Sunday, May 24, 2015

බුදුසසුන ගැන නර්මාපලාප ලියන්නන්ගේ දැනගැනීම පිණිස අනුකම්පාවෙන් ලියන වග නම් .........

මේ ලිපිය ලියන මා බුදු සසුනේ එක් කොටසක් වන උපාසක යන කුලකයට අයත් උවත්, මා එම කුලකයේ කිසිදු සංවිධානයක  කුමන මට්ටමේ හෝ නිලතලයක් ප්‍රතිපත්තියක් වශයෙන්ම භාර නොගෙන ජිවත් වන, එහෙත් විමසුම් ඇසින් සමාජය දෙස බලා සිටින සාමාන්‍ය පුද්ගලයෙක් වෙමි.ඒ අනුව මට සිතෙන දෙය මා ලියන අතරම මගේ කරුණු දැක්වීම සනාථ කිරීමට ඇතැම් විට සමහර අය නම් වලින්ම හැඳින්වීමට සිදුවන නිසා එසේ නම් කරන අයට තම පිළිතුරු ලිවීමට අවශ්‍ය නම් එයටද ඉඩක්  මෙම ලිපියේ  අවසානයේ  වෙන්කර ඇත.
   
අපේ රටේ ක්‍රියාත්මක වෙමින්  පවතින බුදු සසුන යනු භික්ෂු,භික්ෂුණි,උපාසික,සහ උපාසක යන සිව් පිරිසෙන් සැදුනු එකකි. අපේ රටේ ආගමික කටයුතු වලට අදාලව කතෝලික, ක්‍රිස්තියානි, මුස්ලිම්,හින්දු සහ කිසිදු දහමක් නොඅදහන  නිර් - ආගමිකයන් යනුවෙන්ද සමාජ කණ්ඩායම්  ක්‍රියාත්මක වෙමින් පවතී. මේ විවිධ සමාජ කණ්ඩායම් තම තමන්ගේ තම තමන්ගේ ආකල්ප අනුව තවත් උප කොටස් වලට අනුගත වෙමින් සිටී. මෙහි වැරැද්දක් නැත. තමන් රුචියක් දක්වන උප කුලකය අන් ඒවාට වඩා හොඳයි යනුවෙන් අපහාසාත්මක ලකුණු ප්‍රදර්ශනය නොකරන තාක් කල් එසේ හැසිරීම හොඳය.


මේ එක් එක් කණ්ඩායම් විසින් සිදුකරනු ලබන සමාජයීය යහපත්  කටයුතු වලදී, සමහර අවස්ථා වලදී අන් සමාජ කණ්ඩායම්ද ඒවා අගය කරනු දක්නට ලැබෙයි. සමහර අවස්ථා වලදී ඔවුන්ද ඒවා කිරීමටත් මැදිහත් වෙති.  මේ සෑම සමාජ කටයුත්තක් කිරිමේදී එසැනින්ම ලැබෙන අනිවාර්ය එක් ප්‍රතිඵලයක් වන්නේ එයට සහභාගී වන්නාට ලැබෙන සතුටය. එනිසා එයද හොඳ දෙයකි. සාමාන්‍යයෙන් අද කාලයේ අපට අඩුවැඩි වශයෙන්  දවසේ පැය 24න් වැඩි කොටසක් විවිධාකාර ගැටළු විසඳීමට මිඩංගු කිරීමට  සිදුවීම නිසා, නිරාමිස සතුටක් ලැබීමට කාලයක් ගත  කිරීම යනු අද සමාජයේ දක්නට ලැබෙන දුලබ සිද්ධියකි. 

එහෙත් ගැටලුව එය නොවේ. ගැටලුව වන්නේ සමහරුන්ගේ සිත්තුල ඇති  විවිධාකාර අසත්පුරුෂ පරමාර්ථ ඉටුකර ගැනීමට ඔවුන් පොදුවේ බුදු සසුනට ගැරහීමට පටන්ගෙන තිබිමය. අන් ආගම් වල නැති එහෙත් බුදු සසුනේ ඇති සහනශීලි ප්‍රතිපත්තිය නිසාම බොදු බැතිමතුන් තුල වගාවූ හොඳ පුරුද්දක් වන  අන් මත ඉවසීමට ඇති පුරුද්ද වැරදි ලෙස අර්ථ කථනය කර ගත්  ඔවුන් විසින් blog අවකාශයේ සිදු කරන මේ අකටයුත්තට තිතක් තැබීමේ කාලය පැමිණ ඇත. ඒ මේ ලිපි කියවන සාමාන්‍ය පාඨකයන් ඉන් නොමග යාමට ඇති  නිසාය.

මේ අයගෙන් අන්වර් මනතුංග වැනි සමහරු වැරදි සෙවීමේ පරමාර්ථයෙන්ම බුදුන් වහන්සේ වදාළ ධර්මය මතුපිටින් කියවා, ඉන් සමහර  කොටස් එහෙන් මෙහෙන්  අහුලාගෙන, සමහර කරුණු විකෘති කර, තම මතය සනාථ කිරීමට ඒවා අතරින් පතර සම්බන්ධ කර බුදු දහම ගැන, ධර්මය ගැන,සංඝයා ගැන අමුතුම වැරදි චිත්‍රයක් ලොවට ඉදිරිපත් කරයි. ඔහු එසේ කරන්නේ එක්කෝ ඒවා බලන අයත් අනාගතයේදී මුස්ලිම් දහමට හරවා ගැනීමට හෝ   නැත්නම් ඔවුන් නරක බෞධයන් බවට පත් කිරීමටය. බොදුබල සේනාව ගැන,ඥානසාර හාමුදුරුවන් ගැන දිගින් දීගටම ද්වේශ සහගත අදහස් පල කරන්නෙත්, උන් වහන්සේට භික්ෂුන් වහන්සේ කෙනෙක් නමින් ආමන්ත්‍රණය නොකරන්නේත් එනිසාය. කෙසේ හෝ මුස්ලිම් දහම වැළඳගත් සිංහලයෙකු වන අන්වර්ගේ මෙම පරමාර්ථයේ හොඳ නරක කෙසේ උවත්, ඒ වෙනුවෙන්ම පවත්වාගෙන යන blog එකේ පලවන කරුණු  ගැන පාඨකයන් පලකරන සමහර comments  වාරණය කලත්, ඔහුගේ ඉහතකී පරමාර්ථ ඉටු කරගැනීමට  ඔහු  කරන කැපකිරීම  නම් අගය කල යුතුය. 

නිර්- ආගමිකයන් යයි කියා ගන්නා මාතලන් සහ පැරකුම් සාමාන්‍යයෙන් සැම පොහොය දිනකදීම වාගේ සංඝයා වහන්සේලාට අපහාස වන යමක් නොවරදවාම වාගේ තම blog වල ලියති.හැබැයි මේ අය අනෙක් ආගම් වලට අපහාස කරන්න යන්නේ නම් නැහැ. 

 පුරා වසර 50ක් ම දළදා හාමුදුරුවන්ගේ තේවාව භාරව සිටි අස්ගිරි පාර්ශවයේ මහා නායක උඩුගම බුද්ධ රක්ඛිත නායක හාමුදුරුවන්ට දළදා මාලිගාව යාබද පාර රථ වාහන ගමනාගමනයට විවෘත කිරීමට විරුද්ධ වීමට ඉඩක් නැත් නම් ඒකට ඉඩ තියෙන්නෙ වෙන කාටද? අඩු තරමේ මාතලන් කී  වරක් දළදා තේවාවට සහභාගිවී තිබෙනවාද?  මේ නායක හාමුදුරුවෝ අපවත්වූ විගස, උන්වහන්සේගේ විරෝධය හේතුකොට ගෙන පාර වැසීම නිසා මාර්ග තදබදයක් ඇතිවී තිබෙනවා කියා උන් වහන්සේට අපහාස කිරීමට කවියක් ලිවීමට තරම් මහනුවර පදිංචිවී නැති,මහනුවර මාර්ග දෛනිකව භාවිතා නොකරන  මාතලන් නිහීන වුයේ කෙසේද? (මහනුවර නගරයට නිතරම යන්නෝ නම් මාර්ග තදබදය වලක්වා වාහන ධාවන කරන විකල්ප මාර්ග මැනවින් හඳුනති. ඒවා භාවිතා කරති.) අස්ගිරි පාර්ශවයේ අභිනව මහා නායක ගලගම අත්ථදස්සි නායක හාමුදුරුවන් එම තනතුරට පත්වූ විගසම මේ පාර විවෘත කිරීමට තමන් වහන්සේගේ විරෝධය ප්‍රකාශ කර ඇත. දැන් මාතලන් මේ නායක හාමුදුරුවෝ ජීවත්වෙලා ඉන්න වෙලාවේදීම උන්වහන්සේගේ ශෝකප්‍රකාශය ලියනවාද ? හැබැයි මේ මාතලන්ට තමයි 2014 හොඳම blog රචකයා වෙනුවෙන් සම්මානය ලැබුනේ. මේ blog අවකාශයට ලියන වැඩිදෙනාගේ බුද්ධි මට්ටම ඒකෙන්ම මැනගත්ත හැකිනෙ.

පැරකුම්ට මෑත කාලයේ ඇතිවූ ලොකුම ප්‍රශ්නය නම් මහමෙව්නා අසපුව විසින් සංවිධානය කල සේරුවිල මංගල මහා සැයේ  පලතුරු පුජාවයි. විවිධ විසිතුරු පිංකම් විවිධ කාල වලදී සංවිධානය කරන සත්පුරුෂ උතුමෝ සිය කාලය එයට මිඩංගු කරති. එය අනුමත කරන විවිධ පුද්ගලයෝ තම කාලය,ශ්‍රමය හා ධනය වැය කරමින් ඒවාට සම්බන්ධ වෙති. එසේ කිරීමට හැකියාවක් නැත්තෝ එම පිංකම් අනුමත කරමින් ඒ පින් අනුමෝදන් වෙති. ඒ කිසිවක් නොකරන පැරකුම් වැන්නෝ ඒවාට අපහාස කරමින් එම පුජාව නිසා සම්පත් නාස්තියක් සිදු උනා යයිද,ඒවා ඒ ප්‍රදේශයේම ළමුන්ට බෙදා දුන්නේ නම් නරකද කියා අතුරු යෝජනාද කරති. මෙසේ ලියන පැරකුම්ට දිනපතාම දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේදී පමණක් මිල අඩු නොවීමෙන් ගැලවීමට  විනාශ කරන එළවලු ටොන් ගණන නොපෙනෙන්නේ කෙසේද?

මේ දෙදෙනාගේම අභාෂය ලබන බොහෝ ආධුනිකයන් තම blog වල ජනප්‍රියතාවය උදෙසා බුදු සසුන ගැන උඩින් පල්ලෙන් කරුණු ගලපාගෙන අපහාසාත්මක ලිපි පළකරති.       

මේ සියලුම දෙනාට මා ඉතා කරුණාවෙන් ලියන්නේ බුදු සසුන  යනු ඔබට අපහාස කිරීමට ලිපි ලියන්න තිබෙන තැනක් නොවන බවය. මෙසේ  ලිවීමෙන් ඔබට කුරිරු සතුටක් ලැබුනත් ඉන් ඔබට ඇතිවන අහිතකර බලපෑම ගැන ඔබ නොදන්නා නිසා එසේ ලියනවා විය හැක.

බුදුන් වහන්සේ වදාළ ධර්ම කොටස් 82,000ක් සහ භික්‍ෂු, භික්ෂුණි යන දෙකොටසටම අයත්  සංඝයා වහන්සේලා විසින් දෙසු ධර්ම කොටස් 2000 ක් එකතුවී මුළු ධර්ම කොටස් 84000කින් යුක්ත ත්‍රිපිටකය ගැන ඔබ අසා ඇතැයි කියා මා සිතනවා. ඒක අන්තර්ජාලයේ තියෙනවා. එහි අංගුත්තර නිකායේ කෝකාලික සුත්‍රය ඔබ කියෙව්වොත් හොඳයි. 
ඒකෙ  අදාළ කොටස මෙහෙමයි " අනුවන තැනැත්තා පාපී වචනයෙන් බැනීම නමැති ආවුධයෙන් තමාවම වනසා ගනී. යමෙක් නින්දා ලැබිය යුතු අයට ප්‍රසංසා කරයිද, ප්‍රසංසා ලැබිය යුතු තැනැත්තාට නින්දා කරයිද,එයින් ඔහු පව් රැස් කරගනී. ඉන් ඔහුට සැපයක් නොලැබෙන්නේය." 

මිට පසු  ඔබ නොවරදවාම කියවිය යුත්තේ අංගුත්තර නිකායේම ඇති ව්‍යසන සුත්‍රයයි. ඒකෙ තිබෙන්නේ මෙසේ බුදු සසුනට ගරහන අයට පහත දැක්වෙන විපත්ති 11න් එකකට හෝ පත්වන බවය.

1.  අවබෝධ නොකළ ධර්මය අවබෝධ කරගත       නොහැකිවීම.
2. මෙතෙක් උපදවූ  ධ්‍යානයක් ඇත්නම් එය නැතිවීම 
3. තමාට දහම් දැනුම දියුණු කරගත නොහැකිවීම.
4. ධර්මය අවබෝධ කළා කියා අධි මානයට පත්වීම 
5. නිවන් මගට සිත් අලවා වාසය කරන්නට නොහැකි වීම.
6.කිලිටි බවට පත් වන අයුරින් යම් සිල් පදයකට හානි පමුණුවා ගැනීම.
7. පැවිද්දෙක් නම් සිවුරු හැර ගිහිවිම.
8. දරුණු රෝගාබාධයක් වැළඳීම 
9. උමතුවිම හෝ සිත වික්ෂිප්ත භාවයට පත්වීම 
10.සිහිමුලාවී මියයාම 
11.මරණින් මතු මහත් දුක් ඇති නිරයේ ඉපදීම.

ඔබ කිසිදු කිසිදු ආගමක් නොඅදහන නිර්-ආගමිකයෙක් හෝ බුදුදහම නොඅදහන්නෙක් නම් මෙයින් 1 සිට 5 දක්වා ඇති විපත්ති  සහ 7 සහ 11 විපත්ති වලින්  යම් කිසි විපතක් උනාට කමක් නැහැ කියල ඔබට සිතෙන්න පුළුවන්.

 ඒ උනත් 8,9,10, යන විපත් වලට ගොදුරුවී මෙලොව අපායක් කර ගත් අය  සහ  6 වැන්නේ දැක්වෙන අන්දමට සිල් පදයක් කැඩීම නිසාම මෙලොව විපතට පත්වූ අය ගැන ඔබ කොතෙකුත් අසා,දැක ඇතිනේද? එවැන්නන් තම  නැ  හිතවතුන්ගෙන්  මෙන්ම තම   පවුලෙන්ද කොන්වීමට සිදු වෙනවාට  අමතරව විවිධාකාර කෙනහිලිකම් වලටත් ගොදුරුවී පිඩා විඳිනවා ඔබ දැක තිබෙනවා නේද? පිළිසරණක් නැතිව එවැන්නන් දුක් විඳිනවා ඔබ දැක ඇති නේද? සමහරවිට එවැන්නන්ට පිහිටවීමට ඔබ සත් භාවයෙන් ඉදිරිපත් උනත් මෙතෙක් එලියට නොපැමිණි නානාවිධ බාධක ඉදිරියට පැමිණ ඔබ එම කටයුත්තෙන් ඉවත් කරනවා ඔබටම පසක්වී නැද්ද? 

ඔබටත් ඉදිරියේදී එවැන්නක් සිදුවෙනවාට ඔබ කැමතිද?  මදක් නැවතී කල්පනා කර බලන්න. ඉන් පසුවත් බුදුසසුනට ගැරහීමට ඔබ අදහස් කරන්නේ නම්, ඉදිරියේදී ලැබෙන අයහපත් ප්‍රතිඵල ගැන දැන ගෙනම බුදු සසුසනට ගැරහීම පටන් ගන්න.

සමරසේකර        

        

13 comments:

  1. හදිස්සි කාරයන්ට තරුණ පෙළට කල්පනාකර බලන්න වටින අදහස් ගොන්නක්

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.
      සමරසේකර

      Delete
  2. ඔබ පවසන තත්ත්වයට වගකිවයුත්තේ වර්තමානයේ බොහෝ තැන්වල දක්නට ලැබෙන චීවරධාරී පිරිසයි. ඔවුන් විසින් බුදු දහම විකෘති කරමින් සසුන කෙලෙසා දමා ඇති නිසා නර්මාලාප ලියන්නන් කරන වරදක් වේනම් එහි වරදකරුවන්ව ඇත්තේ ඔවුන් පමණක් නොවෙයි නේද සමරෙ ? මේ අතර ලෞකික දේවල නොඇලි කටයුතු කරන උගත් නැණවත් භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් ද වෙති. ඔවුහු නිහඬව සිටිති. සංඝ සංශෙෘ්ධනයක් නොවන්නේ නම් තත්වය ඉිදිරයේදී තවත් නර් විය හැකියි නේද ? සමරෙට ඇති ව පවතින වේදනාව බොහෝ අය විඳිම්න් සිටිනවා. එ් බොහෝ අය පවසන්නේ වරද ඇත්තේ බුදු දහම තමන්ගේ බූදලයක් යයි සිතා විවිධ අකටයුතුවල නියැලී සිටින පිරිස අත බවයි. බුදු දහම තුළින් මතුකරන වටිනා ජීවන දර්ශනය බැහැර කර ඇදහිලි මගක් බවට පත් කර යාඥා සන්දර්ශන වැනි දෑ කරමින් ව්‍යාපාර කරගත් පිරිසක් සිටින බව බොහෝ දෙනකුගේ අත්දැකීමක්. මටත් එවැනි පිරිස් දැක්විය හැකියි. මා හිතන්නේ සමරේ ට වුවත් මේවාට උදාහරණ දැක්විය හැකියි නේද ?

    ReplyDelete
    Replies
    1. ශාශන ශෝධනයක් සිද්විම අද දවසේදී කලයුතු අත්‍යාවශ්‍ය කාරණයක් තමයි.ඒත් කවුද ඒකට මුලික වෙන්නේ . මුල පටන්ම ධර්ම සන්ගායනාවන්ට සහ ඉන්පසු කෙරුණ ශාශන ශෝධනය කෙරුනේ රාජ්‍ය අනුග්‍රහයෙන්. වළගම්බා රජුගෙන් පසු එවැන්නක් කෙරුනේ නැති එකේ පාඩුව අපමණයි.
      සමරසේකර

      Delete
    2. "වළගම්බා රජුගෙන් පසු එවැන්නක් කෙරුනේ නැති එකේ පාඩුව අපමණයි." --- මෙය වැරදි අදහසක්.

      වළගම්බා රජුගේ කාලයට පෙරනම් කිසිදු සාශන ශෝධනයක් නැති මුත් මෙතෙක් කෙරුණු සියළුම දේ කෙරී ඇත්තේ වළගම්බා රජුගේ කාලයෙන් පසුවයි. මේවායින් ඉතාම ප්‍රසිද්ධ දෙක වන්නේ ගෝඨාභය රජ සමයේ වෛතුල්‍යවාදය පිටු දැකීමත් (අනුරාධපුර යුගය), පරාක්‍රමබාහු රජ සමයේ නිකයත්‍රය සමගි කිරීමත් (පොළොන්නරු යුගය) ය. ඒ හැරුණු කොට දඹදෙණි යුගයේත් ඊට පසු යුග වලත් මෙවැනි කාර්ය කර්තව්‍යයන් අප්‍රමාණව කෙරී ඇත.

      1818 න් පසු ලංකාවේ ආණ්ඩු "බුද්ධාගම ආරක්‍ෂා කොට පෝෂණය කිරීමේ" වගකීමෙන් කර ඇරීම පිළිබඳ කතිකාවතක් ඇති කිරීම හා ආණ්ඩු බලය බලාපොරොත්තු වන පාර්ශව වෙත මේ පිළිබඳ මගහැරිය නොහැකි වගවීමක් පැවරීමත් අප විසින් මේ උදෙසා කළ යුතු කාර්යය වන්නේය.

      Delete
  3. මාලිගාව ආසන්නයේ පාර විවෘත කිරීමෙන් නගරයේ තදබදය වගේම අනවශ්‍ය ඉන්ධන දහනය නවත්වන්න පුළුවන්...ආහාර නාස්තිය මොන විදිහට සිදු වුනත් අනුමත කරන්න බැහැ...
    ඒත් ඔබ තුමා කියන විදිහට ඔය දේවල් ගැන සාකච්ඡා කලයුත්තේ කාටවත් අපහාස වන ආකාරයට නෙවෙයි...

    ReplyDelete
    Replies
    1. පිළිතුරට ස්තුතියි,
      මා කිසි දිනෙක කාටවත් අපහාස කරන්නේ නම් නැහැ. ඒත් වැරැද්ද වැරැද්ද හැටියට දකිනවා. ඒවැරැද්ද කරන අය එය කරන්නේ නොදැනුවත්කම නිසා නම් එහි ආදීනවත් ඒ අයම දැනගතයුතුයිනෙ.
      මාලිගාව ආසන්න පාර ඇරීමෙන් නගරයේ තදබදය වැඩිවෙනවා මිස අඩු නොවන බව මා ඵදිලිංඅ දන්නවා. ඒ ගැන මේ දිනවල මා ලිපියක් ලියමින් ඉන්නවා. එකහා බලලාම සංවාදය ඉදිරියට ගෙනයාම හොඳයි .

      සමරසේකර

      Delete
  4. නිර් ආගමික වෙලාය කියල බුද්ධාගමට පමණක් කෙළින එවුන් හරියට නිඝන්ටයෝ වගේ...

    නුවර කියන නගරය හා ඒ අවට දැන් තිබෙන සියල්ල ගොඩ නැගෙන්නේ දළදා මාලිගාව එතන තිබෙන නිසා...
    මිනිස්සු ඕක අස්සේ ගිහින් ටවුන් එක හදා ගත්ත එකයි මම දකින වරද...
    ඒ වරද දැන් සම්පුර්ණයෙන්ම නිවැරදි කරන්න අපහසුයි...

    දැනට විවෘතව තිබෙන පාරවල් වල වැඩිපුර තිබෙන්නේ මොනවද. හෝටල්, නවාතැන් පොළවල්.
    ඇයි ඒවා එතන හදල තියෙන්නේ, ඒවා එතන හදල තියෙන්නෙත් මාළිගාව නිසා...
    ඒ ඉදිකිරීම් ඔක්කොම වගේ තිබෙන්නේ පාරේ එක පැත්තක පමණයි.
    දැනට භාවිතා කරන මාර්ග විශාල කරන්න ඒ ගොඩනැගිලි ඉවත් කරන්න කිසිම නොහැකියාවක්, බැරි කමක් නැහැ...
    අවශ්‍ය ඒ උවමනාව පමණයි...

    නුවර ට්‍රැපික් අඩු කරන්න කල හොඳම වැඩ පිළිවෙල අපේ මිනිස්සු අල කරලා ඉවරයි.
    ෂොපින් කම්ප්ලෙක්ස් එකත් එක්ක කාර් පාක් එක හදලා නුවර නගරයට පමණක් එන වාහන ඒකෙ නවත්තන්නත් නගරය තුළ එහෙ මෙහෙ යන්න කාර් පාක් එක ගාව ඉඳල තිබෙන ෂටල් සර්විස් එකකින් කරන්නත් සැලසුම තිබ්බා.
    නමුත් කාර් පාක් එක අසාර්ථක කෙරෙව්වා පාරේ වාහන නතර කරන එකෙන් ගාන කපා ගන්න උන්. පොඩි පොඩි මිනිස්සු නෙමෙයි ඒවා කෙරුනේ තෝරු මෝරු හරහා.
    එහෙම්මම ෂටල් කතාවත් නැතිවෙලා ගියා...

    එක වාහනයකින් හරි එන දුම නුවරට කොහොමත් ගැටළුවක්, ඒ නුවර කඳු වලින් වටවෙලා තියෙන නිසා. කොළඹ නුවරට වඩා වාහන සහ වාහන තදබදය වැඩියි. ඒ වගේම කොළඹ පාරවල් කීයක්නම් කියල තියෙනවද. නමුත් කොළඹ වාතය නුවරට සාපේක්ෂව ගොඩක් පිරිසිදුයි.
    ඒකට හේතුව මුහුදු සුළං මගින් වාහන දුම ගසාගෙන යන නිසා.

    මාළිගාව ඉස්සරහ පාර ඇරියත් නුවර වාතය පිරිසිදු වේවි කියල හිතාගෙන ඉන්නේ ඒ සම්බන්ධව නොදන්න මිනිස්සු.
    ඕනෙනම් වාහන තදබදය ටිකක් අඩු වේවි. වාහන තදබදය අඩු කරන්න මම කලින් කරපු යෝජනා දෙක ගැලපෙනවා,
    ඊට අමතරව කලින් රජයෙන් යෝජිත නුවර බයිපාස් මාර්ගය තැනීමත් කරන්න පුළුවන්.

    නුවර වාතය පිරිසිදු කර ගන්න නම් කරන්න වෙන්නේ අඩපණ කරලා සහ වෙලා තිබෙන කාර් පාක් එකේ කටයුතු සහ ෂටල් සිස්ටම් (විදුලියෙන් ක්‍රියා කරන ක්‍රමයක්නම් තවත් හොඳ වේවි) එක ක්‍රියාත්මක කරවීම...
    එය වඩාත් පහසු වෙන්න හේතුව කාර් පාක් එක දැනටමත් ඉදි කර අවසන් නිසා...

    ReplyDelete
    Replies
    1. ඔබේ පැහැදිලි කිරීමට ස්තුතියි. මහනුවර රැක ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ අතරින් මාලිගාව මුල් තැනක් ගන්නවා. අනික් සියල්ල යන්නේ දෙවෙනි තැනටයි.

      සමරසේකර

      Delete
    2. මා දකින ලෙසනම්,
      කළ යුතු ප්‍රමුඛ සහ එකම කාර්‍යය වන්නේ:
      නගරය ඉවතට ගෙන යාමයි.

      මහනුවර මාළිගාව සහ ඊට අනුබද්ධ ඉදිකිරීම් (නාථ දේවාලය ආදී) සුරක්‍ෂිතව තිබියදී ඉතිරි දෑ (පල්ලිය / මස්ජිදය / හෝටල් / නවාතැන් / රජයේ කාර්යාල) දුරට ගෙන යා යුතුයි. මාළිගාව අසබඩ පාර විවෘත කිරීම යනු තහනම් මාතෘකාවක් ලෙස සැළකිය යුතුයි.

      වැරැද්ද වාහන වලවත්, මාර්ග වලවත් නොව, වැරැද්ද මාළිගාව අසලට අනවශ්‍ය දෑ ගෙන ඒමයි. එසේනම් ප්‍රතිකර්මය වන්නේ ඒ වැරැද්ද නිවැරදි කිරීම මිස පැලැස්තර විසඳුම් දීම නොවේ.

      අද ඔය පාර විවෘත කළේ යැයි සිතමු. තව අවුරුදු 5 කින් වාහන තදබදය තව වැඩි වන විට කරන්නේ කුමක්ද? මාළිගාවේ වළාකුල් බැම්ම කඩා වැව ගොඩ කර මාර්ගය පළල් කිරීමද ?

      Delete
  5. අන්වර් සිතන්නේ ඔහු තරම් දන්නා වෙනෙකක් තවත් නොමැති බවයි. අනුන්ගේ මග ඵල සොයන ආකාරයක්ද මා ඔහු තුලින් දුටුවා. බෞද්ධාගම මෙලොව තියෙන්නෙ අනුන් ගැන නොව තමා ගැන සෙවීමට බව ඔහුට අමතක වෙලා. කොහොමත් මං අසා ඇති පරිදි බෞද්ධාගම අදහන සමහර පිරිස් තමන් වෙතින් එම උත්තරීතර මනුෂ්‍ය ධර්ම අත් නොවිදි විට ධර්මය ගැන දුර්මත වලට එලබෙන බව අසා ඇත්තෙමි. මං හිතන්නෙ අන්වර්ට වෙලා තියෙන්නෙ එයයි. පව් දන්නෙ නැති දේ ගැන කියවන්න ගිහින් නිකං පව් පුරවා ගන්නවා. ධර්මය ගැන,නිවන ගැන දුර්මත පැතිරවීම විශාල පාපයක්. එයා අළුතින් ධර්මයක් හදන්න පටන් ගෙන .එයා කියන්නේ ඉස්ලාමයට,අල්ලාට හා නබී ට අපහාස කිරීමත් ආනන්තරිය පාපයක් කියලයි. පව් දන්නා තරම තමා. හිතන්නෙ බුදුන් වහන්සේට වඩා එයා ධර්මය,කර්ම ගැන දන්නවා කියලයි.

    ReplyDelete
    Replies
    1. වාචකාල උපාසක වගේම තමා අන්වරුත්

      Delete
  6. අන්වර් සිතන්නේ ඔහු තරම් දන්නා වෙනෙකක් තවත් නොමැති බවයි. අනුන්ගේ මග ඵල සොයන ආකාරයක්ද මා ඔහු තුලින් දුටුවා. බෞද්ධාගම මෙලොව තියෙන්නෙ අනුන් ගැන නොව තමා ගැන සෙවීමට බව ඔහුට අමතක වෙලා. කොහොමත් මං අසා ඇති පරිදි බෞද්ධාගම අදහන සමහර පිරිස් තමන් වෙතින් එම උත්තරීතර මනුෂ්‍ය ධර්ම අත් නොවිදි විට ධර්මය ගැන දුර්මත වලට එලබෙන බව අසා ඇත්තෙමි. මං හිතන්නෙ අන්වර්ට වෙලා තියෙන්නෙ එයයි. පව් දන්නෙ නැති දේ ගැන කියවන්න ගිහින් නිකං පව් පුරවා ගන්නවා. ධර්මය ගැන,නිවන ගැන දුර්මත පැතිරවීම විශාල පාපයක්. එයා අළුතින් ධර්මයක් හදන්න පටන් ගෙන .එයා කියන්නේ ඉස්ලාමයට,අල්ලාට හා නබී ට අපහාස කිරීමත් ආනන්තරිය පාපයක් කියලයි. පව් දන්නා තරම තමා. හිතන්නෙ බුදුන් වහන්සේට වඩා එයා ධර්මය,කර්ම ගැන දන්නවා කියලයි.

    ReplyDelete