Monday, February 15, 2016

බුදුදහමට දැන දැනම අපහාස කිරීම

මෑත කාලයේදී  මා නිරීක්‍ෂණය කල දෙයක් නම් බුදුන් වහන්සේට,බුදු දහමට හා භික්‍ෂු,භික්ෂුණි,උපාසක හා උපාසිකා වශයෙන්  වර්ගවී  ඇති බුදු සසුනට දැන දැනම සිංහල මාධ්‍යයෙන්   අපහාස කරන්නවුන් විශාල වශයෙන් සිටින  බවය. මේ අය කරුණු සොයා ගැනීමේ අරමුණෙන් නොව  වැරදි සෙවීමේ අරමුණෙන්ම කරුණු විමසති. එසේ අන්තගාමිව කරුණු විමසන විට ඔවුන්ට පෙනෙන සැම දෙයක්ම පෙනෙන්නේ ඒවා වැරදියට සිදුවූ විධියටය.  මට සිතෙන අන්දමට මේ අය  මෙසේ  කටයුතු කරන්නේ විව්ධාකාර පරමාර්ථ ඉටුකර ගැනීමටය. ඒවා නම් ,

  - තම  ආගමික ලැදියාව ඉස්මතු කිරීමට බුදු දහම             බාධාවක් සේ දකින අයගෙන් සිදුවන අපහාස.
  - තම දේශපාලන අරමුණු ඉස්මතු කිරීමට බුදු දහම        හා සංඝයා වහන්සේලා බාධාවක් සේ දකින අයගෙන්     සිදුවන අපහාස.
 - තම අභිලාෂයන් සහ ලැදියාවන්   ඉස්මතු කිරීමට බුදු     දහම හා බුදු සසුන  බාධාවක් සේ දකින අයගෙන්          සිදුවන අපහාස.

ඉන්පසු තමන් වැරදි යයි කියා සිතු දෙය මහත් ඝෝෂාවක් කරමින් සමාජ ගත කරති. වැදගත් කරුණ නම් එසේ ඉදිරිපත් කල කරුණු ගැන කවරෙකු වසින් හෝ සත්‍යතාවය පෙන්නු පසුවත් එක්කෝ ඒ ගැන නොසලකා හරිති. නැත්නම් වැරදි යයි තමන් සිතු දෙය සමාජ ගත කිරීමට දුන් ප්‍රසිද්ධිය හා එය සනාථ කිරීමට  ඉදිරිපත් කල මතවාදයන්   එම අදහස   නිවැරදි කිරීමට ඉදිරිපත් කරන පිළිතුරු වලට  නොදෙති.

 පහත දැක්වෙන්නේ  බුදුන් වහන්සේට දැන දැනම අසත්‍ය කරුණු මත අපසාස කල මුස්ලිම්  ආගම පතුරුවන්නෙක්ගේ එවන් වෑයමක් නිවැරදි කිරීමට පලවූ පුවතකි. මේ විස්තරය අපේ රටේ පලවූ කිසිදු සිංහල පත්‍රයක පලවූ බවක් මා නම් දැක  නැත. මට මුහුණු පොත හරහා ලැබුණු මෙම අගනා පිළිතුර සහුර්දයන්ගේ කියවීම උදෙසා මගේ veb අවකාශයේ පල කිරීමට සිතුවෙමි.

සමරසේකර    


     



තව්හිද් ජමාත්, බුදු දහමට අපහාස කළාද නැද්ද? බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්තාව මෙන්න

tauheed jamaath 2545
සම්බුදු හිමියන් මිනීමස් වැළදූ බවට සහ බුදු දහමේ කරුණු විකෘති කරමින් අපහාසාත්මක වීඩියෝවක් රටපුරා බෙදාහැරීම සම්බන්ධයෙන් තව්හිද් ජමාත් ඉස්ලාමීය සංවිධානයට එරෙහිව ගොණුකර තිබූ නඩුව ඊයේ (11) දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගනු ලැබීය.
අදාල දේශනයෙන් බුදු දහමට අපහාසයක් සිදුව ඇතිද? නැද්ද? යන්න විමසමින් මහෙස්ත්‍රාත්වරයා විසින් එම දේශනය අඩංගු සංයුක්ත තැටියක් සහ පත්‍රිකා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට යොමු කර තිබූ අතර එම දෙපාර්තමේන්තුවේ ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් ඒ පිළිබද  නිරීක්ෂණ වාර්තාවද ඊයේ අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
බුදු දහමට නිග්‍රහ කොට එය මිත්‍යා දෘෂ්ඨියක් බව පෙන්වා දෙමින් බෞද්ධ ජනතාව කුපිතකොට ආගමික හා ජාතික කෝලහාලයක් ඇති කිරීමට අදාල දේශනයෙන් උත්සහා කර ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.
අතිපූජ්‍ය දවුල්දෙන ඥාණිස්සර මහා නාහිමියන්ගේ මූලිකත්වයෙන් යුතු ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදන මණ්ඩලය විසින් නිකුත් කළ එම වාර්තාව පහතින් දැක්වේ
1

11 comments:

  1. මහත්මයානෙනි. ඔබේ කරුණුදැක්වීම අගය කරනවා. මගේ අදහස මෙවැනි ආගමික සංවාද තිබුනාට කමක් නැති බවයි. බෞද්ධයන් කල යුත්තේ උසාවි යාම නොව වාදයට වාදයෙන් පිළිතුරු දීමයි. බුදුන් සච්චකට එරෙහිව උසාවි ගියෙ නෑ නේද
    මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න

    සර්වබලධාරී දෙවි කෙනෙක් නැතැයි ඔබතුමා ස්ථිරවම කියන්නේ කෙසේද
    බුදුන් එම දෙවිගේ නියෝජිතයෙක් වෙන්නට බැරිද
    අද තිබෙන්නේ බුදුන් දෙසූ දහමමද
    සමහර පරස්පර තෑන් බුදුදහමේ නැද්ද

    වරදවා වටහා නොගන්න. මම සර්වබල ධාරී දෙවිකෙනෙක් විශ්වාස කරන කෙනෙක් නොවෙයි.

    බුදුදමට අපහාස කරන්නේ ඔබ කී දෙවෙනි කාන්ඩයට අයත් අයයි. එනම් තම දේශපාලන අභිලාශවලට බුදුසමය බාධාවක් ය සිතන අයයි.

    ReplyDelete
    Replies
    1. තුන්වන හතරවන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න මහන්සි වෙන්න එපා. ඔබගේ පෙර ලිපි උඩින් පල්ලෙන් බැලුවා. ඒවා නිවාඩුපාඩුව කියවාගන්නම්.
      නමුත් 1 හා 2 ප්‍රශ්නවලට හැකිනම් පිළිතුරු දෙන්න. ඇත්තටම එහෙම දෙවි කෙනෙක් ඉන්නට බැරිද .මේක දාර්ශනික ප්‍රශ්නයක්.ඔහු විශ්වය මවා පාලනය කරනවා වන්නට බැරිද .ඒ අතරෙ බුදුහිමියනුත් පහලවෙලා දහම් දෙසනවා වෙන්නට බැරිද
      මේක ටිකක් විකාර වගෙ දැණුනත් විකාරත් නෑ නේද

      Delete
    2. සිව් වැනි මානය,
      ඔබගේ උනන්දුව හොඳයි. මා විස්තරාත්මක උත්තරයක් ඊළඟ ලිපියෙන් ලියන්නම්. මා ගොඩක් දේ දන්නේ නම් නැහැ. ඒ උනත් අපට සාකච්චා කරන්න ඒක පෙරේවදනක් විධියට පාවිච්චි කරන්න පුලුවන්නෙ.
      සමරසේකර

      Delete
    3. උන්වහන්සේ සර්ව බලධාරී දෙවියන් කෙනෙකු ගැන දේශනා කර නැත. උන්වහන්සේ දේශනා කර ඇත්තේ සියල්ල හේතු ඵල දහමට අනුකූලව සිදුවන බවයි.

      Delete
    4. සර්ව බලධාරී දෙවියන් විසින් ලොව පාලනය කරයි නම් අපට කළ හැක්කේ ඔහුගේ අඥාවන්ට අනුකූලව ක්රියාකිරීම පමණි. එවිට අපි කොහොමද මානසිකව විමුක්තිය උදා කර ගන්නේ?සියල්ල සිදු වන්නේ නියාම ධර්ම වලට අනුකූලව වේ.දෙවියන් සිටින අතර ඔවුන්ගේ බලය ඔවුන්ගේ කුසලය මත පරායත්ත වේ.නමුත් සර්ව බලධාරීන් කෙනෙකු නැත.

      Delete
    5. සර්ව බලධාරී දෙවියන් විසින් ලොව පාලනය කරයි නම් අපට කළ හැක්කේ ඔහුගේ අඥාවන්ට අනුකූලව ක්රියාකිරීම පමණි. එවිට අපි කොහොමද මානසිකව විමුක්තිය උදා කර ගන්නේ?සියල්ල සිදු වන්නේ නියාම ධර්ම වලට අනුකූලව වේ.දෙවියන් සිටින අතර ඔවුන්ගේ බලය ඔවුන්ගේ කුසලය මත පරායත්ත වේ.නමුත් සර්ව බලධාරීන් කෙනෙකු නැත.

      Delete
    6. උන්වහන්සේ සර්ව බලධාරී දෙවියන් කෙනෙකු ගැන දේශනා කර නැත. උන්වහන්සේ දේශනා කර ඇත්තේ සියල්ල හේතු ඵල දහමට අනුකූලව සිදුවන බවයි.

      Delete
  2. සර්ව බලාධාරී දෙවියන් කියල කියන්නේ ස්වභාවධර්මයට බවයි මගේ විශ්වාසය...

    ReplyDelete
  3. අර වසලයට මේ රිපෝට් අනුවවත් කිසි දඬුවමක් නොදුන්නු එක සහජීවනයේ උපරිමය කියලයි මම හිතන්නේ...

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මුන්ට මුන්ගේ මිනිමරු,ස්ත්‍රී දූෂක,ළමා අපචාරී, නබී ගැන කියන්න මුකුත් ඇත්තෙම නැද්ද දන්නේ නෑ.හිතන්නෙ හැම ජඩ වැඩක්ම කරලා අල්ලාගෙන් සමාව ගත්තාම හරි කියල වෙන්න ඇති.

    ReplyDelete