Tuesday, February 19, 2013

සිංහල බුධාගම - 3 කොටස


                                              සිංහල බුධාගම   -      3  කොටස



විජයාගමනයට පෙර තෙවරක් බුදුරජානන් වහන්සේ ලක්දිවට පැමිණ ඇති බැවින්  එතැන් පටන් බෞධාගම ලක්දිව ඇරඹි ඇත.එමෙන්ම තපස්සු භල්ලුක  වෙළඳ සහෝදරයන් දෙදෙනා විසින් බුදු රජුන්ගේ කේෂ ධාතු නිදන් කර හිරිගඩු සැය නිර්මාණය කලේද විජයාගමනයට පෙර දිය. විජය රජුගේ කාලයේ මෙන්ම ඉන් පසුවද විවිධ කාල වකවානු තුලදී  ඉන්දියාවෙන් විවිධ පුද්ගල කණ්ඩායම් ලක්දිවට පැමිණි බව බොහෝ   ජන ප්‍රවාද වලින් පැවසේ. මේ එක් ජන ප්‍රවාදයකට අනුව විජය රජු තම පුතාගේ සුවදුක් සොයා බැලීමට කෝන් යන නමින් යුත්  අමාත්‍ය වරුන් 7 දෙනෙක් සහ පිරිවර ලංකාවට එවූ බවත්,විජය රජු ඔවුන් සියලු දෙනාම ලක්දිව ඒ ඒ ප්‍රදේශ යන්හි පදිංචි කරවූ බවත් පැවසේ. මේ අය අතරින්  සමහර දෙනා අද දක්වාම තම පරම්පරා අනන්‍යතාවය රැක ගනිමින් සිටිති. එසේම විවිධ නම් වලින් යුත් බ්‍රාහ්මණ වංශිකයන්ද මෙහි පැමිණ  පදිංචිවී සිංහල ජාතියට එකතුවී ඇත. සිව් හෙළයන්  හා සිංහ වංශිකයන් එකතුවී සැදුනු, ශාක්‍යන්ගේ ගන පදනම, සහ සමාන අයිතිය  මුලික වරිනාකම  කර ගත්  සිංහල වංශයේ  විවිධ වෘතිකයන් සිටියත්, ඉන්දියාවේ මෙන් ඒ ඒ වෘතින් අනුව සැදුණ  කුල ක්‍රමයක් හෝ කුල ධුරාවලියක් හෝ නොවිය. එසේ වුයේ ගන සමාජය තුල කුල ක්‍රමයක් හෝ කුල ධුරාවලියක් නැති නිසාය. එබැවින්  ඉන්දියාවෙන්  පැමිණ මේ රටේ පදිංචිවූ විවිධ ජන කණ්ඩායම් වලට  ඔවුන් ඉන්දියාවේදී හුරු පුරුදුව සිටි කුල ක්‍රමය මෙහිදී අත්හැරීම හැර වෙන විකල්පයක් නොවිය.  බැවින් සිංහල ජන සමාජය වචනාර්ථයෙන්ම මිශ්‍ර සමාජයක් උවත් එහි ගන සමාජයකට අයත්වූ වටිනාකම් නොනැසී ඉදිරියට පැමිණ  ඇත. එකී වටිනාකම් අතරින් ප්‍රධාන වටිනාකමවුයේ  තීරණ ගැනීමේදී සියලු දෙනාම සමාන අයිතිවාසිකම්, යුතුකම් සහ වගකීම් දරන බවය. එබැවින් තිරණයක පැමිණීමට පෙර එයට පක්ෂ විපක්ෂ සියලු තර්ක ඉදිරිපත් කිරීමට අවහිරයක් නොවිය.  රජු දෙවියන්ගේ නියෝජිතයා වන බ්‍රාහ්මණයන්ගේ උපදෙස් පරිදි රට පාලනය කරන සංකල්පය කිසි දිනෙක මෙරට ක්‍රියාත්මක නොවිය. 

සමානයන් අතරින් එක් අයෙක් රජු වශයෙන් සලකු නිසා පාලනයට අවශ්‍ය අංගයක් ලෙස  රජුට බුහුමන්  දැක්වුවත්, සිංහලයෝ  අවස්ථාවක් පැමිණි වි  රජුට සරදම් කිරීම පුරුද්දක් ලෙස කළහ.   කාවන් තිස්ස ජු  කපුටෙක් මෙන් කළු පැහැ බැවින් එම නම යෙදුනු බවත්,වංක නාථ තිස්ස රජුට එම නම ලැබුනේ නහය වකුටු නිසා බවත්,පවසන ඔවුන් දෙමළුන් සමග යුද නොවැදීම නිසා තම පිය රජු බියගුළුල්ලෙකු  ලෙස සලකා ඔහුට ගැමුණු කුමාරයා විසින්  ස්ත්‍රී පළඳනා යැවීමපිලිබඳව ඇති  කතාව  සිනා සෙමින් කියති.රජුගෙන් අපේක්ෂිත පාලන කාර්යභාරය වෙනුවට රජු වෙනත් දේ වෙනුවෙන් සිය සම්පුර්ණ කාලය කැපකිරීමද වැසියන්ගේ සරදමට ලක්විය.පාලන කටයුතු වලට නියමිත කාලය තුල ඒ වෙනුවට විනෝදය සඳහා කාලය වෙන් කල රජු "සෙල්ලම් නිරිඳු" යනුවෙන් හැඳින්වීමට ඔවුහු පසුබට නොවුහ.පාලකයන්ට  සරදම් කිරීමේ කලාව අද දින දක්වාම සිංහලයන්  අතර ඇත .  සිංහල  සමාජය බුහුමන් දැක්වුයේ රජුට නොව රජ අණටය.රජු පවා රාජ නීතියට යටත් වීම වැසියන් අපේක්ෂා කළහ. රාජසිංහ රජුට දළදා වහන්සේට සවස දෙවතාවක් ගිලන්පස පුජා කරන ලෙස අණ කිරීමට සිදුවුයේ  කලින් තිබු රජ අන අණුව සවස ගිලන්පස පුජාවෙන් පසුව  වැඩසිටින මාලිගාවේ දොර වසමින් සිටි නිලධාරියා ප්‍රමාදවී පැමිණි රජුට දළදා වහන්සේ වැඳීමට නැවත දොර විවුර්ත නොකළ නිසාය.     
වර්තමානයේදී අප රටේ ගන රාජ්‍යක් නැතත්, ගනයක තිබෙන මුලික ලක්ෂණය වණ තමන් ගනය තුල සමානයෙක් බැවින්  තීරණ ගැනීමට පෙර පක්ෂ විපක්ෂ තර්ක ඉදිරිපත් කිරීම සිංහලයන් අතර නිරන්තරයෙන්ම සිදුවේ. ගත්  තිරණයක හොඳ සහ නරක නිරන්තරයෙන් සාකච්චාවේ.එහෙත් අවසාන තීරණය සිංහල සමාජයේ යහ පැවැත්මට ආධාරකයක් විය යුතු යයි සිංහල ජන විඥාණය කියයි. මෙම සිංහල ජන විඥාණයට එකඟ නොවන පාලකයන් අවස්ථාවක් ලද විටම බැහැර කිරීමට සිංහලයන් අප්‍රමාද වෙති.මෙසේ අවසන් තීරණය ගැනීමට උපස්තම්භක වන්නේ බටහිර ක්‍රමයට අනුව යමක් කැපකිරීමෙන්(compromise) නොවේ. නමුත් ශාක්‍යන්ගෙන් ලැබුන උරුමයක්වූ  ආක්‍රමණශීලි (aggressive)හැසිරීම් රටාවෙනි. අද දක්වාම සිංහල සමාජය තුල ක්‍රියාත්මක වන මෙම  තීරණ ගැනීමේ මෙම වැදගත් ලක්ෂණය අනෙක් ජාතින්  අතර අඩු වැඩි වශයෙන් දක්නට නැත.
 වර්තමානයේදී අප රටේ ගන රාජ්‍යක් නැතත්, ගනයක තිබෙන මුලික ලක්ෂණය දක්නට ඇත්තේ සංඝ සමාජය තුලය. මෙම ගනයේ තිබු සාකච්චා (පොහොයකිරීමේ සිරිත ) කිරීමේ සිරිත මෑත කාලයේ  සිට  ක්‍රමයෙන් අඩු වෙමින් යන බව පෙනේ. තවද බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වාදුන් විහාරාධිපති ක්‍රමය නිසා දේපල පොදුවේ (සාංගිකව)  පරිහරණය කිරීමවෙනුවට පෞද්ගලිකව  දේපල පරිහරණය වැඩිවී ඇත.   
  
පණ්ඩුකාභය රජ තුමාගෙන් ඇරඹෙන සිංහල ජාතියට බුධාගමේ පහන් සිලුවේ ආලෝකය දැල්වේන්නේ දේවානම් පිය තිස්ස රජුන්ගේ කාලයේය. 

1 comments:

  1. ඒ දැල්වුනු පහන් සිළුව මේ වෙනකොට ආලෝකය ලබා දෙනව අඬුයි වගේ... ඒකට හේතුව පහන වටේට වටවෙලා පියාඹන මැස්සො/මෙරු.. මුලින්ම උන් අයින් කරල තමයි පහනට තෙල් දාන්න ඕන..

    ReplyDelete