Sunday, February 10, 2013

සිංහල බුද්ධාගම 2 කොටස

                                               

                                                         සිංහල බුද්ධාගම   2 කොටස 


ගනයක (සමුහාණ්ඩුවේ මුලික ඒකකයක) ඇති වටිනාකම් ඉතා රසවත්ය. වැදගත් ගුණාංගය වන්නේ ගණය තුල සියලු තීරණ ගන්නේ වැඩි දෙනාගේ  කැමැත්තෙන් නොව පුර්ණ එකඟතාවයෙන්ය. එසේ පුර්ණ එකඟ එකඟතාවයට පැමිණෙන්නේ ගනය තුල කෙරෙන නිදහස් අදහස් හුවමාරුවෙන්ය. විවිධ රාජකාරි වල යෙදුනත් සෑම සාමාජිකයාටම සම තැනක් ගණය තුල ලැබේ. ගනය තුල එකඟවූ මතය ගන නායකයා විසින් ගන එකතුවට ඉදිරිපත් කරනු ලැබේ. ගන එකතුවද ගන්නේ ඉහත විස්තර වන පරිදි සාකච්චාවෙන් අනතුරුව, ඒකමතිකව තිරනයවූ පොදු තීරණයයි. වැදගත් කරුණ සාකච්චවලදී විරුද්ධ මත පල කල අයද පොදු තීරණය ප්‍රශ්න කිරීමකින් තොරව කැපවීමෙන් යුක්තව ක්‍රියාත්මක කිරීමය. 

එය අද අප දන්නා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට සහ එම ප්‍රජාතන්ත්‍රවාදය ඇතැයි කියන රජයන්ට වඩා වෙනස්ය. බුදුන් වහන්සේගේ කාලයේ තිබු වජ්ජි,ලිච්චවී,ආදී ගන රාජ්‍යන් සහ අජාසත් කුමරුගේ මගධ රාජ්‍ය අතර පැවති යුධය පසුබිම් කර, "සිංහ සේනාපති" නමින් රාහුල සංස්කෘත්‍යාන පඬි වරයා ලියු සිංහල නවකථා පොතක් ඇත.උනන්දුවක් දක්වන්නෙකුට එය කියවීමෙන්,අද ලොව තුල දක්නට නොමැති, එහෙත් එකල තිබු ගනයක සහ ගන එකතුවක (සමුහාන්ඩුවක) චිත්‍රයක් මවා ගත හැකියයි සිතමි. 
 පණ්ඩුකාභය රජු ශාක්‍යයන්ගේ ගන පාලන ක්‍රමය  අනුගමනය කිරීමට කැමති උවත් එතුමාට තිබු මුලික බාධාව වුයේ ලක්දිව  සිටියේ  එකම ගෝත්‍රයක ජනතාවක් නොව සමාන අයිතිවාසිකම් ඇති ගෝත්‍ර 4ක ජනතාවක් වීමය.එබැවින් එතුමා යක්ෂ, නාග,දේව, අසුර යන ස්වදේශීය ගෝත්‍ර 4ට ඉන්දියාවන් පැමිණි සිංහ ගෝත්‍රිකයන්ගෙන් පැවත එන්නන් එකතු  කරමින්,එහෙත් ගණ වටිනාකම් ආරක්ෂා  කරමින් සිංහල ජාතිය ආරම්භ කළේය. මුළු රටම එකම රාජ්‍යක් වශයෙන් සලකා පාලනය නොකර,රට පුරා පාලනය විමධ්‍ය ගතවූ  නගර සහ ග්‍රාම රාජ්‍ය සංකල්පය බිහි කලේය. රජු නොව රජ අණ බලවත් කළේය.   

1 comments:

  1. ලිපියට අදාල නැති ප්‍රශ්නයක්.

    ඔබ (මා මිතුරු) අනුරගේ (දෙහිවල ==> ගම්පහ) අයියාද?

    ReplyDelete