Sunday, February 3, 2013

සිංහල බුධාගම හැඳින්වීම - 2 කොටස

                                   සිංහල බුධාගම හැඳින්වීම -   2 කොටස 



ඉගෙනීමක් සම්පුරණ වීමට යම් කරුණක් ගැන විස්තර  ඇසීමෙන් සහ දැකීමෙන්, පමණක් කල හැකි යැයි බොහෝ සිංහල බෞධයො  සිතන බව පෙනේ. තිසරණ සමාදන්වීම  සහ පන්සිල් ගැනීම තමන් දන්නා බැවින් තමන් නියත වශයෙන්ම බෞධ යයි ඔවුන් සිතති. (ඕනෑම ඉගෙනීමක් සම්පුර්ණ වීමට දැනුම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. ලැබූ දැනුම නිවැරදි කුශලතාවයන් ( skills)  වර්ධනය කිරීම මගින් ඔප මට්ටම් කරගත යුතුය. එවිට හොඳ ආකල්ප වර්ධනයක් ( attitude development) ඇතිවේ. බෞධයෙකු වීමට ශ්‍රධාවෙන් යුක්තව  තිසරණ සමාදන් වීම සැහේ. 

පාසැල් දිවිය මතක් කරන විට පාසැල ඇරෙන වෙලාවේදී කියූ තිසරණ ගුණ ඉතා හොඳින් කියවෙන ච්ත්ත මානවක ගාථා 03 මතක ඇතැයි සිතමි. මේ ගැන තිබු මගේ ඉගෙනුම් ක්‍රියාවලිය මෙසේය. යෝවද තම්පව රෝමානු ජේසු .....  ගාථා පටන් ගන්නා විට මමද මහා හඬින් ගාථා කීම අරඹමි. පන්තියේ අග පේලියේ සිටි බැවින් ගුරු තුමාට මා පෙනුනේ නැත. මහා හඬින්  ගාථා කීම ඇරඹුවද  මගේ දෑත යෙදවූයේ පොත් ටික එකතු කර පටියෙන් ගැට ගැසීමටය.(එකල දැන් මෙන් පාසැල් බැග් භාවිතයක් නොවිය)  අවසාන ගාථාවේ චතුසු සුචේසු ..... පදය පටන් ගන්නා විට පන්තියෙන් එලියට පැනීමට සුදානම්ව සිටියෙමි. සංගමි මං සර නත්ථමි ...පදය අවසන් කරන්නේ පන්තියෙන් එලියට පැන ගනිමින්ය. (මා වැඩි දියුණු කල කුශලතාවය  skills )  මා අවබෝධ කරගෙන තිබුනේ පාසැල ඇරෙන වෙලාවේ එම ගාථා 03  ගායනා කල යුතුව තිබුන බව පමණි. (attitude development).එහෙත්  එතරම් හදිසියෙන් පන්තියෙන් එලියට පැනගත් මට කිරීමට කිරීමට කටයුත්තක් තිබුනේ නැත. දහම් පාසැල් අධ්‍යාපනයද ඇතුලත්ව  පාසල් දිවියෙන් සමුගැනීමෙන් පසු මා සිතුවේ මා බෞධයෙකු බවත් බුධාගම ගැන මැනවින් දන්නා බවත්ය. පුනරුත්පත්තිය, පුනර්භවය, නිර්වාණය, ගැන පමණක් නොව පටිච්ච සමුප්පාදය වැනි ගැඹුරු ධර්මයන් ගැන වාදයන්ට පැටලුනු බව මට මතක ඇත. එහෙත් මා උපයා ගෙන ඇත්තේ දැනුම බවත් ශ්‍රධාව නොවන බවත් මට පසක් වුයේ මෑතකදීය. 


  මෑතකදී මෙම චත්ථ මානවක ගාථා සජ්ඣායනා කිරීමකට සහභාගිවූ අවස්ථාවේදී මා ඉගෙන ගත්තේ, (knowledge)  බුදු රජාණන් වහන්සේ   දිවසින් ලොව දෙස බලන විට, තමන් විසින් කරන ලද පුර්ව කර්මය හේතු කොට එදින සොරුන් අතින් මිය යාමට නියමව  සිටි චත්ථ මානවකයා දැක, ඔහු  දෙස  මහා කරුණාවෙන්  බලා ඔහුගේ ඊළඟ භවය  සැපවත් කිරීමට  තමන් වහන්සේ විසින්ම  සකස් කල මේ මහඟු ගාථා රත්නය ඔහුට ඉගැන්වීම  සහ චත්ථ මානවක තෙමේ  එය අවබෝධයෙන් යුක්තව ගායනා කරමින් වනයේ ගමන් කරමින් සිටියදී, සොරුන් අතින් මිය ගියත්,  චත්ථ මානවක දෙව් ලොව චත්ථ  නමින් දෙවියෙක්ව ඉපදුනු බවමෙය ඇසීමෙන් පසු   මා වර්ධනය කර ගත් කුශලතාවය වුයේ (skill)  දිනපතාම පාලියෙන් සහ සිංහලෙන් මෙම ගාථා කොම්පුටරය ආධාරයෙන් ඇසීමය. මගේ සංවර්ධනයවූ  ආකල්පය වුයේ  බුද්ධ, ධර්ම සහ සංඝ රත්නය කෙරෙහි නොසෙල්වන ශ්‍රධාවක් ඇතිවීමය.(attitude development)  මේ අනුව මා අවබෝධ කරගත්තේ  (convince ) අන්වර්ට මෙන්මකතන්දර කාරයා සහ ඔහුගේ යහළුවන් නමින් අන්තර්ජාලයේ පෙනී සිටින සිංහල අන්වර්ලාට පමණක් නොව නොව එවැනි අය  දස දහසක් උත්සාහ කලත් ඔවුන්ට  ශ්‍රධාව සිඳ දැමිය නොහැකි බවය.

       ඒ අනුව මා බැස ගත්  නිගමනය වුයේ සිංහල බෞධයන්  දැනීම මත පමණක් රැඳී බුදුන්,දහම්,සඟුන් ගැන නරුම අදහස් පල කරනවාට වඩා ශ්‍රධාව මුලික කර සිතිය යුතු බවය. නුතන සංඝ සමාජය සම්පුර්නයෙන් සුසිල්වත් යයි මෙයින් මා අදහස් කරන්නේ නැත. වසර 2550 කර පෙර සිටි   සංඝ සමාජයේ ඇතැම් භික්ෂුන් වහන්සේලා විසින් කල නොපනත්කම් ගැන උදාහරණ ඕනෑතරම් විනය පිටකයේ ඇත. උනන්දුවක් දක්වන්නෙකුට ඒවා අන්තර් ජාලයෙන් බැලිය හැක. සතර පාරාජිකාවන් ගෙන් එකකට හෝ අසු නොවී, අන් කුමන හෝ වරදක් කරන භික්ෂුන් වහන්සේ සාමාන්‍ය ගිහියාට වඩා උසස්ය. අඩු තරමේ භික්ෂු ශාසනය හොඳටම පිරිහුණු නුවර යුගයේ සිටි ගනින්නාන්සේලාද අපට වඩා උසස්ය. එතුමන්ලා සමහරක් ගිහියන් මෙන් අඹු දරුවන්රක්ෂා කලද, තමන් විසින් ධර්ම පුස්තක නොකියවුද, ඒවා ආරක්ෂා කළහ. එසේ නොකළා  නම් අද අපට කියවීමට ධර්ම පුස්තක ඉතිරි වන්නේ නැත. මාඝ ආක්‍රමණයේදී බොහෝ ධර්ම පුස්තක මාඝ විසින් විනාශ කල  අතර,රාජසිංහ රජුද පෘතුගිසින්ද ඉතිරි ධර්ම පොත් ගිනි බත් කල බව ඉතිහාසය කියයි. ධර්ම පුස්තක  ආරක්ෂා කල නුවර යුගයේ සිටි ගනින්නාන්සේලා නොසිටියේ නම් ථෙරවාදී බුදු දහම ඉතිරි වන්නේ කෙසේ ද? එබැවින් ධර්ම පුස්තක  ආරක්ෂා කල නුවර යුගයේ සිටි ගනින්නාන්සේලාද අපට වඩා උසස්ය. එවැනි ආකල්ප නොතිබුනොත් දිනන්නේ අන්වර්ලාය. ථෙර පුත්තාභය සංකල්පය මොඩ්  කරමින් භික්ෂුන් වහන්සේලාට දරුවන් ජාතක කරන්නට කියන්නේ ඒ නිසාය.   




2 comments:

  1. ඔබට ලිපියක් එවීමට බලාපොරොත්තු වෙමි , කරුණාකර හෙකිනම් ඔබගේ email add එක දන්වන්න.

    ReplyDelete