Wednesday, January 16, 2013

අන්වර් ථෙර පුත්තාභය සංකල්පය මොඩ් කරයි

                         
 අන්වර් ථෙර පුත්තාභය සංකල්පය  මොඩ්  කරන්නේ භික්ෂුන්   වහන්සේලාට පරිභව කිරීමටය.   


දුටුගැමුණු රජ්ජුරුවන්  සහ එතුමාගේ දස මහා යෝධයන් පිලිබඳ පුරාවෘතය සහ ඔවුන්ගේ වීරත්වය  නොදන්නා කෙනෙක් හෝ ඒවා අගය නොකරන අයෙක් අද සාමාන්‍ය  සිංහල ජන සමාජය තුල දක්නට  නොමැත. නන්දිමිත්‍ර,වේළුසුමන,ගෝඨයිම්බර,ථෙරපුත්තාභය, ආදී දස මහා යෝධයන්ගේ දක්ෂතාවයන් සහ හැකියාවන් විවිධයි. ඒ අතරෙන් දුටුගැමුණු රජ්ජුරුවන්ගේ සහ ථෙරපුත්තාභය යෝධයා අතර සිවුර සමග බැඳුන අපුරු සමාන තාවයක් තියෙනවා. දුටුගැමුණු රජ්ජුරුවන්ගේ පෙර භවය භික්ෂුන් වහන්සේ නමක්වූ අතර ථෙරපුත්තාභය යෝධයා  මේ භවයේදී භික්ෂුන් වහන්සේ නමක්ව සිට උපැවිදිවී යුධයට සම්බන්ධවී යුධය අවසානයේදී නැවත පැවිදිව මහා රහත් බව ලැබී නිවන් දුටු  උතුම් සංඝයා වහන්සේ නමක්. සාමාන්‍ය  සිංහල ජන සමාජය දුටුගැමුණු රජ්ජුරුවන්  සහ එතුමාගේ දස මහා යෝධයන් ගැනවූ  පුරාවෘතය අගය කරන්නේ එමගින්  සිංහල කමට බෞධ කමට ලැබුන ජිවය නිසාය. සිංහල යනු අන් ජාතිකයන් සහ ආගමිකයන් සමග සහයෝගයෙන් ජිවත් වීමට කැමති මිශ්‍ර ජාතියකි එහෙත් මෙම පුරාවෘතය මගින්  ගොඩනැගී ඇති සමාජ වටිනාකම්  තම අපේක්ෂා ඉටු කර ගැනීමට ඇති බාධාවක් සේ සලකන කොටස් දෙකක් ඉන්නවා. එකක් දෙමල බෙදුම් වාදීන්. ඒගොල්ලන්ට දුටුගැමුණු රජ්ජුරුවෝ  විතරක් නෙමෙයි මහාවංසයත් අප්‍රිය උපදවන මාතෘකාවක්. 

 අනෙක් කට්ටිය බෞධයන් බලෙන් තම ආගමට හැරවීමට උත්සාහ කරන කොටස්. අන්වර් කටයුතු කරන්නේ මේ දෙවෙනි කණ්ඩායමේ,නමුත් ඔහු මේ සඳහා  විශේෂ උපාය මාර්ගයක් අනුගමනය කරනවා. ඔහු අපිට බුද්ධාගම උගන්නනවා.ඉතිහාසයත් උගන්නනවා. ඔහු කියන්නේ අපි නිවැරදි බුද්ධාගම හෝ නිවැරදි ඉතිහාසය දන්නේ නැ කියල.ඔහුගේ පළමු අදහස ශාරාංශ කළහොත්  බුධාගමේ හැටියට ප්‍රාණඝාතය කිරීම අකුසලයක් නිසා සිංහල බෞධයො යුද්ධයට ගිය එක වැරදියි.එසේ යාමට ඔවුන් උනන්දු කලේ මහා සංඝයා වහන්සේලා. එයද වැරදියි. නමුත්  එය බුධාගමේ ප්‍රතිපත්ති වලට විරුද්ධ උනත්,ඒ වෙලාවේ කල යුතුම තිබු  දෙයක්.  අල්ලාගෙ ධර්මයේ එවැනි පරස්පර තාවයක්  නෑ. ඔහු කුරානය මගින් යුද්ධය අනුමත කරලා තියෙනවා විතරක් මොහමඩ් තුමාද යුද්ධ කරලා තිබෙනව. එබැවින් සිංහලයන් කල යුතු වන්නේ මුස්ලිම් ආගම වැළඳ ගැනීමය.  ඔහුගේ දෙවන අදහස ශාරාංශ කළහොත් මහාවංසද වැරදියි.එක ලියල තියෙන්නේ හාමුදුරුවරු නිසා තමන්ට උවමනා අන්දමින් ලියල තියෙනවා. මුස්ලිම් වරු මෑතකදී (14 වන සිය වසේදී )මේ රටට ආපු කට්ටියක් නොවේ. අතීතයේ පටන් මෙහි සිටි පාරම්පරික ජන කොටසක්ය.( මේදෙවන අදහස ගැන වෙනම ලිපියක් පල කිරීමට බලාපොරොත්තු වෙමි.) 

  අපේ රටේ තියෙන්නේ සිංහල බුද්ධාගම. ඒක ශාරාංශ කළහොත්  බුද්ධාගම රැක ගැනීම සඳහා අවශ්‍ය උනොත් තම සංසාර ගමන් මග දිගු වන ආකාරයෙන් කටයුතු කිරීමට (පස්පව් සහ දස අකුසල් කිරීම) පසුබට නොවෙන බවත්, එහි ප්‍රතිඵලය ලෙස තම සංසාර ගමන් මග දිගු උවත් කෙටි කාලින පරමාර්ථය (යුද්ධ කිරීම) අවසන් උනාට පසු නැවත වීර්ය කොට නිවන් දැකිය හැකි බවත් කිව හැක.ථෙරපුත්තාභය මහ රහතන් වහන්සේ ප්‍රයෝගිකව පෙන්නුවේ එම පරමාදර්ශයයි. සිංහල බෞධයන් මේ අනුව කටයුතු කල නිසා ත්‍රස්තවාදී බිය අපේ රටේ අවසන් උනා. 2009 වසරෙන් පසු අපි අද වන තුරු නිදහසේ හුස්ම ගන්නවා. tv එකේ මේ දිනවල දිනපතාම වාගේ  පෙන්වන පකිස්ථානයේ,ඉරාකයේ,ඉන්දියාවේ සිරියාවේ වගේ බෝම්බ පිපිරුම් අපේ රටේ දැන් නෑ. ඒ උනත්  අන්වර්ට මෙම පරමාදර්ශය ඇලජික් වෙලා. ඒකට විරුද්ධව   post එකක් දැම්මේ ඒ නිසයි. යුද්ධයෙන් සිදුවන ආදීනව අපිට කියල දෙන්න යන්නේ හරියට යුද්ධය දිනුවේ මුස්ලිම් අයගේ දායකත්වයෙන් වාගේ අඟවමින්. ඒක ඇත්ත නම් අන්වර් පෙන්නන්න ඕනෑ. අපේ රටේ පසුගිය 30 වසර තුල  තිබුණු යුද්ධයෙන් මිය ගිය හෝ තුවාල උන මුස්ලිම් සොල්දාදුවන්ගේ නම් සහ ප්‍රමාණය කොපමණද කියල. ඒ අය අතේ ඇඟිලි ගනනටත් වැඩිය අඩුයි. අඩු වැඩි වශයෙන් ඒ  ඔක්කොම සිංහල බෞධයන් .මෙම යුද්ධයේදීත් අපේ රටේ භික්ෂුන් වහන්සේලා ථෙරපුත්තාභය මහ රහතන් වහන්සේගේ  පරමාදර්ශය අනුව යමින් උපැවිදිවී යුද්ධයට ගියා. සමහරු මව්බිම වෙනුවෙන් තම ජීවිතය දන් දුන්නා. සමහරු නැවත පැමිණ මහන දම් පුරනවා. මෛථුනයේ  යෙදීම  යනු භික්ෂුන් වහන්සේලාට  තම භික්ෂුත්වය ක්‍ෂණයකදිම නැතිවන පාරාජිකා අකුශලයක් බව මැනවින් දන්නා අන්වර් මනතුංග සිංහල බෞද්ධ ජනගහනය වැඩි කිරීමට කල යුත්තේ භික්ෂුන් වහන්සේලා මගින් සිංහල ගැහැනුන් දරුවන් හැදීම බව කියයි. ඉතින් අපි අන්වර් මනතුංගගේ මේ මොඩ්  බුද්ධාගම පිලි ගත යුතුද?         

0 comments:

Post a Comment