන් පැවිදි කරවුයේ  සත්වයාගේ සසර ගමන එතර වීමට ලෝකෝත්තර මාර්ගය වඩා පහසු බැවිනුත් සාශනයේ  චිරස්ථිතිය උදෙසා උන්වහන්සේලාගෙන් සිදුවන අමිල සේවයත් උදෙසවෙනි. එසේ "චරත භික්කවේ චරිකන් බහු ජන හිතය බහු ජන සුකාය ,ලොකානුකම්පය අත්තාය,හිතාය සුඛාය දේවමනුස්සානං " යනුවෙන් වදාල  දර්ශනය අනුව යමින් සිය අධ්යා ත්මයත් ගිහි ලෞකික සංවර්ධනයත් ඇති කරමින් චිරාත් කාලයක්  සැරියුත් ,මුගලන් , ,ආනන්ද ,රාහුල මහා රහත් පරම පරවෙන්  එකම දම් වේලක පුරුක්සේ බැඳෙමින් ආ පිවිතුරු සාශන පරම්පරාව වර්තමානය දක්වාම එසේමය . නමුත් උන්වහන්සේලාගේ මේ මෙහවරට වත්මනේ ඇතිවී ඇති ඉරණම තරමක් කණගාටු දායකය. මහමෙර වන සඟ ගුණ නොදත් අප බහුතර බෞද්ධ සමාජයම සිය මුවින්ම උන්වහන්සේලාට අක්රෝුෂ කිරීමට පෙලෙබී සිටි. වෙරදී ඇත දෝෂද ඇත නමුත් ගිහි අප උන්වහසේලා එසේ අසරණ කොරොත් කවරෙක්නම් මේ සාශනය රකිත් දතත්වය කෙසේ වුවත් මේ සඟ පුරුක් අප සමාජයට ආශීර්වාදයකි ඔවුන් නෙත්නම් බුද්ධ සාශනයක්  නෙත පන්දහසක් කල් තිය එක මසක් හෝ මෙය පවත්නේ නොවේ. එය සියල්ලන් විසින් සිතට ගතයුතු මනාය .


බෞද්ධ බික්ෂුන්ට වර්තමානයේ මිස දුටුවන්ගේන් (මිට සමහර බෞද්ධයන්ද ඇතුලත්වේ ) එල්ල වී ඇති විවිද චෝදනා:-

1. උන්වහන්සේලාගේ ප්ර ධාන කාර්ය නිවන් දැකීම වුවත් ඉතා අවිහිංසක ප්ර තිපදවක් තිබිය යුතු වුවත් වර්තමානයේ ඔවුන් ගිහියන් උසි ගන්නනා ආගම බෙද පතුරන ප්රඉචණ්ඩ කාරී පිරිසක් ලෙස හැඳින්වීම.

2. සියල්ල අත් හෙරිය යුතු පිරිසක් වුවත් විහාරාරාම වලටම කොටුවී ඒවා බදාගෙන සිටින පිරිසක් වීම.

3. මුදල් පරිහරණය අකැප වුවත් මුදල් බවිත කිරීම .

4. ප්රලධාන අරමුණ නිවන් දැකීම වුවත් වර්තමානයේ එවැනිඋත්තමයන   නොසිටීම .

5. දේශපාලන පක්ෂ වෙනුවෙන් පෙනීසිටීම 
.
6. ස්වාමින්වහන්සේලා වෙඩි දුර අධ්යා පනය ලැබීම.

7. උන්වහන්සේලා නවීන තාක්ෂනයට අනුගත වීම  ................................... ආදී විවිද චෝදනා වලට ලක්වී ඇත  .

මදක් විමසා බලමු මේවා චෝදනා නොව සාශන මාමක ගිහියන් වශයෙන් සිදුකල යුතු යෝජනා ලෙස සලකමු.  අරම්බයදී මා කිවූ ආකාරයට උන්වහන්සේලාට මෙවැනි වූ පරිභව වලට ලක් වීමට සිදු වුයේ උන්වහන්සේලා තුල ඇති පරාර්ථ කමි බව නිසාය.

මක් නිසාද යත් අනුබුදු මිහිඳු හිමියන් ලක්දිවට බුදු දහම රේගන ඒමත් සමගම ඉතාමත් සාමකාමී සුහද ශීලි ආචාරශීලි සිංහලයන් බුදු දහමේ ඇති හරයත් එහි ඇති වටිනාකමත් තේරුම් ගනිමින් මනාකොට බුද්ධාගම වෙළඳ ගත්හ ,මුළු ලක්දිවම එකම බෞද්ධ රජයක් බවට පත්වුහ ලක්දිව රහතුන්ගෙන් පිරිගියහ සැදැහැතියන්ට පින්කිරීමට හෙළ බිම පින්කෙතක් විය. මෙය මෙසේ විවිද බාදක මේද  තවත් අවුරුදු 1800ක් තරම් කල් දිව ආහ ලක් බිමටත් සම් බුද්ධ සාෂනයටත් එල්ල වූ බාදක ඉදිරියේ සටන් කිරීමට නොපසුබට රජවරුඅමාත්ය වරු සේදහතියන් ගහන විය . නමුත් බටහිර ආක්රමණ සමග මේ සියල්ල වෙනස් වීමට පටන් ගත්හ. අනෙකුත් ජාතීන් මෙන් නොව ඔවුන් කෙලින්ම පහර නොදී ප්රමථමයෙන් සිංහලයන්ගේ සමාජ සිරිත්විරිත්  පිරිහීමට ලක් කොට හෙළය පස් පවට බය නෙති ජාතියක් ලෙස ආක්රමණය කළහ . ජාතියට සිදු වන මෙම සමාජ ඛාදනය දුටු බෞද්ධ භික්ෂුන් වහන්සේලා සිංහලය නිදාගෙන ඇතිසේය මොවුන් ජාතියට මේ එල්ලවන විනාශය නොදකින සේයය් කරුනහරිතව සියලු බාදක ඉදිරියේ නොසේලුනු සිංහලයා මේ කුටෝප්ර්ක්රම ඉදිරියේ හසුවී අතය් දෙක වහා වහා ඔවුන්ගේ දෑස් පැදීමට කටයුතු කළහ තමාගේ අධ්යාේත්මික සංවර්ධනය මදක් පසෙකලා සිංහල දේශයට සිදුවන විනාශය නෙවත්වීමට කටයුතු කළහ එයය් පරාර්ථකාමී බවනමුත් පර සුද්දන් මෙය තවතවත් සංකීර්ණ කරමින් ලේ වගුරුවමින් විනාශ කළහ ස්වාමින් වහන්සේලා ගම නියම්ගම් සරි සරමින් හෙළයන් දිරිමත් කළහ සම්දුද්ධ සාෂණය රේක ගත යුතු බවත් සිංහල දේශය  රෙකිය යුතු බවත් කීහ හෙළයා මින් ප්රා,ණවත් වුහ කකියන ලෙයින් යුද වන්හ. මෙසේ බික්ෂුන් රට වෙනුවෙන් අසාදාරනය වෙනුවෙන් සිංහලය අවදි කිරීම අරඹ විය ගිහියන්ද එය බික්ෂුන්ට අදාල කාර්යයක් ලෙස සෙලකුහ ,මෙය අදටත් එසේම වලංගු වේ මන්දයත් අදටත් බික්ෂුන් වහන්සේ නමක් මදක් ඉදිරියට පැමිණ හෙලයිනි තොප මෙසේ කරව්  යය් කිව්වොත් එය හොඳ හෝ නරක හෝ එක පයින්ම කිරීමට බෞද්ධයන පෙලබෙන බැවිනි උන්වහන්සේලාට සමාජය තුල පහසුවෙන් ස්ව මතයන් පැතිරවිය හැක .

බික්ෂුන් වහන්සේලාගේ වගකීමනම් මෙය යහපත වෙනුවෙන් අර්ථ දක්වන ලෙසය් මෙයය් ගිහියකු වශයෙන් මාගේ ප්රලථම යෝජනාව මෙයය් . මන්දයත් ,සම්බුද්ධ සාශනය  වෙනුවෙන් පන පිදීමට ඉදිරිපත් වන හොඳ සිංහලයන් අදටත් අප අතර ඇත . නමුත් මෙයම වෙරදියට අර්ථකථනය කරන යම් යම් පිරිස් උන්වහන්සේලා ප්ර චණ්ඩ බවට කේ ගසති මේ සඟ පුරුක් අඟලා ඇති සිවුරු වහන්සේලා කහ රෙදි බවට පත් කරති අපහස කරති එහෙත්  නොසැලෙන සිංහලය නොසලේමය .ඔවුන් අපගේ දේශයේ මුර දේවත්වන්ය මෝඩයන්ට මැජික් වුවත් සිංහලයන්ටනම්  රට වෙනුවෙන් නැගීසිටීම හොදින්ම පුරුදුය (සිංහලයන්හට සිංහල දෙස්හෙට සරනය් දළදා සමිදුන්ගේ !).
මා ඉහත සඳහන් කල දෙවැනි කරුණ ,

බුදුන් කල කෝසලබිම්බිසර ආදී මහා රජවරුන්ද අනේපිඩුසුජාත ආදී මහා සිටුවරුද ඇතුළුව බෞද්ධ ශ්රුද්ධාවතුන් භික්ෂුන් වහන්සේලා පිලිබඳ සොයා බැලුහ ,උන්වහන්සේලාට කිසිම අඩු පාඩුවක් නොවීමට දිවිහිමියෙන් කපවුනහ(මෙවැනි සාධක දඹදිව අනුරාධපුර ,පොලොන්නරුව ආදී ස්ථාන වලින් ඕනෙතරම් සොයාගත හෙක  ) බික්ෂුන් වහන්සේලාට අදාල කාර්ය වුයේ ගිහියන් සමග සාශනික වශයෙන් ඉතාමත් සමීප සම්බන්දත පැවැත්වීමත්සිය අධ්යාටත්මික දියුණුව ලබා ගැනීමට වීර්ය කිරීමත්යන ("අනුත්තරන් පුන්නක්ඛ්ත්තම් " කුසල නෙමැති බිජ වපුරන කෙතය් ). නමුත් පන්සලේ ඉඩම්ටිකද කොල්ල කනප්රේ්තයන්,පිසචයෝ  වීමට පෙරුම් පුරන මිනිස් යක්කු නිසා බෞද්ධයාගේ සාරධර්ම දේපල ඔවුන්ගේ නිජබිම් ක්ෂය වන නිසා සාෂණයට පුජ කල වස්තු ආරක්ෂා කලයුතු නිසා උන්වහන්සේලා මෙය රෙකගනු හේර වෙන කුමක් කල යුතුද?

නිවනට මාර්ගය රැස් කිරීම නොව(කුසල් හැර ) අතහරිමය් එසේ යම් කිසි බික්ෂුවක් වස්තු දේපල වලට ලොබින් සිටීනම් එය උන්වහන්සේගේ සැටියකි දිගු වන්නේ උන්වහන්සේගේ සසරය එසේ නොමැතිව සාෂණය වෙනුවෙන් රකින්නේනම් එහි කිසිදු දොසක් නෙත මන්දයත් මුළු ලක්දිවම අතීත රජ වරු සම්බුද්ද සාෂණය වෙනුවෙන් කේප කර ඇත එසේනම් ඉඩම් අමාත්යංහශයේ ඇති කොළ කෑලි සුද්දන්ට හොඳය අපටනම් මුළු ලක්දිවම බුදධ සාෂණය වෙනුවෙනි.

තෙවැනි කාරණාව :-

වර්තමානයේ බහුවාර්ගික  සමාජයක  ජීවත් වන බික්ෂුන් වහන්සේලාට මුදල් යනු අත්යුවශ්ය් දෙයකි. සේම දෙයට මුදල් මුලිකව සිතන සමාජයක මුදල් මගින් මිනිසාගේ තත්වය මනින සමාජයක මුදල් යනු හුදෙක් හුවමාරු ඒකකයක් බව නොසිතන සමාජයක මුදල්  ගෙවුවද තම බසයේ සීට් එකක් දීමට සිදුවන බැවින් සිය බස් රථය නොනවත්වා ගමන් කරන සමාජයක මුන්වහන්සේලාට කවර පිහිටක්ද .බහුවාර්ගික සමාජයක මෙය ප්රනයෝගික නොවේ.

සිව්වන කාරණාව:-

කාලය ,දීපය ,දේශය ,කුලය ,මවු පස්මහ බැලුම් එනම් බුදු කෙනෙකුන් ලොව පහල වීමට මේ එකක පහම සමබරව තිබිය යුතුය්. කාලය ඉන් ප්රමධාන තෙනක් ගනී උදාහරණයක් ලෙස බුද්ධෝත්පත්හි කාලයකදී තවත් බුදු කෙනෙකුන් ලොව පහල නොවේතවද බුදු කෙනෙකුන් පහල වනුයේ ලොව මාර්ගඵල ශුන්යබ කාලයකදී වෙය් එනම් එම වකවානු සියලු සක්වල එකදු සෝවාන් ආදී මාර්ගඵල ලබියෙකුද සිටිය නොහෙක මේ ආදී නොයක් කරන  බලා මුන්වහන්සේලා පහල වෙය්. රහත් බවයද එසේමය සියලු කල්හිම සිදු නොවෙය් සම්බුද්ධ සාශනයක් පවතින තාක් රහත් භාවයට පත්විය හෙක එනම් අප තවමත් සිටින්නේ එවැනි බුද්ධෝත් පතති කාලයකය.  නිවන් දැකීමට  කරන උතුමෝ සමහරෙක් බුදුන් දෙක නිවන් දකින්නට ප්ර්ර්ථනා කරය් අනෙක් අය මෙසේ බුද්ධෝත්පත්ති කාලය පුර නිර්වනවා බෝධය අත් කර ගනිය්. එවැනි උතුමෝ තමන් අරහත් බව ප්ර්කාශ නොකරති යමෙක් ඇසුවේනම් පමණක් ප්ර කාශ කරති කෙලෙස් නැති හෙයින් බොහෝ විට බාහිර ලෝකෙන් මිදී ජීවත්වෙය් තමන් අවබෝධ කොටගත් සද්ධර්මය දේශනා කරය්. ඉතින් වර්තමානයේ එවැනි උතුමන් නෙතිනම් එය ධර්මයේ වෙරද්දක් නොව කාලයේ වෙරද්දකි .බුද්ධෝත්පත්ති කාලය පුරාවටම රහතුන් වහන්සේලා සිටිය යුතු බවට ධර්මයේ නොවේ කුසල් පිරුණු තැනැත්තේ මනු ලොවට විත් නිර්වනවා බෝධය ලබා ගනී. නමුත් ධර්මයට අනුව මාර්ගපල ලාබී සියලුම උතුමන් මෙම සම්බුද්ධ සෂණය අවසන් වීමට පෙර නිවන් දැකිය යුතුමයඉවසන්න කාලය යහපත් වුවිට උන්වහන්සේලා පැමිණෙනවා ඇත . අපගේ වගකීම සම්බුදු සසුන රේක ගනිමින් එවැනි රහතුන් පහල වන කලකදී මනුෂ්යණ අතම භාවයක් ලබා මනු ලොව ඉපදීමට කුසල් රැස් කිරීමය්. කලබලවීමට කාරණාවක් නෙත සම්බුද්ධ සාෂණය තවමත් තරුනය්අප ඊට අවශ්ය  පසුබිම සකසමු  .

පස්වන කරුණ :-

දේශපාලනය යනු රටේ යහපත සහ සංවර්ධනය වෙනුවෙන් සිද්ධ කරන්නාවූ යම් ක්රි යාවලියකි ප්රපජාතන්ත්ර වාදී රටක එයට මැදිහත්වීම පුරවැසියන්ගේ අය්තියකි ඒ රට කන්ඩ  නොව රට හදන්ටය රටේ තීරණ වෙනුවෙන් හඬ නගන්නට බික්ෂුන් වහන්සේලාට අයිතියක් ඇත ඉදින් ඔවුන් මංමුල විනි නම් දිගුවන්නේ ඔවුන්ගේ සසරය නමුත් සද් භාවයෙන් ක්රිියාකාරී නම් එය රටේ පිනය . ලංකාව වැනි තුන්වෙනි ලෝකයේ රටවලනම් දේශපාලනය යනු මද ගොහුරකි ඉදින් එයට අවතීර්ණ වන්නේ සද්  බවයෙන් වුවත් මේ නොමිනිසුන් සිය ආත්මයම විනාශ කරය් අපහස කරය් එවිට සසර දිගු වන්නේ  ඔවුන්ගේය. මහනදම් පිරීමට අනිවාර්යෙන්ම පෙර පින් වුවමනාය . යමෙක් මංමුලාවී ඇත්නම් එය බොහෝ විට ඔහුගේ දෘෂ්ටිය පිලිබඳ දෝෂයකි එවැනි බික්ෂුහු බුදුන් කලද සිටියහසමහරු පුද්ගලික ලාබ ප්රො යෝජන තකා වෙහෙසුනහ ඔවුන් මෙකලද සිටිය හෙක ඉදින් කිසි දිනෙක බුදුන් වහන්සේ ඔවුන් විවේචනය නොකරන ලදී . වරද පෙන්වාදී  ඔවුන්ගෙන් ඈත් වී සිටීම පමණක් කරණ ලදහඑය එසේනම් ගිහි අප කවර කතාද .

සයවෙනි කරුණ :-

 කුල දරුවන් සාශනයට අවතීර්ණ වන්නේ මහන දම් පුරමින් ධර්මාවබෝධය ලබාගැනීමට වන්නේ වුවත් ,  බහුවාර්ගික ,බහුආගමික සමාජයක ජීවත්වන බික්ෂුන් වහන්සේලා මෙසේ වෙඩි දුර අධ්යා්පනය කර(විශ්වවිද්යාවල ප්ර වේශ ආදී ) යොමු වීම බරපතල ගැටළුවක් නොවේ එය ගැටලුවක් වන්නේ අනෙක් ය ඒ දෙස බලන ආකාරය අනුවය. ලොව කිසිම දෙයක් ඉගෙන ගැනුමෙන් හානියක් සිදු නොවේ ප්රකශ්නය ඇත්තේ එය කෙතරම් දුරට ප්ර.යෝගිකව දෙනවද යන්නය් ඉදින් උන්වහන්සේ තර්ක ශ්රරශ්තය උගත්තෙනම් තර්කානු කුල හැකියාව වර්ධනය වේ සමජ විද්යාහව උගත්තේනම් එහා සම්බන්ද හැකියාව හා දැනුම වර්ධනය වේ ගැටලුව ඇත්තේ එම හැකියාව වෙරදියට භාවිත කළහොත් පමණි. ඉදින් යමෙක් බෝම්බ නිෂ්පාදනය කරන ආකාරය උගත්තේනම් එය පාපයක් නොවේ ඔහු එම දැනුම උපයෝගී කර ගෙන තවකකුගේ විනාශය කර යොදවත්නම් එයම පාපය වේ. මම පෞද්ගලිකව දන්නා ආකාරයට විශ්වවිද්යාුල වල උගෙනුම ලබන තරුණ ස්වාමින්වහන්සේලා ත්රිකපිටක ධර්ම ආදී විෂයන්හි ඉතාමත් බහුශ්රුදතය ඔවුන් ධර්මය ඉතාමත් තර්කනුකුලව පැහැදිලිව ධර්ම කරුණු විසදීමෙහි දක්ෂයෝය . ඉදින් යම්  කිසි   මේ ගිහි අධ්යාතපනයට යොමි වීම තුලින් උන්වහන්සේලාගේ  විනය පිරිහෙන බවත් ලෞකිකත්වයට ආශා ඇතිකරගන්න බවත් කියන්නේනම් එය කිසි භික්ෂුවකට අදාල ප්රයශ්නයක් මිස භික්ෂුන් වහන්සේලාගේ වැඩි දුර අධ්යාඑපනය පිලිබඳ ප්රපන්ශ්නයක් නොවේ.

සත්වන කරුණ :-

මෙයද ඉහතසේමය තාක්ෂනය භාවිත කිරීම වෙරද්දක් නොවේ එයින් උන්වහන්සේලාගේ විනය පිලිබඳ ගැටළුවක් නෙත ඇත්තේ වෙරදියට භාවිත කළහොත් පමණි.

සරල  බෞද්ධ කතාවක් මේ සමග  ගෙනහැර දක්වමි (උපුටා ගැනීම ඇති පුජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමිගේ බෞද්ධයාගේ අත්පොතේ 
සාංගික දානයේ අනිසංශ යටතේ විස්තර කර ඇත ),

පෙර රජ දවස අප ගෞතම සශනයේ දීඑක සිල්වත් උපාසකයෙක් පන්සලට ගොස් හිමියන් බැහැදෙක පසුදින සිය නිවාස දහවල දානයට එක් හිමි නමක් වදින ලෙස ආරාධනා කළහ එය ඉවසා  වදාර හිමියන් පන්සලේ සිටින දුස්සීලම බික්ෂුව පසුදින දනය සඳහා පිටත්කර යවන ලදී .ගිහි උපාසක තෙමේ මේ හිමියන් දුසිල් බව දන්නාහ එසේ වුවත් මහත් ගෞරවහරිතව උන්වහන්සේ පිළිගෙන දෙහත් ගිලන් පස පුජ කොට කල හෙකි උපරිම අකර පුද සත්කාර සහිතව උන්වහන්සේ වැඩ හිඳුවා දන් පිළිගන්වන ලදී,    දන් වළඳා අවසානයේ උන්වහන්සේ නෙවත විහාරයටම වඩින ලදී .  නමුත් නෙවත සවස් යාමයේ මෙම බික්ෂුවම පන්සලට උදැල්ලක්  ඉල්ලා ගැනීමට මෙම උපාසක නිවසට පැමිණි අවස්ථාවේ  උපාසක තෙමේ සිය අසුනෙන් නොනේගිටම අසල තිබු උදැල්ල පෙන්වා එය රැගෙන යන මෙන් කියා සිටියහ. අවසට සිටි පිරිස මෙයින් වික්ෂිප්ත්වී අද දහවල ඔබ උන්වහන්සේට සෙලකු හැටිත් දෙන සලුකු හැටිත් පුදුමයමෙයට පිළිතුරු දුන් උපාසක තෙමේමෙම දුසිල්වත් බික්ෂුව දහවල සාංගික දනය සඳහා නියෝජනය කරේ සැරියුත් මුගලන් මහරහත් වහන්සේලා ඇතුළු මුළු මහත් සංඝ රත්නයමය නමුත් මොහුගේ නුගුණ දන්නා මම මෙම අවස්ථාවේ ඔහුට ගරු සෙලකිලි නොකළහ. 
උපුටා ගැනීම නිමි .

,එසේ යම් වහන්සේ කෙනෙකුන් දුශීල හෝ පරාජික බව හන්ගෙත්නම් උන්වහන්සේට කරන සමහර ආචාර ධර්ම වලින් වේලකි සිටිය හෙකමේ බව සේකවින් අතිපුජ්ය  රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ බෞද්ධයාගේ ඇත පොතේ විස්තර කර ඇත .
භික්ෂුන් වහන්සේලා අතින් සිදුවන වෙරදී පෙන්වා දීම හේර උන්වහන්සේලා විවේචනය නොකර යුතුය්
එය ගිහි පිරිසට කල හෙකි කාර්යක් නොවේ 

ශාසනයේ චිරස්ථිතිය උදෙසා භික්ෂු සංගාය රකගත යුතුව ඇත .එසේම මෙහි සන්ස්කරවරයද පෙන්වාදී ඇති අන්දමට   කෙතරම් දුසිල්වත් වුවත් උපවධි වන තාක්කල් උන්වහන්සේලා අපට වැඩ උසස්ය .

ලිපිය නිමි .

සංස්කාරක වෙත ,
ඉහත කරන මගින් පෙන්වා දීමට උත්සහ ගත්තේ නිර්මල  බුද්ධ සාශනය සුරැකීමට කේප වී ඇති අප ගරු තර මහා සන්ගරත්නයටත් උතුම් නිර්මල ශාන්ත ප්රිවිතුරු බුද්ධ ධර්ශනයටත් එල්ල වී ඇති දුර්මත කිහිපයක් පිළිබඳව සේකවින් විග්රහහ කිරීමටය්. මේ සඳහා ආදී තලම වැටුනේ ඔබගේ සිංහල බුද්ධාගම 2 කොටස කියවීමෙන් අනතුරුවය් මුලින්ම මෙය commentඑකක් ලෙස පල කිරීමට සිතුවද ලිපිය දිග වැඩි වීම හේතුවෙන් එය සුදුසු නොවන බව හැඟුනි. හැකි නම් මෙය ලිපියක් ලෙස පලකරන ලෙස සාශන ආලයෙන් ඉල්ලා සිටිමි .