Saturday, February 2, 2013

සිංහල බුද්ධාගම ගැන හැඳින්වීමක් , 1

                සිංහල බුද්ධාගම ගැන හැඳින්වීමක් , 1

සාමකාමී අවිහිංසක ධර්ම මාර්ගයක්වූ බුදු දහම අදහන ශ්‍රී ලාංකික බෞධයන් එම ධර්ම  මාර්ගයෙන් ඉවත්ව බුදුන් වහන්සේ විසින් නොවදාළ සිංහල බුදු දහමක් පිළිපදිමින් කටයුතු කරන  හෙයින් ඔවුන්ට නැවත නියම බුදු දහම ඉගැන්විය යුතු යයි අබෞධ අය අතර මතයක් පවතී. එය ඇත්තක් දැයි විමසීම මෙම ලිපියේ අරමුනයි.   


ලොව පුරා විසිර සිටන බෞද්ධයෝ  විවිධ ගුරුකුලයන්  විසින් හඳුන්වාදී ඇති වටිනාකම් අනුගමනය කරමින් බුදු දහම අනුව තම ජිවන රටාව  පවත්වාගෙන යමින් සිටිති. හීනයාන, මහායාන, සෙන්, වජ්‍රායාන, තන්ත්‍රයාන,  ආදී වශයෙන් ඇති මෙම ගුරු කුලයන් ඉදිරිපත් කරන වටිනාකම් වල වෙනස්කම් තිබේ. එහෙත් වැදගත් කරුණ වන්නේ  අන් ආගම් වල මෙන් ගුරුකුලයන් අතර හෝ ඒවායේ සාමාජිකයන් අතර  හෝ ගැටීම නැතිවීමයඅපේ රටේ භාවිතා වන්නේ ථෙරවාදී නැතහොත් හීනයාන බුද්ධාගමය. මියන්මාරය (බුරුමය) සහ තායිලන්තය (සියම) හීනයාන බුද්ධාගම අදහන අනෙක් රටවල්ය. බුද්ධත්වය (සම්බුදුබව, පසේ බුදු බව) ලැබීමට පාරමිතාවන් (දස පාරමිතා,දස උප පාරමිතා, දස පරමාර්ථ පාරමිතා)  කල්ප ලක්ෂ  ගණන් පෙරුම් පිරියයුතු බවත්,විශේෂ රහතන් වහන්සේ නමක් (දැගසව් සැරියුත් මහා මුගලන් වැනි)
බවට පත්වී නිවන් දැකිම සඳහාද  කල්ප  ගණන් පෙරුම් පිරිය යුතු බවත්, විශ්වාස කරන හිනයානිකයෝ, සාමාන්‍ය පුද්ගලයෙකුට නිවන් අවබෝධ කිරීමට අවශ්‍ය වන්නේ    බුදු සසුන පවත්නා කාලයක ඉපදී ලැබී ඇති ක්‍ෂණ සම්පතින් ප්‍රයෝජනගැනීම  පමණක්  බවත්, ඔහු/ඇයවිසින් කල යුත්තේ ශ්‍රද්ධාවෙන් යුක්තව  බෝධි පාක්ෂික ධර්ම 37 අනුගමනය කිරීම බවත් තවදුරටත් විශ්වාස කරති. 

ඉතිරි ගුරුකුලයන්ගේ වටිනාකම් ගැන මා තුල ඇත්තේ ඉතා මත්   සුළු    දැනුමකිමෙම  සුළුදැනුම වර්ධනය කර ගැනීමට කටයුතු කරනවාට වඩා  මා උනන්දු වන්නේ මා දන්නා හීනයාන බුද්ධාගම හරියට තේරුම් ගැනීමට උත්සහ කිරීමය. මා දන්නා හැටියට  මහායාන  ගුරුකුලය ඉදිරිපත් කරන මුලික වටිනාකම වන්නේ බුද්ධත්වය (බුදු,පසේ බුදු) ලැබීම සඳහා පෙරුම් පිරිම අනවශ්‍ය බවත් සියල්ලන්ටම මේ භවයේදීම බුදු විය හැකි බවත්ය. තවද නිවන් අවබෝධ කල සියලු උත්තමයන් තවමත් ජිවත් වන බව මා අසා ඇත,

 සෙන් ගුරුකුලයේ මුලික වටිනාකම වන්නේ  ඉදිරිපත් කරන ඉතා කෙටියෙන් ප්‍රකාශ කිරීමත්, ප්‍රකාශ කරන දෙය තුල මතුපිටින් පෙනන අදහසට වඩා ගැඹුරු අදහසක් ඇතුලේ අන්තර්ගත බවත්,එය තේරුම් ගත හැක්කේ ඥානවන්තයන්ට පමණක් බවත්ය.  වජ්‍රායාන,තන්ත්‍රයාන,  ආදී වශයෙන්  ඇති ගුරු කුලයන්ගේ වටිනාකම් මා දන්නේ නැත.
මේ කුමන ගුරුකුලයක වටිනාකම් අනුගමනය කරන අයෙකු උවත් බෞධයකු වශයෙන් සිටීමට නම් තිසරණය (බුදුන්, දහම්, සඟුන්) සරණ යායුතුය.  බුදුන් වහන්සේ  බුදුගුණ,දහම්ගුණ,සඟ ගුන සුත්‍ර අදාල  වලින් දේසනා කර ඇත. එම සුත්‍ර ත්‍රිපිටකයේ ඇත. ඉතිපිසෝ ගාථාවෙන් කියවෙන  බුදුගුණ 9, ස්වාඛාතෝ  ගාථාවෙන් කියවෙන  දහම් ගුණ 6, සුපටිපන්නෝ   ගාථාවෙන් කියවෙන  සඟ ගුණ 9,  දැනීම මුලික කර නොව ශ්‍රද්ධාව මුලික කර වර්ධනය කර ගත  යුතුය. ගිහියෙකුව සිටිමින්  සිල් රැකීමට අදහස් කරන්නේ නම්  නම් දෛනිකව පන්සිල් රැකිම කල යුතුය.  ගිහියෙකුව සිටිමින් මෙම සිල් රැකීම අට සිල් ගැනීම දක්වා වර්ධනය කලහැක. ඉන් ඉදිරියට සිල් රැකිම වර්ධනය කිරීමට නම් අනගාරික තත්වයට පත් විය යුතුය.    

0 comments:

Post a Comment