Tuesday, July 9, 2013

දුසිල්වත් භික්ෂුවක් උවත් දුසිල්වත් මිනිසෙකුට වඩා ගුනයෙන් උසස්ය...



දුසිල් වත් භික්ෂුවක් උවත්  දුසිල් වත් මිනිසෙකුට වඩා ගුනයෙන් උසස්ය 

වර්තමාන සමාජය තුල භික්ෂුන්  වහන්සේලාගේ දුසිල්වත් භාවය ගැන අන්තර්ජාලයේ ලිපි පල කරන්නෝ  බොහෝය. එවැන්නෙකු විසින් භික්ෂුන්  වහන්සේලාගේ දුසිල්වත් භාවය ගැන මෑතදී පලවූ පත්තර ශීර්ෂ පාඨ තොගයක් අන්තර්ජාලයට එක්  කර තිබුණි. එය මෙසේය.

-  භික්ෂුවකගේ පහරදීමකින් පුද්ගලයෙක් මියයයි
-  ගව ඝාතනයට එරෙහිව තව කිහිප නමක් දිවි පුදන සූදානමක
-  පල්ලියක් කඩා,දේවගැතිට පහර දීලා…ඤාණසාර හිමිට තවත්

   නඩුවක්
-  භික්ෂු මන්ත්රී කොල්ලකෑම්- වංචා රැසකට රිමාන්ඞ්
-  භික්ෂුවක් අරලියගහ මන්දිරය අසල ගසකට නැග විරෝධතාවක
-  ගිණුම් වාර්තා නෑ… දළඳා මාළිගාවේ මූල්ය කටයුතු ගැන සැකයක්
-  සම්මාදමේ ගිය චීවරධාරියා ලක්ෂපතියෙක් බව බැංකු ගිණුමෙන්

   හෙළිවේ
-  ගුටි කෑ භික්ෂූණ් වහන්සේ ආපසු මෙරටට එති
-  චීවරධාරියෙක් අධික බීමතින් වාහනයක යද්දී අත්අඩංගුවේ
-  බීමත් හාමුදුරුවන්ගේ සිවුර ගලවා පන්නා දමයි
- 43 හැවිරිදි විවාහක මවක් දුෂණය කිරීමට තැත්කළ කැලණිය බුලුගහ

   හන්දිය ශාන්ති විහාරයේ නායක හිමිනම අත්අඩංගුවට
-  බීමතින් රිය පැදවූ භික්ෂූවට හය මාසයක සිර දඬුවම්
-  භික්ෂු ගුටි කෙලියක්, අයෙක් රෝහලේ, අයෙක් රිමාන්ඩ්
-  දියවඩන නිලමේ මාළිගාව කොල්ල කනවා, මහ නාහිමිවරු පොල්

   ගානවාද
-  චීවරධාරියා ගැබිනි කතකට පයින් ගහලා
-  පන්සලේ හාමුදුරුවන් ගන්ටාරය විකුනයි.
-  හොරෙන් රට යැවීමේ ජාවාරමට සම්බන්ද හාමුදුරුනමක්.
-  අකුරැස්ස ඉංග‍්‍රීසි පන්තියට ආ දැරියව හාමුදුරුනමක් කෙළෙසලා
-  නවකවදය දුන් හිමිවරුන් 18 පොලිස් අත් අඩංගුවේ
-  චිවරදාරි කාමාතුරයෙක් 10 හැවිරිදි පාසැල් දැරියකට අතවර කරයි
-  හොඳටම සූර් වී සිල් මාතාවන් දෙදෙනෙක් සමඟ මහ රැ පිස්සු කෙලි

   චීවරධාරියා පොලීසියේ

ඉහත සඳහන්වී ඇති  පත්‍ර වාර්තා වැඩි හරියක්   මවිසින්ද කියවා ඇත්තේ මා පුරුද්දක් ලෙසින් අන්තර්ජාලය භාවිතා කරමින් දිනපතා පත්තර කියවන නිසාය. මින් සමහර වාර්තා අසත්‍ය බව දැන දැනම අදාළ භික්ෂුන් වහන්සේ අපහසුතාවට පත් කිරීමට ගෙතු ඒවා බව පසුව ඔප්පුවූ  බව පුවත්පත් වලම පලවී තිබිණ.

43 හැවිරිදි විවාහක මවක් දුෂණය කිරීමට තැත්කළ කැලණිය බුලුගහ හන්දිය ශාන්ති විහාරයේ නායක හිමිනම අත්අඩංගුවට"   වැන්න උදාහරණ ලෙස දැක්විය හැක.

"        චීවරධාරියා ගැබිනි කතකට පයින් ගහලා
-       පන්සලේ හාමුදුරුවන් ගන්ටාරය විකුනයි.
-     හොරෙන් රට යැවීමේ ජාවාරමට සම්බන්ද හාමුදුරුනමක්.
-  අකුරැස්ස 
      ඉංග‍්‍රීසි පන්තියට ආ දැරියව හාමුදුරුනමක් කෙළෙසලා "
-     භික්ෂු මන්ත්රී කොල්ලකෑම්- වංචා රැසකට රිමාන්ඞ්

ආදියට අදාළ පුවත්පත් වාර්තා මට කියවන්නට ලැබී නැත.

" භික්ෂු මන්ත්රී කොල්ලකෑම්- වංචා රැසකට - කොල්ලකෑම්- වංචා රැසකට රිමාන්ඞ්


 තම විහාරස්ථානයේ ගිනි අවි තිබුනේ යයි සැක පිට සුමිත්ත හිමි දැනට වසරකට ආසන්න කාලයක පටන් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිර කර ඇතත් විහාරස්ථානයේ ගිනි අවි තිබුනේ යයි තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගෙන නැත.ඒ හිමියන් කොල්ලකෑම් සහ වංචාවන්ට සම්බන්ධ බවට තවමත්  චෝදනා ඉදිරිපත් කර නැත. එහෙත් පුවත්පත් දිගින් දිගටම සුමිත්ත හිමියන්ට අපහාස ගෙන දෙන පුවත් පල කරමින් සිටියි.සුමිත්ත හිමියන් නායක තෙර නමක් මිස මන්ත්‍රී හිමි නමක් නොවේ.


"සම්මාදමේ ගිය චීවරධාරියා ලක්ෂපතියෙක් බව බැංකු ගිණුමෙන්
   හෙළිවේ"

හොර සම්මාදමේ ගොස් අසුවූ පුද්ගලයා භික්ෂුන් වහන්සේ නමක් නොව සිවුරු පොරවා ගත් හොරෙක් බවත්, අදාළ ප්‍රදේශයේ සංඝ නායක හිමියන්  විසින් ඔහුගේ සිවුරු ඉවත්කර ඔහු පොලිසියට භාර දුන් බව පත්තර වලම  පලවී තිබුණි.
   
මිට අමතරව Colombo telegraphවෙබ් අඩවිය සිරිතක් වශයෙන්
 භික්ෂුන් වහන්සේලාට  ගරහමින් දෛනිකවම පාහේ ලිපි  පල කරයි.

එහෙත් භික්ෂුන් වහන්සේලාට සාමාන්‍ය පුද්ගලයන් අතින් සිදුවන අතවර ගැන ඔවුන් මුනිවත රකිති. හොඳම උදාහරණ වන්නේ මෑතකදී මහ මගදී බණ දෙසීම ප්‍රතික්ෂේප කල භික්ෂුන් වහන්සේ නමකට බේබද්දන් දෙදෙනෙකු විසින් පහර දීමය.

සාමාන්‍ය ජන සමාජයේ මෙන්ම භික්ෂු සමාජයේද සුසිල්වතුන් මෙන්ම දුසිල්වතුන්ද  සිටිති. එහෙත් නිරාකරණය කරගතයුතු  ප්‍රශ්නය වන්නේ දුසිල්වත් භික්ෂුන් වහන්සේ දුසිල්වත් මිනිසාට හා සමානද යන්නය. මෙය ධර්මය ඇසුරින්ම  විමසිය යුතු කරුණකි. 

මේ  ගැන නිගමනයට එළඹීමට  සඳහා ආධාර කර ගත හැකි හොඳම ආධාරකය ඇත්තේ මිලින්ද ප්‍රශ්නයේය. 

මිලින්ද ප්‍රශ්නය යනු මිලින්ද රජතුමා සහ නාගර්ජුන හිමියන් අතර පැවති  ධර්ම විවාදයයි. එය විශාල පොතකි. එහිදී ශාරංශ වශයෙන්  මුලික කරුණු 10 කින් සහ අතිරේක කරුණු 10කින් දුසිල්වත් භික්ෂුන් වහන්සේ දුසිල්වත් මිනිසාට වඩා උසස් වන බව නාගර්ජුන හිමියන් විසින් මිලින්ද රජතුමාට ඔප්පු කර ඇත. පහත දැක්වෙන්නේ එම කරුණුය.

මුලික කරුණු 10

1.    භික්ෂුන් වහන්සේ චිවරය දැරීම 

2.    භික්ෂුන් වහන්සේ මුඩුකළ හිස දැරීම 

3.    සංඝ සමාජයට ඇතුලත් නිසා දානය ලැබීමට සුදුසුවිම 

4.   ත්‍රිවිධ රත්නය සරණ යන බැවින් දානය ලැබීමට සුදුසුවිම

5.   වීර්ය වැදීමට සුදුසු ශුන්‍යාගාර සේවනය කරන බැවින් දානය ලැබීමට
      සුදුසුවිම

6.   සර්වඥතාවය නම්වූ ශ්‍රේෂ්ට ධනය සොයන බැවින් දානය ලැබීමට
      සුදුසුවිම

7.   ධර්මානුරුපිය හැසිරෙන බැවින් දානය ලැබීමට සුදුසුවිම

8.   බුදුන් වහන්සේ තුන් ලොවටම අග්‍ර යයි දෙසන බැවින් දානය ලැබීමට
      සුදුසුවිම

9.   සද්ධර්මය දේශනා කරන බැවින් දානය ලැබීමට සුදුසුවිම

10. නව උපොසතය නොකඩවා සමාදන් වීමෙන්  බැවින් දානය ලැබීමට
      සුදුසුවිම

අතිරේක කරුණු 10

1.     බුදුන්වහන්සේ කෙරෙහි ගෞරවයක් දක්වයි 

2.     ධර්මය කෙරෙහි ගෞරවයක් දක්වයි 

3.     තමන් හා සමාන සංඝයා කෙරෙහි ගෞරවයක් දක්වයි 

4.     ඇවත් උදෙසා සිල්වත් වීමට වෙර දරයි 

5.     දුසිල්වත් උවත් පිරිස මැදට ගිය විට තමන් භික්ෂුවක් යන හැඟීමෙන්
        මනා ලෙස තම හිත සංවර කර ගනී 

6.     දුසිල්වත් උවත් පිරිස මැදට ගිය විට තමන් භික්ෂුවක් යන හැඟීමෙන්
        මනා ලෙස තම කය  සංවර කර ගනී  

7.     දුසිල්වත් උවත් පිරිස මැදට ගිය විට තමන් භික්ෂුවක් යන හැඟීමෙන්
        මනා ලෙස තම වචනය  සංවර කර ගනී 

8.     ඔහුගේ හිත භාවනාභිමුඛවේ.

9.    පව් කලත් ඒවා එළිපිට නොකරයි  

10.   ගර්හා බයින් (ලජ්ජා බයින් යුක්තවේ. )

මෙම කාරනා නිසා යම් අයෙක් ශ්‍රමනයන් වහන්සේ නමක් දුසිල්වත්විම එම භික්ෂුන් වහන්සේට බලපාන කරුණක් මිස එම භික්ෂුන් වහන්සේට ගර්හා කිරීමට අපට ලැබුණු බලපත්‍රයක් නොවේ. තමන්ගේ දුසිල්වත්වීම තුලින් තමන්ට අහිතකර බලපෑම් ඇතිවන කර්ම රැස්  කර ගැනීමට එම දුසිල්වත් භික්ෂුන් වහන්සේ කටයුතු කරන අතර, අපත් එවැන්නන්ට ගරහා අපට අහිතකර බලපෑම් ඇතිවන කර්ම රැස්  කර ගැනීමට කටයුතු කරගත යුතුද?


  


   







1 comments:

  1. මම ඔබේ blog එක බලන්න ගියා. හරිම අපුරුයි. තව තවත් ලියන්න.

    ReplyDelete