sri lanka flag

නියම සිංහල කොඩිය.

බෞද්ධ කොඩිය

සිංහල ජතියේ කොඩිය වැනි බෞද්ධ කොඩිය.

1985 Vesak

Buddhist Era 2529

දහම් දැණුම

දහම් දැණුම පිරිපුණ් සැදැවත් සමජයක්.

අප මහා බුදුරදුන්

අප මහා බුදුරදුන් දෙවියන් හට ධර්මය දෙශණ කිරිම.

Saturday, February 2, 2013

සිංහල බුද්ධාගම ගැන හැඳින්වීමක් , 1

                සිංහල බුද්ධාගම ගැන හැඳින්වීමක් , 1

සාමකාමී අවිහිංසක ධර්ම මාර්ගයක්වූ බුදු දහම අදහන ශ්‍රී ලාංකික බෞධයන් එම ධර්ම  මාර්ගයෙන් ඉවත්ව බුදුන් වහන්සේ විසින් නොවදාළ සිංහල බුදු දහමක් පිළිපදිමින් කටයුතු කරන  හෙයින් ඔවුන්ට නැවත නියම බුදු දහම ඉගැන්විය යුතු යයි අබෞධ අය අතර මතයක් පවතී. එය ඇත්තක් දැයි විමසීම මෙම ලිපියේ අරමුනයි.   


ලොව පුරා විසිර සිටන බෞද්ධයෝ  විවිධ ගුරුකුලයන්  විසින් හඳුන්වාදී ඇති වටිනාකම් අනුගමනය කරමින් බුදු දහම අනුව තම ජිවන රටාව  පවත්වාගෙන යමින් සිටිති. හීනයාන, මහායාන, සෙන්, වජ්‍රායාන, තන්ත්‍රයාන,  ආදී වශයෙන් ඇති මෙම ගුරු කුලයන් ඉදිරිපත් කරන වටිනාකම් වල වෙනස්කම් තිබේ. එහෙත් වැදගත් කරුණ වන්නේ  අන් ආගම් වල මෙන් ගුරුකුලයන් අතර හෝ ඒවායේ සාමාජිකයන් අතර  හෝ ගැටීම නැතිවීමයඅපේ රටේ භාවිතා වන්නේ ථෙරවාදී නැතහොත් හීනයාන බුද්ධාගමය. මියන්මාරය (බුරුමය) සහ තායිලන්තය (සියම) හීනයාන බුද්ධාගම අදහන අනෙක් රටවල්ය. බුද්ධත්වය (සම්බුදුබව, පසේ බුදු බව) ලැබීමට පාරමිතාවන් (දස පාරමිතා,දස උප පාරමිතා, දස පරමාර්ථ පාරමිතා)  කල්ප ලක්ෂ  ගණන් පෙරුම් පිරියයුතු බවත්,විශේෂ රහතන් වහන්සේ නමක් (දැගසව් සැරියුත් මහා මුගලන් වැනි)
බවට පත්වී නිවන් දැකිම සඳහාද  කල්ප  ගණන් පෙරුම් පිරිය යුතු බවත්, විශ්වාස කරන හිනයානිකයෝ, සාමාන්‍ය පුද්ගලයෙකුට නිවන් අවබෝධ කිරීමට අවශ්‍ය වන්නේ    බුදු සසුන පවත්නා කාලයක ඉපදී ලැබී ඇති ක්‍ෂණ සම්පතින් ප්‍රයෝජනගැනීම  පමණක්  බවත්, ඔහු/ඇයවිසින් කල යුත්තේ ශ්‍රද්ධාවෙන් යුක්තව  බෝධි පාක්ෂික ධර්ම 37 අනුගමනය කිරීම බවත් තවදුරටත් විශ්වාස කරති. 

ඉතිරි ගුරුකුලයන්ගේ වටිනාකම් ගැන මා තුල ඇත්තේ ඉතා මත්   සුළු    දැනුමකිමෙම  සුළුදැනුම වර්ධනය කර ගැනීමට කටයුතු කරනවාට වඩා  මා උනන්දු වන්නේ මා දන්නා හීනයාන බුද්ධාගම හරියට තේරුම් ගැනීමට උත්සහ කිරීමය. මා දන්නා හැටියට  මහායාන  ගුරුකුලය ඉදිරිපත් කරන මුලික වටිනාකම වන්නේ බුද්ධත්වය (බුදු,පසේ බුදු) ලැබීම සඳහා පෙරුම් පිරිම අනවශ්‍ය බවත් සියල්ලන්ටම මේ භවයේදීම බුදු විය හැකි බවත්ය. තවද නිවන් අවබෝධ කල සියලු උත්තමයන් තවමත් ජිවත් වන බව මා අසා ඇත,

 සෙන් ගුරුකුලයේ මුලික වටිනාකම වන්නේ  ඉදිරිපත් කරන ඉතා කෙටියෙන් ප්‍රකාශ කිරීමත්, ප්‍රකාශ කරන දෙය තුල මතුපිටින් පෙනන අදහසට වඩා ගැඹුරු අදහසක් ඇතුලේ අන්තර්ගත බවත්,එය තේරුම් ගත හැක්කේ ඥානවන්තයන්ට පමණක් බවත්ය.  වජ්‍රායාන,තන්ත්‍රයාන,  ආදී වශයෙන්  ඇති ගුරු කුලයන්ගේ වටිනාකම් මා දන්නේ නැත.
මේ කුමන ගුරුකුලයක වටිනාකම් අනුගමනය කරන අයෙකු උවත් බෞධයකු වශයෙන් සිටීමට නම් තිසරණය (බුදුන්, දහම්, සඟුන්) සරණ යායුතුය.  බුදුන් වහන්සේ  බුදුගුණ,දහම්ගුණ,සඟ ගුන සුත්‍ර අදාල  වලින් දේසනා කර ඇත. එම සුත්‍ර ත්‍රිපිටකයේ ඇත. ඉතිපිසෝ ගාථාවෙන් කියවෙන  බුදුගුණ 9, ස්වාඛාතෝ  ගාථාවෙන් කියවෙන  දහම් ගුණ 6, සුපටිපන්නෝ   ගාථාවෙන් කියවෙන  සඟ ගුණ 9,  දැනීම මුලික කර නොව ශ්‍රද්ධාව මුලික කර වර්ධනය කර ගත  යුතුය. ගිහියෙකුව සිටිමින්  සිල් රැකීමට අදහස් කරන්නේ නම්  නම් දෛනිකව පන්සිල් රැකිම කල යුතුය.  ගිහියෙකුව සිටිමින් මෙම සිල් රැකීම අට සිල් ගැනීම දක්වා වර්ධනය කලහැක. ඉන් ඉදිරියට සිල් රැකිම වර්ධනය කිරීමට නම් අනගාරික තත්වයට පත් විය යුතුය.    

Thursday, January 31, 2013

නොකලෙන් නිසි පරිදි දහම් ඉගනුම අහෝ අන්වර් නොදුටි සඟ ගුණ 02

භික්ෂු/භික්ෂුණින්  වහන්සේලාගේ විනයානුකුල  පැවැත්ම ගැන තීරණ ගැනීම කල යුත්තේ ත්‍රිපිටකයේ ඇති විනය පිටකයේ  නියමයන්ට අනුව පමණි. එකී විනය පිටකයේ භික්ෂු/භික්ෂුණින්  වහන්සේ නමක් වරද කරුවෙකු විය හැකි  සුළු වැරදි සහ මහා වැරදි උදාහරණ මගින් විස්තර කර ඇති අතර එම වැරදි අනෙක්  භික්ෂුන් වහන්සේලා ඉදිරියේ  ප්‍රකාශ කිරීමෙන් (ඇවත් දෙසීමෙන්) සමනය කර ගත හැකි බවද සඳහන් වේ. භික්ෂු/භික්ෂුණින්  වහන්සේලාගේ මහන කම නැති වීමට නම් විනය පිටකයේ පැහැදිලිවම දක්වා ඇති පාරාජිකා 4 න් එකක් හෝ කලයුතුය. මිට අමතරව පවත්නා රාජ්‍ය නීතියට  භික්ෂු භික්ෂුණින්  වහන්සේලා යටත්  විය යුතුය.  එහෙත් අන්වර්ගේ දහම් දැනුමට අනුව උද්ඝෝෂණයක් කරන භික්ෂුන් වහන්සේලාගේද මහන කම නැතිවේ. චීවර ධාරීන් වශයෙන් එම භික්ෂුන් වහන්සේලා  හඳුන්වන්නේ එබැවිනි. 

තවද බුදුන් වහන්සේ දායාද ඉල්ලා තමා පසුපස පැමිණි  රාහුල කුමාරයාට තමන් වහන්සේ සතු ආර්ය ධනය දීමට එම කුමරා  මහන කල සේක. එම අවස්ථාවේදී මුනුබුරා අහිමි ශෝකයෙන් කම්පිතවූ  සුදොවුන් මහරජාණන් සැනසීමට බුදුන් වහන්සේ  විනය නීතියකින් පැවසුවේ  මින් ඉදිරියට වැඩිවිය නොපත් දරුවන්  මහන කර නොගන්නා බවය. එමෙන්ම මහන කිරීමට වැඩිහිටියන්ගේ කැමැත්තද අවශ්‍ය බවද නියම  කර ඇත.  මෙම නිතිය හේතු කොටගෙන පසු කාලයකදී  ආනන්ද හිමියන්ට දෙමාපියන් මිය යෑම නිසා අසරණවූ කුඩා දරුවන්  දෙදෙනෙකුට සරණක් වීමට නොහැකිවිය. එවිට  ආනන්ද තෙරුන්ගේ අයදිම මත, බුදුන් වහන්සේ කපුටෙක් එළවීමට තරම් ශක්තියක් ඇති දරුවන්ගේ පටන් මහන කිරීම අනුදැන වදාල සේක. එතෙත් අන්වර් අපිට උගන්වන්න බුද්ධාගමේ තියෙන්නේ වැඩිහිටියන් මහන කිරීමටය. ඔවුන්ද පුහුණු කාලයක් ගත කර ලිඛිත පරීක්ෂණයකින් සමත් උනාට පසුව ආධුනික කාලයක් ගත කලයුතුය. වාර්ෂික ඇගයීම් කලයුතු අතර අසමත් වන්නන් උපැවිදි කල යුතුය. අපට මෙහෙම බන කියන්නට අන්වර් හිතන්නේ ඔහු බුදුන් වහන්සේටත් වඩා ඉහලින් බුද්ධ ධර්මය දන්නා නිසා විය යුතුය. මෙවන් වැදී  බන වලට අන්වර්ට අගුල්පත් තබන්නේ ආචාර්‍ය උපාධියක් ඇතැයි කියන තවත් සිංහලයෙකි.  ධර්මය ගැන මෙලෝ හසරක් නොදන්නා  සෙසු මුස්ලිම් ජාතිකයන් තව තව උපදෙස් දෙති. ඔන්න අන්වර් ධර්මය ඉගෙන ගත් හැටි. වැරදි සෙවීමේ පරමාර්ථයෙන්ම බුද්ධ ධර්මය ඉගෙන ගත්තාම මෙවැනි උපදෙස් හැර වන මොනවා දෙන්නද?
සමරසේකර 
3 කොටස ඉදිරියේදී,
 

Wednesday, January 30, 2013

නොකලෙන් නිසි පරිදි දහම් ඉගනුම අහෝ අන්වර් නොදුටි සඟ ගුන 1

අන්වර් මනතුංග මුස්ලිම් ලබ්ධිය වැළඳ ගත් සිංහලයෙකි. මුස්ලිම් ආගම ලොව ඇති නිරවද්‍යම ආගම බව ඔප්පු කිරීමට ඔහු දිවා රෑ  වෙහෙසේ . එහි වරදක් නැත. අප ධර්මය දේසනා කරන ඕනෑම අයෙකුන්ගෙන් බන අසමු. ඒ අප බන ඇසීමට කැමති නිසාය. දෙමල,ජර්මන් ,ඉංග්‍රීසි,බංගලි දේස, ආදී නා නා ජාතික  භික්ෂුන් වහන්සේලා මෙන්ම ගිහියෝද අපිට බුදු බන කියා දෙති. ඒවායේ වරදක් අප නොදකින්නේ එකී ජාතිකයන් අපට බන දේසනා ක‍රන්නේ ධර්මය කෙරෙහි සහ සංඝයා කෙරෙහි අපගේ සිත් පහන් කිරීමට බවට සැකයක් නැති නිසාය.   අන්වර් මනතුංගද  සිංහල බෞද්ධයන්ට  බුද්ධාගම  උගන්වන්නට යයි.  අන්වර් මනතුංගගේ  ළමා  අවදිය බෞධද, ක්‍රිස්තියානිද යන්න පැහැදිලි නැත්තේ එය ඔහු සඟවන නිසාය.(සැඟවීමට දෙයක් ඇත්තා කරන කියන දේ ගැන දෙවරක් කල්පනා කිරීම සුදුසුය.) කෙසේ වෙතත් තමන් සවුදි අරාබියේ බොහෝ කලක් රැකියාවක් කල බවත් එහිදී මුස්ලිම් ලබ්ධිකයෙකු වශයෙන් සිටියදීම එහි ඇති    පන්සලක සිටි භික්ෂුන් වහන්සේලාගෙන් බුධාගම උගත් බව ඔහු ප්‍රකාශ කර ඇත.  එහිද වරදක් නැත. නමුත් අන්වර් මනතුංග අපට බන දේසනා කරන්නේ අපගේ බෞධාගමික ආකල්ප වර්ධනය කිරීමට නොව ධර්මයේ සහ සංඝයා වහන්සේලාගේ නැති අඩුපාඩු පෙන්වා,  අපව මුස්ලිම් භක්තිකයන් කිරිමටය. වරද ඇත්තේ එතනය. 
වර්තමාන යුගයේ සංඝයා වහන්සේලාගේ අඩුපාඩු නැතැයි මෙයින් අදහස් නොකෙරේ. වර්තමාන දේශීය සමාජයේ පිරිහීම් දකින්නට ලැබෙන ලෙසම  සංඝයා වහන්සේලාගේ අතරද අඩුවැඩි වශයෙන් අඩුපාඩු කම් දක්නට ලැබේ. එයට පිළියම් යොදනවා වෙනුවට සංඝයා වහන්සේලාට අපහාස කිරීමෙන් ලැබෙන්නේ කුමක්ද? පිළිගත යුතු වැදගත් කරුණ වන්නේ දුසිල්වත්   සංඝයා වහන්සේ කෙනෙක් උවද ගිහියෙකුට වඩා සිල්වත් බැවින් ඉහල බවය.

2 කොටස පසුවට 
සමරසේකර 

Tuesday, January 29, 2013

අන්වර් දෙස තවත් සිංහල බොදුනුවකුගේ ඇසින් බැලිම

මම අන්වර්  මනතුංග ගැන post එකක් දමන්න ලෑස්ති වෙන කොටම මට ලැබුණු email එකකින් හොඳ අදහසක් ඉදිරිපත් කරලා තිබුන මදුක ජයලත්  මහතා. ඒක මෙම ගැටලුව දෙස අලුත් ඇහැකින් බලපු ලිපියක් නිසා මගේ ලිපිය පොඩ්ඩක් පරක්කු කරලා මේ ලිපිය ඉදිරිපත් කරනවා.

සමරසේකර 


මම තම්බින්ට බනින්නේ නැත. උන් දියුණු වෙනවාට බනින්නේද නැත, උන් හලාල් කෑම කනවාට බනින්නේද නැත. උන් සිංහල ගෑනු අරන් යනවාට බනින්නේද නැත. උන් වෙහෙර, පිළිම ආදිය ඩෝසර් කරනවාට බනින්නේද නැත. මක් නිසාද උන්ට උන්ගේ ජාතිය වෙනුවෙන් උන්ගේ ආගමේ ඉගැන්වීම් වෙනුවෙන් ඒ දේවල් කිරීමට කියා තියෙන නිසාය. කුඩා කල සිටම ඔලුව කුරුවල් කරනා බැවින් ඒ උගන්වා ඇති සීමාවෙන් පිට උන්ට හිතීමට ඉඩක් නැති නිසාය. ඉතින් උන් කරනා දේවල් නොකරොත් උන් තම්බි නොවන බැවිනි. ඔසාමා බින් ලාඩන් තමයි 100%ක්ම හරි තම්බියා. දෙවියන් වහන්සේ වෙනුවෙන් මැරුණොත් දිව්‍ය ලෝකේ ගිහින් ගෑනු 72ක් හම්බවෙන කියලා ආගමේ උගන්වන නිසා උන්ට ඒකත් ඇත්තකි (ලැබෙන අනිත් ඒවා කුණුහරුප බැවින් නොකියමි).

ඒත් මම බොරු සිංහල බෞද්ධයන්ටනම් හොඳටම බනිමි. මක් නිසාද උන්ට හිතීමේ නිදහස උපරිමයට දී ඇති නිසාය (ඒත් හිතන්නේ වල්බූත). ලෝකයේ ඇති එකම ප්‍රඥ්ඥා නිධානය වන භාග්‍යවත් අරහත් බුදු කෙනෙකුගේ ධර්මය තියෙද්දී මෙවුන්ට ඒවා ගානකට නැත. බොරුවට දහම රකින්ට බෙරිහන් දෙන එකෙක්වත් පංචශීලයවත් රකින්නේ නැත. කටක් ඇරියොත් කුණුහරපයක්. බෞද්ධ සංස්කෘතිය කියමින් හින්දුන්ගෙන් සහ සුද්දන්ගෙන් ලැබුණු ගොන් අනාර්‍ය චාරිත්‍රවාරිත්‍ර සරණ ගොස් සිටින බැවිනි. වැඩිහරියක් බේබද්දන් බැවිනි. මගුලක්, සාදයක් මල ගෙයක් හෝ වෙන ඕනෑම නාඩගමකට ගියාම නොබී ඉන්ට කොඳු නැති හරක් බැවිනි. බුදු ගුණ නවයවත් හරියට නොදන්නා බැවිනි, ධර්මයේ ගුණ හයවත් හරියට නොදන්නා බැවිනි, සංඝයාගේ ගුණ නවයවත් හරියට නොදන්නා බැවිනි. කොටින්ම කිව්වොත් අද බෞද්ධයෝ කියන එවුන් වෛර කරන, ක්‍රෝධම කරන, එකිනෙකාට ඉරිසියාම කරන පිරිසක් වී සිටින බැවිනි. අභිධර්මය අභිධර්මය කියමින් කිසිම ධර්මයක් නැතිව සිටින බැවිනි. භික්ෂූන් වහන්සේලාට, දෙමවුපියන්ට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට කතා කරන විදියවත් දන්නේ නැති එවුන් වෙලා සිටින බැවිනි. මෝඩ අතිපණ්ඩිත පිරිසක් බැවිනි. බෞද්ධ කියමින් ගියාට බුදු බන තුට්ටුවකට නොසලකන බැවිනි.

තම්බියා පල්ලියක් අටවාගත්තාම සතුටු වෙයි. උඹලා පන්සලක්, අසපුවක්, බුදුරජානන් වහන්සේ වෙනුවෙන් අසදෘශ විහාර මන්දිරයක් හදපුවාක ඇස් වල කටු අනින්නා වගේ. උඹලා කොරන්නේ නැත කොරපු එකාගේ ඇද කුද හොයති. උඹලා දන් දෙන්නේ නැත දෙන එකාට හරියට උඹලාගේ සාක්කුවෙන් යනවා වගේ බනිති. උඹලාගේ ගුරුවරුන්ට ගෞරවයක් නැත ගුරුවරයාට ගරු කරන එකාට ඉරිසියා කොරති. එක බණ පදයක් හරි උගන්වන භික්ෂුවක් දැක්කොත් ඔක්කෝම උගන්වන්ට ඕනෑයයි ගිරිය පුප්පාගෙන රෙවෙනකල් කෑගසති. (බොහෝ ඇත දැනට මේ ඇති)

තම්බින්ට බනින්නේ නැත්තේ මට උන්ව පේන්නේ නිසරු කර මැටි සහිත කුඹුරක් ලෙසය. උන්ව හදන්න බෑ බෑ බෑමයි. උඹලා පෙලපාලි කකුල් දෙකෙන් නෙවෙයි ඔළුවෙන් හිටගෙන ගියත් තම්බියා තම්බියාමයි. කුරානය සැලකිය යුතු ප්‍රමාණයක් අධ්‍යයනය කර ඇති බැවින්ද උන්ගේ ඉතිහාසය අධ්‍යයනය කර ඇති බැවින්ද ඒක හොඳාකාරව දනිමි.

ඒත් "බොරු" බෞද්ධයන්ට බනින්නේ එකෙක් දෙන්නෙක් හරි තෙරුවන් කෙරෙහි සැබෑ ලෙසම ශ්‍රද්ධා ඇති සැබෑ ලෙසම සිල්වත් වෙන්නට වෙර දරන භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ධර්ම නිධානයට උරුමකම් කියන්ට උන්ව ගොඩ දාන්ට හැකියාවක් ඇති බැවිනි. ඒ උන්ටම බනින්නේ උන්ටම වැඩියෙන් ආදරේ බැවිනි.

ඒක නිසා මම සිංහල බෞද්ධයන් කියාගෙන අබෞද්ධයන් ලෙස හැසිරෙන උන්ට හොඳටම බනිමි. ඒ උඹලාට වැඩියෙන්ම ආදරේ බැවිනි. ඒ මම හොඳටම හොඳ හින්දා නෙවෙයි අපි ඔක්කෝටම එකමුතු වෙලා ඇත්තටම හොඳ බෞද්ධයෝ පිරිසක් වෙන්නට පුළුවන් බැවිනි.

Wednesday, January 16, 2013

අන්වර් ථෙර පුත්තාභය සංකල්පය මොඩ් කරයි

                         
 අන්වර් ථෙර පුත්තාභය සංකල්පය  මොඩ්  කරන්නේ භික්ෂුන්   වහන්සේලාට පරිභව කිරීමටය.   


දුටුගැමුණු රජ්ජුරුවන්  සහ එතුමාගේ දස මහා යෝධයන් පිලිබඳ පුරාවෘතය සහ ඔවුන්ගේ වීරත්වය  නොදන්නා කෙනෙක් හෝ ඒවා අගය නොකරන අයෙක් අද සාමාන්‍ය  සිංහල ජන සමාජය තුල දක්නට  නොමැත. නන්දිමිත්‍ර,වේළුසුමන,ගෝඨයිම්බර,ථෙරපුත්තාභය, ආදී දස මහා යෝධයන්ගේ දක්ෂතාවයන් සහ හැකියාවන් විවිධයි. ඒ අතරෙන් දුටුගැමුණු රජ්ජුරුවන්ගේ සහ ථෙරපුත්තාභය යෝධයා අතර සිවුර සමග බැඳුන අපුරු සමාන තාවයක් තියෙනවා. දුටුගැමුණු රජ්ජුරුවන්ගේ පෙර භවය භික්ෂුන් වහන්සේ නමක්වූ අතර ථෙරපුත්තාභය යෝධයා  මේ භවයේදී භික්ෂුන් වහන්සේ නමක්ව සිට උපැවිදිවී යුධයට සම්බන්ධවී යුධය අවසානයේදී නැවත පැවිදිව මහා රහත් බව ලැබී නිවන් දුටු  උතුම් සංඝයා වහන්සේ නමක්. සාමාන්‍ය  සිංහල ජන සමාජය දුටුගැමුණු රජ්ජුරුවන්  සහ එතුමාගේ දස මහා යෝධයන් ගැනවූ  පුරාවෘතය අගය කරන්නේ එමගින්  සිංහල කමට බෞධ කමට ලැබුන ජිවය නිසාය. සිංහල යනු අන් ජාතිකයන් සහ ආගමිකයන් සමග සහයෝගයෙන් ජිවත් වීමට කැමති මිශ්‍ර ජාතියකි එහෙත් මෙම පුරාවෘතය මගින්  ගොඩනැගී ඇති සමාජ වටිනාකම්  තම අපේක්ෂා ඉටු කර ගැනීමට ඇති බාධාවක් සේ සලකන කොටස් දෙකක් ඉන්නවා. එකක් දෙමල බෙදුම් වාදීන්. ඒගොල්ලන්ට දුටුගැමුණු රජ්ජුරුවෝ  විතරක් නෙමෙයි මහාවංසයත් අප්‍රිය උපදවන මාතෘකාවක්. 

 අනෙක් කට්ටිය බෞධයන් බලෙන් තම ආගමට හැරවීමට උත්සාහ කරන කොටස්. අන්වර් කටයුතු කරන්නේ මේ දෙවෙනි කණ්ඩායමේ,නමුත් ඔහු මේ සඳහා  විශේෂ උපාය මාර්ගයක් අනුගමනය කරනවා. ඔහු අපිට බුද්ධාගම උගන්නනවා.ඉතිහාසයත් උගන්නනවා. ඔහු කියන්නේ අපි නිවැරදි බුද්ධාගම හෝ නිවැරදි ඉතිහාසය දන්නේ නැ කියල.ඔහුගේ පළමු අදහස ශාරාංශ කළහොත්  බුධාගමේ හැටියට ප්‍රාණඝාතය කිරීම අකුසලයක් නිසා සිංහල බෞධයො යුද්ධයට ගිය එක වැරදියි.එසේ යාමට ඔවුන් උනන්දු කලේ මහා සංඝයා වහන්සේලා. එයද වැරදියි. නමුත්  එය බුධාගමේ ප්‍රතිපත්ති වලට විරුද්ධ උනත්,ඒ වෙලාවේ කල යුතුම තිබු  දෙයක්.  අල්ලාගෙ ධර්මයේ එවැනි පරස්පර තාවයක්  නෑ. ඔහු කුරානය මගින් යුද්ධය අනුමත කරලා තියෙනවා විතරක් මොහමඩ් තුමාද යුද්ධ කරලා තිබෙනව. එබැවින් සිංහලයන් කල යුතු වන්නේ මුස්ලිම් ආගම වැළඳ ගැනීමය.  ඔහුගේ දෙවන අදහස ශාරාංශ කළහොත් මහාවංසද වැරදියි.එක ලියල තියෙන්නේ හාමුදුරුවරු නිසා තමන්ට උවමනා අන්දමින් ලියල තියෙනවා. මුස්ලිම් වරු මෑතකදී (14 වන සිය වසේදී )මේ රටට ආපු කට්ටියක් නොවේ. අතීතයේ පටන් මෙහි සිටි පාරම්පරික ජන කොටසක්ය.( මේදෙවන අදහස ගැන වෙනම ලිපියක් පල කිරීමට බලාපොරොත්තු වෙමි.) 

  අපේ රටේ තියෙන්නේ සිංහල බුද්ධාගම. ඒක ශාරාංශ කළහොත්  බුද්ධාගම රැක ගැනීම සඳහා අවශ්‍ය උනොත් තම සංසාර ගමන් මග දිගු වන ආකාරයෙන් කටයුතු කිරීමට (පස්පව් සහ දස අකුසල් කිරීම) පසුබට නොවෙන බවත්, එහි ප්‍රතිඵලය ලෙස තම සංසාර ගමන් මග දිගු උවත් කෙටි කාලින පරමාර්ථය (යුද්ධ කිරීම) අවසන් උනාට පසු නැවත වීර්ය කොට නිවන් දැකිය හැකි බවත් කිව හැක.ථෙරපුත්තාභය මහ රහතන් වහන්සේ ප්‍රයෝගිකව පෙන්නුවේ එම පරමාදර්ශයයි. සිංහල බෞධයන් මේ අනුව කටයුතු කල නිසා ත්‍රස්තවාදී බිය අපේ රටේ අවසන් උනා. 2009 වසරෙන් පසු අපි අද වන තුරු නිදහසේ හුස්ම ගන්නවා. tv එකේ මේ දිනවල දිනපතාම වාගේ  පෙන්වන පකිස්ථානයේ,ඉරාකයේ,ඉන්දියාවේ සිරියාවේ වගේ බෝම්බ පිපිරුම් අපේ රටේ දැන් නෑ. ඒ උනත්  අන්වර්ට මෙම පරමාදර්ශය ඇලජික් වෙලා. ඒකට විරුද්ධව   post එකක් දැම්මේ ඒ නිසයි. යුද්ධයෙන් සිදුවන ආදීනව අපිට කියල දෙන්න යන්නේ හරියට යුද්ධය දිනුවේ මුස්ලිම් අයගේ දායකත්වයෙන් වාගේ අඟවමින්. ඒක ඇත්ත නම් අන්වර් පෙන්නන්න ඕනෑ. අපේ රටේ පසුගිය 30 වසර තුල  තිබුණු යුද්ධයෙන් මිය ගිය හෝ තුවාල උන මුස්ලිම් සොල්දාදුවන්ගේ නම් සහ ප්‍රමාණය කොපමණද කියල. ඒ අය අතේ ඇඟිලි ගනනටත් වැඩිය අඩුයි. අඩු වැඩි වශයෙන් ඒ  ඔක්කොම සිංහල බෞධයන් .මෙම යුද්ධයේදීත් අපේ රටේ භික්ෂුන් වහන්සේලා ථෙරපුත්තාභය මහ රහතන් වහන්සේගේ  පරමාදර්ශය අනුව යමින් උපැවිදිවී යුද්ධයට ගියා. සමහරු මව්බිම වෙනුවෙන් තම ජීවිතය දන් දුන්නා. සමහරු නැවත පැමිණ මහන දම් පුරනවා. මෛථුනයේ  යෙදීම  යනු භික්ෂුන් වහන්සේලාට  තම භික්ෂුත්වය ක්‍ෂණයකදිම නැතිවන පාරාජිකා අකුශලයක් බව මැනවින් දන්නා අන්වර් මනතුංග සිංහල බෞද්ධ ජනගහනය වැඩි කිරීමට කල යුත්තේ භික්ෂුන් වහන්සේලා මගින් සිංහල ගැහැනුන් දරුවන් හැදීම බව කියයි. ඉතින් අපි අන්වර් මනතුංගගේ මේ මොඩ්  බුද්ධාගම පිලි ගත යුතුද?         

අන්වර් ආනන්තර්‍ය කර්මයක් කිරීමට සැරසෙයි.



                                     අන්වර් ආනන්තර්‍ය  කර්මයක් කිරීමට සැරසෙයි.


බුදු දහම දන්නා සාමාන්‍ය පුද්ගලයන් පවා දන්නා දෙයකි පන්චානන්තර්‍ය  කර්ම සහ  එහි නියත ඵලය වන මරණනින් පසු නියත වශයෙන්ම අපායගාමී වීම.

 පන්චානන්තර්‍ය  කර්ම කෙටියෙන් විස්තර කලොත් 
මව මැරීම 
පියා මැරීම 
රහතුන් මැරීම 
බුදුන්ගේ ශරීරයේ ලේ සෙලවීම 
 සංඝ  භේදය 
වශයෙන් විස්තර කල හැක.

 මේ අතරින් අද අන්වර් උත්සාහ ගෙන ඇත්තේ සංඝ භේදය යන  ආනන්තර්‍ය කර්මය කිරීමටය. සංඝ භේදය කිරීම යනු සංඝයා වහන්සේලා   අතර භේදයක් ඇති කිරීමය. මෙම කර්මය කිරීමට  සංඝයා වහන්සේ නමක් හෝ කිහිප නමක් මැදිහත් විය යුතුය. මෙම ක්‍රියාවේ බරපතල කම සහ එහි නියත විපාකය වන මරණින් මතු අපායගාමී වීම බව දන්නා භික්ෂුන් වහන්සේලා නිරන්තරයෙන් කටයුතු කරන්නේ සංඝයා වහන්සේලා අතර කුමන ආකාරයෙන් හෝ භේදයක් ඇති නොවිමටය. උදාහරණ වශයෙන් සෑම තරා තිරමකම සංඝයා වහන්සේලාට ගරුසරුව ආමන්ත්‍රණය කිරීම දැක්විය හැක. අද දින බද්දේගම සමිත හාමුදුරුවෝ බොදු බලසේනාවේ සහ ජාතික හෙළ උරුමයේ   සංඝයා වහන්සේලා විවේචනය කරමින් සහ රට අන්ත වාදයකට ඇද ගෙන යන බවත් ඉන් නැවත ලේ වැගිරීමක් සිදුවන බවත් දළදා මාලිගාවේ තවමත් උඩරට භේදය රජ කරමින් පහත රැටියන් නොසලකා හරින බවත් පහතරට නැටුමකට හෝ යක් බෙරයකට එහි තැනක් නැති බවත් කියා ඇත. සමිත හිමියන්ට තම මතය ප්‍රකාශ කිරීමට අයිතියක් ඇත.එතෙත් එය අදාල සංඝයා වහන්සේලා තුලම පමණක් සාකච්චා විය යුතු කරුණකි. එහිදී අදාල පාර්ශවයන්ට තම මතය ඉදිරිපත් කර ගැටළුවක් ඇත්නම් එය සාකච්චාවේන් සහ  සම්මුතියෙන් නිරාකරණය කර ගත හැක.

  එසේ නැතිව අන්වර් වැන්නන්ට මුස්ලිම් ප්‍රජාවට ඉදිරිපත් වීමට රස පුවතක් වශයෙන් කිව යුත්තක් නොවේ. මෙම කාරණය පදනම් කරගනිමින් ඉදිරියේදී සංඝ භේදයක් ඇති උනොත් එය කෙලින්ම ආනන්තර්ය කර්මයක් වී හෙන ගෙඩියක් මෙන් සමිත හිමියන් කරා පැමිණීම නොවැලක්විය හැකි අතර එවැන්නකට මග පැදු අන්වර්ටද අපායගාමී වීමෙන් මිදිය නොහැක යනු මගේ අදහසවේ.