මවිසින් ලියු සිංහල බුධාගම හැඳින්විම 2ට පාතකයෙකුගෙන් ලැබුණු ප්‍රතිචාරයක් කිසිදු සංස්කරණයකින් තොරවම මෙම පිටුවෙන් පල කරමි. මෙහි එක පදයකට පමණක් මා එකඟ වන්නේ නැත. ඒ අප රට තුල පවතින්නේ "බහු වාර්ගික සමාජයක්" යන පදය ටය . සිංහල සමාජය යනු වචනාර්ථයෙන්ම බහු වාර්ගික සමාජයකි.(මගේ ඉදිරි ලිපියෙන් එය ඉදිරිපත් කරමි.)
සංස්කාරක වෙත ,
පහත කරන මගින් පෙන්වා දීමට උත්සහ ගත්තේ නිර්මල බුද්ධ සාශනය සුරැකීමට කේප වී ඇති අප ගරු තර මහා සන්ගරත්නයටත් උතුම් නිර්මල ශාන්ත ප්රිවිතුරු බුද්ධ ධර්ශනයටත් එල්ල වී ඇති දුර්මත කිහිපයක් පිළිබඳව සේකවින් විග්රහහ කිරීමටය්. මේ සඳහා ආදී තලම වැටුනේ ඔබගේ සිංහල බුද්ධාගම 2 කොටස කියවීමෙන් අනතුරුවය් මුලින්ම මෙය commentඑකක් ලෙස පල කිරීමට සිතුවද ලිපිය දිග වැඩි වීම හේතුවෙන් එය සුදුසු නොවන බව හැඟුනි. හැකි නම් මෙය ලිපියක් ලෙස පලකරන ලෙස සාශන ආලයෙන් ඉල්ලා සිටිමි .
අගනා කාලෝචිත මාතෘකාවක්.
බෞද්ධ සමාජයීය සංශෝධනය වෙනුවෙන් කෙරෙන මෙවැනි කතිකාවත් ඉතාමත් අගේ කලයුතුය්. තවද කිවයුතු කරුණක් එත , සිංහල බෞද්ධ භික්ෂුවට වර්තමානයේ මෙවැනි අක්රෝයෂ පරිභව නින්දා අපහාස විදින්නට සිදුව ඇත්තේ උන්වහන්සේලා තුල ඇති පරාර්ථකාමී ජාති හිතය්ශී හෙගීම් නිසාවෙනි. සත්වය කෙරෙහි උපන් මහා කරුණාවෙන් මෙලොව පහල වූ බුදූරජාණන් වහන්සේ සාශනය ස්ථාපිත කොට කුල දරුවන් පැවිදි කරවුයේ සත්වයාගේ සසර ගමන එතර වීමට ලෝකෝත්තර මාර්ගය වඩා පහසු බැවිනුත් සාශනයේ චිරස්ථිතිය උදෙසා උන්වහන්සේලාගෙන් සිදුවන අමිල සේවයත් උදෙසවෙනි. එසේ "චරත භික්කවේ චරිකන් බහු ජන හිතය බහු ජන සුකාය ,ලොකානුකම්පය අත්තාය,හිතාය සුඛාය දේවමනුස්සානං " යනුවෙන් වදාල දර්ශනය අනුව යමින් සිය අධ්යා ත්මයත් ගිහි ලෞකික සංවර්ධනයත් ඇති කරමින් චිරාත් කාලයක් සැරියුත් ,මුගලන් , ,ආනන්ද ,රාහුල මහා රහත් පරම පරවෙන් එකම දම් වේලක පුරුක්සේ බැඳෙමින් ආ පිවිතුරු සාශන පරම්පරාව වර්තමානය දක්වාම එසේමය . නමුත් උන්වහන්සේලාගේ මේ මෙහවරට වත්මනේ ඇතිවී ඇති ඉරණම තරමක් කණගාටු දායකය. මහමෙර වන සඟ ගුණ නොදත් අප බහුතර බෞද්ධ සමාජයම සිය මුවින්ම උන්වහන්සේලාට අක්රෝුෂ කිරීමට පෙලෙබී සිටි. වෙරදී ඇත දෝෂද ඇත , නමුත් ගිහි අප උන්වහසේලා එසේ අසරණ කොරොත් කවරෙක්නම් මේ සාශනය රකිත් ද? තත්වය කෙසේ වුවත් මේ සඟ පුරුක් අප සමාජයට ආශීර්වාදයකි , ඔවුන් නෙත්නම් බුද්ධ සාශනයක් නෙත පන්දහසක් කල් තිය එක මසක් හෝ මෙය පවත්නේ නොවේ. එය සියල්ලන් විසින් සිතට ගතයුතු මනාය .
බෞද්ධ බික්ෂුන්ට වර්තමානයේ මිස දුටුවන්ගේන් (මිට සමහර බෞද්ධයන්ද ඇතුලත්වේ ) එල්ල වී ඇති විවිද චෝදනා:-
1. උන්වහන්සේලාගේ ප්ර ධාන කාර්ය නිවන් දැකීම වුවත් ඉතා අවිහිංසක ප්ර තිපදවක් තිබිය යුතු වුවත් වර්තමානයේ ඔවුන් ගිහියන් උසි ගන්නනා ආගම බෙද පතුරන ප්රඉචණ්ඩ කාරී පිරිසක් ලෙස හැඳින්වීම.
2. සියල්ල අත් හෙරිය යුතු පිරිසක් වුවත් විහාරාරාම වලටම කොටුවී ඒවා බදාගෙන සිටින පිරිසක් වීම.
3. මුදල් පරිහරණය අකැප වුවත් මුදල් බවිත කිරීම .
4. ප්රලධාන අරමුණ නිවන් දැකීම වුවත් වර්තමානයේ එවැනිඋත්තමයන නොසිටීම .
5. දේශපාලන පක්ෂ වෙනුවෙන් පෙනීසිටීම
.
6. ස්වාමින්වහන්සේලා වෙඩි දුර අධ්යා පනය ලැබීම.
7. උන්වහන්සේලා නවීන තාක්ෂනයට අනුගත වීම ................................... ආදී විවිද චෝදනා වලට ලක්වී ඇත .
මදක් විමසා බලමු , මේවා චෝදනා නොව සාශන මාමක ගිහියන් වශයෙන් සිදුකල යුතු යෝජනා ලෙස සලකමු. අරම්බයදී මා කිවූ ආකාරයට උන්වහන්සේලාට මෙවැනි වූ පරිභව වලට ලක් වීමට සිදු වුයේ උන්වහන්සේලා තුල ඇති පරාර්ථ කමි බව නිසාය.
මක් නිසාද යත් , අනුබුදු මිහිඳු හිමියන් ලක්දිවට බුදු දහම රේගන ඒමත් සමගම ඉතාමත් සාමකාමී සුහද ශීලි ආචාරශීලි සිංහලයන් බුදු දහමේ ඇති හරයත් එහි ඇති වටිනාකමත් තේරුම් ගනිමින් මනාකොට බුද්ධාගම වෙළඳ ගත්හ ,මුළු ලක්දිවම එකම බෞද්ධ රජයක් බවට පත්වුහ ලක්දිව රහතුන්ගෙන් පිරිගියහ සැදැහැතියන්ට පින්කිරීමට හෙළ බිම පින්කෙතක් විය. මෙය මෙසේ විවිද බාදක මේද තවත් අවුරුදු 1800ක් තරම් කල් දිව ආහ ලක් බිමටත් සම් බුද්ධ සාෂනයටත් එල්ල වූ බාදක ඉදිරියේ සටන් කිරීමට නොපසුබට රජවරු, අමාත්‍ය වරු සේදහතියන් ගහන විය . නමුත් බටහිර ආක්රමණ සමග මේ සියල්ල වෙනස් වීමට පටන් ගත්හ. අනෙකුත් ජාතීන් මෙන් නොව ඔවුන් කෙලින්ම පහර නොදී ප්රමථමයෙන් සිංහලයන්ගේ සමාජ සිරිත්විරිත් පිරිහීමට ලක් කොට හෙළය පස් පවට බය නෙති ජාතියක් ලෙස ආක්රමණය කළහ . ජාතියට සිදු වන මෙම සමාජ ඛාදනය දුටු බෞද්ධ භික්ෂුන් වහන්සේලා සිංහලය නිදාගෙන ඇතිසේය මොවුන් ජාතියට මේ එල්ලවන විනාශය නොදකින සේයය් කරුනහරිතව සියලු බාදක ඉදිරියේ නොසේලුනු සිංහලයා මේ කුටෝප්ර්ක්රම ඉදිරියේ හසුවී අතය් දෙක වහා වහා ඔවුන්ගේ දෑස් පැදීමට කටයුතු කළහ , තමාගේ අධ්යාේත්මික සංවර්ධනය මදක් පසෙකලා සිංහල දේශයට සිදුවන විනාශය නෙවත්වීමට කටයුතු කළහ එයය් පරාර්ථකාමී බව, නමුත් පර සුද්දන් මෙය තවතවත් සංකීර්ණ කරමින් ලේ වගුරුවමින් විනාශ කළහ , ස්වාමින් වහන්සේලා ගම නියම්ගම් සරි සරමින් හෙළයන් දිරිමත් කළහ , සම්දුද්ධ සාෂණය රේක ගත යුතු බවත් සිංහල දේශය රෙකිය යුතු බවත් කීහ , හෙළයා මින් ප්රා,ණවත් වුහ කකියන ලෙයින් යුද වන්හ. මෙසේ බික්ෂුන් රට වෙනුවෙන් අසාදාරනය වෙනුවෙන් සිංහලය අවදි කිරීම අරඹ විය ගිහියන්ද එය බික්ෂුන්ට අදාල කාර්යයක් ලෙස සෙලකුහ ,මෙය අදටත් එසේම වලංගු වේ , මන්දයත් අදටත් බික්ෂුන් වහන්සේ නමක් මදක් ඉදිරියට පැමිණ හෙලයිනි තොප මෙසේ කරව් යය් කිව්වොත් එය හොඳ හෝ නරක හෝ එක පයින්ම කිරීමට බෞද්ධයන පෙලබෙන බැවිනි උන්වහන්සේලාට සමාජය තුල පහසුවෙන් ස්ව මතයන් පැතිරවිය හැක .
බික්ෂුන් වහන්සේලාගේ වගකීමනම් මෙය යහපත වෙනුවෙන් අර්ථ දක්වන ලෙසය් මෙයය් ගිහියකු වශයෙන් මාගේ ප්රලථම යෝජනාව මෙයය් . මන්දයත් ,සම්බුද්ධ සාශනය වෙනුවෙන් පන පිදීමට ඉදිරිපත් වන හොඳ සිංහලයන් අදටත් අප අතර ඇත . නමුත් මෙයම වෙරදියට අර්ථකථනය කරන යම් යම් පිරිස් උන්වහන්සේලා ප්ර චණ්ඩ බවට කේ ගසති මේ සඟ පුරුක් අඟලා ඇති සිවුරු වහන්සේලා කහ රෙදි බවට පත් කරති අපහස කරති එහෙත් නොසැලෙන සිංහලය නොසලේමය .ඔවුන් අපගේ දේශයේ මුර දේවත්වන්ය මෝඩයන්ට මැජික් වුවත් සිංහලයන්ටනම් රට වෙනුවෙන් නැගීසිටීම හොදින්ම පුරුදුය (සිංහලයන්හට සිංහල දෙස්හෙට සරනය් දළදා සමිදුන්ගේ !).
මා ඉහත සඳහන් කල දෙවැනි කරුණ ,
බුදුන් කල කෝසල, බිම්බිසර ආදී මහා රජවරුන්ද අනේපිඩු, සුජාත ආදී මහා සිටුවරුද ඇතුළුව බෞද්ධ ශ්රුද්ධාවතුන් භික්ෂුන් වහන්සේලා පිලිබඳ සොයා බැලුහ ,උන්වහන්සේලාට කිසිම අඩු පාඩුවක් නොවීමට දිවිහිමියෙන් කපවුනහ(මෙවැනි සාධක දඹදිව , අනුරාධපුර ,පොලොන්නරුව ආදී ස්ථාන වලින් ඕනෙතරම් සොයාගත හෙක ) , බික්ෂුන් වහන්සේලාට අදාල කාර්ය වුයේ ගිහියන් සමග සාශනික වශයෙන් ඉතාමත් සමීප සම්බන්දත පැවැත්වීමත්, සිය අධ්යාටත්මික දියුණුව ලබා ගැනීමට වීර්ය කිරීමත්යන ("අනුත්තරන් පුන්නක්ඛ්ත්තම් " කුසල නෙමැති බිජ වපුරන කෙතය් ). නමුත් පන්සලේ ඉඩම්ටිකද කොල්ල කන, ප්රේ්තයන්,පිසචයෝ වීමට පෙරුම් පුරන මිනිස් යක්කු නිසා බෞද්ධයාගේ සාරධර්ම දේපල ඔවුන්ගේ නිජබිම් ක්ෂය වන නිසා සාෂණයට පුජ කල වස්තු ආරක්ෂා කලයුතු නිසා උන්වහන්සේලා මෙය රෙකගනු හේර වෙන කුමක් කල යුතුද?
නිවනට මාර්ගය රැස් කිරීම නොව(කුසල් හැර ) අතහරිමය් , එසේ යම් කිසි බික්ෂුවක් වස්තු දේපල වලට ලොබින් සිටීනම් එය උන්වහන්සේගේ සැටියකි දිගු වන්නේ උන්වහන්සේගේ සසරය එසේ නොමැතිව සාෂණය වෙනුවෙන් රකින්නේනම් එහි කිසිදු දොසක් නෙත , මන්දයත් මුළු ලක්දිවම අතීත රජ වරු සම්බුද්ද සාෂණය වෙනුවෙන් කේප කර ඇත එසේනම් ඉඩම් අමාත්යංහශයේ ඇති කොළ කෑලි සුද්දන්ට හොඳය අපටනම් මුළු ලක්දිවම බුදධ සාෂණය වෙනුවෙනි.
තෙවැනි කාරණාව :-
වර්තමානයේ බහුවාර්ගික සමාජයක ජීවත් වන බික්ෂුන් වහන්සේලාට මුදල් යනු අත්යුවශ්ය් දෙයකි. සේම දෙයට මුදල් මුලිකව සිතන සමාජයක මුදල් මගින් මිනිසාගේ තත්වය මනින සමාජයක , මුදල් යනු හුදෙක් හුවමාරු ඒකකයක් බව නොසිතන සමාජයක , මුදල් ගෙවුවද තම බසයේ සීට් එකක් දීමට සිදුවන බැවින් සිය බස් රථය නොනවත්වා ගමන් කරන සමාජයක මුන්වහන්සේලාට කවර පිහිටක්ද .බහුවාර්ගික සමාජයක මෙය ප්රනයෝගික නොවේ.
සිව්වන කාරණාව:-
කාලය ,දීපය ,දේශය ,කුලය ,මවු පස්මහ බැලුම් එනම් බුදු කෙනෙකුන් ලොව පහල වීමට මේ එකක පහම සමබරව තිබිය යුතුය්. කාලය ඉන් ප්රමධාන තෙනක් ගනී උදාහරණයක් ලෙස බුද්ධෝත්පත්හි කාලයකදී තවත් බුදු කෙනෙකුන් ලොව පහල නොවේ, තවද බුදු කෙනෙකුන් පහල වනුයේ ලොව මාර්ගඵල ශුන්යබ කාලයකදී වෙය් එනම් එම වකවානු සියලු සක්වල එකදු සෝවාන් ආදී මාර්ගඵල ලබියෙකුද සිටිය නොහෙක මේ ආදී නොයක් කරන බලා මුන්වහන්සේලා පහල වෙය්. රහත් බවයද එසේමය සියලු කල්හිම සිදු නොවෙය් සම්බුද්ධ සාශනයක් පවතින තාක් රහත් භාවයට පත්විය හෙක එනම් අප තවමත් සිටින්නේ එවැනි බුද්ධෝත් පතති කාලයකය. නිවන් දැකීමට කරන උතුමෝ සමහරෙක් බුදුන් දෙක නිවන් දකින්නට ප්ර්ර්ථනා කරය් අනෙක් අය මෙසේ බුද්ධෝත්පත්ති කාලය පුර නිර්වනවා බෝධය අත් කර ගනිය්. එවැනි උතුමෝ තමන් අරහත් බව ප්ර්කාශ නොකරති යමෙක් ඇසුවේනම් පමණක් ප්ර කාශ කරති කෙලෙස් නැති හෙයින් බොහෝ විට බාහිර ලෝකෙන් මිදී ජීවත්වෙය් , තමන් අවබෝධ කොටගත් සද්ධර්මය දේශනා කරය්. ඉතින් වර්තමානයේ එවැනි උතුමන් නෙතිනම් එය ධර්මයේ වෙරද්දක් නොව කාලයේ වෙරද්දකි .බුද්ධෝත්පත්ති කාලය පුරාවටම රහතුන් වහන්සේලා සිටිය යුතු බවට ධර්මයේ නොවේ , කුසල් පිරුණු තැනැත්තේ මනු ලොවට විත් නිර්වනවා බෝධය ලබා ගනී. නමුත් ධර්මයට අනුව මාර්ගපල ලාබී සියලුම උතුමන් මෙම සම්බුද්ධ සෂණය අවසන් වීමට පෙර නිවන් දැකිය යුතුමය, ඉවසන්න කාලය යහපත් වුවිට උන්වහන්සේලා පැමිණෙනවා ඇත . අපගේ වගකීම සම්බුදු සසුන රේක ගනිමින් එවැනි රහතුන් පහල වන කලකදී මනුෂ්යණ අතම භාවයක් ලබා මනු ලොව ඉපදීමට කුසල් රැස් කිරීමය්. කලබලවීමට කාරණාවක් නෙත සම්බුද්ධ සාෂණය තවමත් තරුනය්, අප ඊට අවශ්ය පසුබිම සකසමු .
පස්වන කරුණ :-
දේශපාලනය යනු රටේ යහපත සහ සංවර්ධනය වෙනුවෙන් සිද්ධ කරන්නාවූ යම් ක්රි යාවලියකි , ප්රපජාතන්ත්ර වාදී රටක එයට මැදිහත්වීම පුරවැසියන්ගේ අය්තියකි ඒ රට කන්ඩ නොව රට හදන්ටය රටේ තීරණ වෙනුවෙන් හඬ නගන්නට බික්ෂුන් වහන්සේලාට අයිතියක් ඇත ඉදින් ඔවුන් මංමුල විනි නම් දිගුවන්නේ ඔවුන්ගේ සසරය නමුත් සද් භාවයෙන් ක්රිියාකාරී නම් එය රටේ පිනය . ලංකාව වැනි තුන්වෙනි ලෝකයේ රටවලනම් දේශපාලනය යනු මද ගොහුරකි ඉදින් එයට අවතීර්ණ වන්නේ සද් බවයෙන් වුවත් මේ නොමිනිසුන් සිය ආත්මයම විනාශ කරය් අපහස කරය් එවිට සසර දිගු වන්නේ ඔවුන්ගේය. මහනදම් පිරීමට අනිවාර්යෙන්ම පෙර පින් වුවමනාය . යමෙක් මංමුලාවී ඇත්නම් එය බොහෝ විට ඔහුගේ දෘෂ්ටිය පිලිබඳ දෝෂයකි එවැනි බික්ෂුහු බුදුන් කලද සිටියහ, සමහරු පුද්ගලික ලාබ ප්රො යෝජන තකා වෙහෙසුනහ ඔවුන් මෙකලද සිටිය හෙක ඉදින් කිසි දිනෙක බුදුන් වහන්සේ ඔවුන් විවේචනය නොකරන ලදී . වරද පෙන්වාදී ඔවුන්ගෙන් ඈත් වී සිටීම පමණක් කරණ ලදහ, එය එසේනම් ගිහි අප කවර කතාද .
සයවෙනි කරුණ :-
කුල දරුවන් සාශනයට අවතීර්ණ වන්නේ මහන දම් පුරමින් ධර්මාවබෝධය ලබාගැනීමට වන්නේ වුවත් , බහුවාර්ගික ,බහුආගමික සමාජයක ජීවත්වන බික්ෂුන් වහන්සේලා මෙසේ වෙඩි දුර අධ්යා්පනය කර(විශ්වවිද්යාවල ප්ර වේශ ආදී ) යොමු වීම බරපතල ගැටළුවක් නොවේ එය ගැටලුවක් වන්නේ අනෙක් ය ඒ දෙස බලන ආකාරය අනුවය. ලොව කිසිම දෙයක් ඉගෙන ගැනුමෙන් හානියක් සිදු නොවේ ප්රකශ්නය ඇත්තේ එය කෙතරම් දුරට ප්ර.යෝගිකව දෙනවද යන්නය් , ඉදින් උන්වහන්සේ තර්ක ශ්රරශ්තය උගත්තෙනම් තර්කානු කුල හැකියාව වර්ධනය වේ , සමජ විද්යාහව උගත්තේනම් එහා සම්බන්ද හැකියාව හා දැනුම වර්ධනය වේ ගැටලුව ඇත්තේ එම හැකියාව වෙරදියට භාවිත කළහොත් පමණි. ඉදින් යමෙක් බෝම්බ නිෂ්පාදනය කරන ආකාරය උගත්තේනම් එය පාපයක් නොවේ ඔහු එම දැනුම උපයෝගී කර ගෙන තවකකුගේ විනාශය කර යොදවත්නම් එයම පාපය වේ. මම පෞද්ගලිකව දන්නා ආකාරයට විශ්වවිද්යාුල වල උගෙනුම ලබන තරුණ ස්වාමින්වහන්සේලා ත්රිකපිටක ධර්ම ආදී විෂයන්හි ඉතාමත් බහුශ්රුදතය ඔවුන් ධර්මය ඉතාමත් තර්කනුකුලව පැහැදිලිව ධර්ම කරුණු විසදීමෙහි දක්ෂයෝය . ඉදින් යම් කිසි මේ ගිහි අධ්යාතපනයට යොමි වීම තුලින් උන්වහන්සේලාගේ විනය පිරිහෙන බවත් ලෞකිකත්වයට ආශා ඇතිකරගන්න බවත් කියන්නේනම් එය කිසි භික්ෂුවකට අදාල ප්රයශ්නයක් මිස භික්ෂුන් වහන්සේලාගේ වැඩි දුර අධ්යාඑපනය පිලිබඳ ප්රපන්ශ්නයක් නොවේ.
සත්වන කරුණ :-
මෙයද ඉහතසේමය තාක්ෂනය භාවිත කිරීම වෙරද්දක් නොවේ එයින් උන්වහන්සේලාගේ විනය පිලිබඳ ගැටළුවක් නෙත ඇත්තේ වෙරදියට භාවිත කළහොත් පමණි.
සරල බෞද්ධ කතාවක් මේ සමග ගෙනහැර දක්වමි (උපුටා ගැනීම ඇති පුජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමිගේ බෞද්ධයාගේ අත්පොතේ
සාංගික දානයේ අනිසංශ යටතේ විස්තර කර ඇත ),
පෙර රජ දවස අප ගෞතම සශනයේ දී, එක සිල්වත් උපාසකයෙක් පන්සලට ගොස් හිමියන් බැහැදෙක පසුදින සිය නිවාස දහවල දානයට එක් හිමි නමක් වදින ලෙස ආරාධනා කළහ එය ඉවසා වදාර හිමියන් පන්සලේ සිටින දුස්සීලම බික්ෂුව පසුදින දනය සඳහා පිටත්කර යවන ලදී .ගිහි උපාසක තෙමේ මේ හිමියන් දුසිල් බව දන්නාහ , එසේ වුවත් මහත් ගෞරවහරිතව උන්වහන්සේ පිළිගෙන දෙහත් ගිලන් පස පුජ කොට කල හෙකි උපරිම අකර පුද සත්කාර සහිතව උන්වහන්සේ වැඩ හිඳුවා දන් පිළිගන්වන ලදී, දන් වළඳා අවසානයේ උන්වහන්සේ නෙවත විහාරයටම වඩින ලදී . නමුත් නෙවත සවස් යාමයේ මෙම බික්ෂුවම පන්සලට උදැල්ලක් ඉල්ලා ගැනීමට මෙම උපාසක නිවසට පැමිණි අවස්ථාවේ උපාසක තෙමේ සිය අසුනෙන් නොනේගිටම අසල තිබු උදැල්ල පෙන්වා එය රැගෙන යන මෙන් කියා සිටියහ. අවසට සිටි පිරිස මෙයින් වික්ෂිප්ත්වී අද දහවල ඔබ උන්වහන්සේට සෙලකු හැටිත් දෙන සලුකු හැටිත් පුදුමය, මෙයට පිළිතුරු දුන් උපාසක තෙමේ, මෙම දුසිල්වත් බික්ෂුව දහවල සාංගික දනය සඳහා නියෝජනය කරේ සැරියුත් මුගලන් මහරහත් වහන්සේලා ඇතුළු මුළු මහත් සංඝ රත්නයමය , නමුත් මොහුගේ නුගුණ දන්නා මම මෙම අවස්ථාවේ ඔහුට ගරු සෙලකිලි නොකළහ.
උපුටා ගැනීම නිමි .
,එසේ යම් වහන්සේ කෙනෙකුන් දුශීල හෝ පරාජික බව හන්ගෙත්නම් උන්වහන්සේට කරන සමහර ආචාර ධර්ම වලින් වේලකි සිටිය හෙක, මේ බව සේකවින් අතිපුජ්ය රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ බෞද්ධයාගේ ඇත පොතේ විස්තර කර ඇත .
භික්ෂුන් වහන්සේලා අතින් සිදුවන වෙරදී පෙන්වා දීම හේර උන්වහන්සේලා විවේචනය නොකර යුතුය්
එය ගිහි පිරිසට කල හෙකි කාර්යක් නොවේ
ශාසනයේ චිරස්ථිතිය උදෙසා භික්ෂු සංගාය රකගත යුතුව ඇත .එසේම මෙහි සන්ස්කරවරයද පෙන්වාදී ඇති අන්දමට කෙතරම් දුසිල්වත් වුවත් උපවධි වන තාක්කල් උන්වහන්සේලා අපට වැඩ උසස්ය .
ලිපිය නිමි .
සංස්කාරක වෙත ,
ඉහත කරන මගින් පෙන්වා දීමට උත්සහ ගත්තේ නිර්මල බුද්ධ සාශනය සුරැකීමට කේප වී ඇති අප ගරු තර මහා සන්ගරත්නයටත් උතුම් නිර්මල ශාන්ත ප්රිවිතුරු බුද්ධ ධර්ශනයටත් එල්ල වී ඇති දුර්මත කිහිපයක් පිළිබඳව සේකවින් විග්රහහ කිරීමටය්. මේ සඳහා ආදී තලම වැටුනේ ඔබගේ සිංහල බුද්ධාගම 2 කොටස කියවීමෙන් අනතුරුවය් මුලින්ම මෙය commentඑකක් ලෙස පල කිරීමට සිතුවද ලිපිය දිග වැඩි වීම හේතුවෙන් එය සුදුසු නොවන බව හැඟුනි. හැකි නම් මෙය ලිපියක් ලෙස පලකරන ලෙස සාශන ආලයෙන් ඉල්ලා සිටිමි .