Friday, February 8, 2013

සිංහල බුද්ධාගම - 1 කොටස

                                                     සිංහල බුද්ධාගම - 1 කොටස 


සිංහල ජාතියේ ආරම්භය ගැන ගුරුකුල දෙකක මත දෙකක්  ඇත. පළමු මතය වන්නේ විජය කුමාරයා සිහල ජාතියේ ආරම්භකයා බවය. මෙම මතය පිළිගන්නා මහාවං  කර්තෘ මහානාම තෙරුන් මහ  වහන්සේ  කියන්නේ   දාමරික කම් නිසා තම පියා විසින් රටින් පිටුවහල් කල විජය කුමාරයන් සිංහ දේශයේ සිට ලක්දිවට පැමිණෙන අවස්ථාවේදී, බුදු රජානන් වහන්සේ, අනාගත බුදු සසුන ස්ථිරව පිහිටන්නේ ලක්දිව බව දැන,  විජය  ඇතුළු පිරිස ආරක්ෂා කිරීමට සක්‍ර දෙවියන්ට පැවරු බවත්, සක් දෙවියන්ගේ අනින් එතැන් පටන්  විෂ්ණු දෙවියන් ලක්දිව සහ බුදු සසුන ආරක්ෂා කරන බවය.  සිංහ දේශයේ සිට ලක්දිවට පැමිණි මෙම විජය කුමාරයා ඇතුළු පිරිස මෙහි සිට කුවේණි ඇතුළු දේශීය පිරිස සමග මිශ්‍ර වීමෙන් සිංහල ජාතිය ඇරඹුණ බව මෙම මතය තවදුරත් පවසයි. 

සිංහල ජාතියේ ආරම්භය ගැන ඇති දෙවන මතය වන්නේ විජය කුමාරයා  ඇතුළු පිරිසෙන් පැවත එන්නන්  රාක්ෂ ජන්මයට උරුමකම්  කියන පණ්ඩුකාභය කුමාරයා විසින් සමුලඝාතනය කර, ඉතිරිවූ සිංහ පිරිස ඔවුන්ගේ කැමැත්තෙන්, දියිනේ ජීවත්වූ පැරණි ජාතින්වූ යක්ෂ, නාග, දේව, ඇසුර යන සිව් හෙළයන්  සමග මිශ්‍ර කිරීමෙන් පසුව සිංහල ජාතිය ආරම්භවූ බවය.

මේ කුමන මතය පිළිගත්තත් වැදගත් කරුණ වන්නේ විජය කුමාරයා මෙන්ම පණ්ඩුකාභය කුමාරයාද  තම අභිෂේකයන් සඳහා  ශාක්‍ය වංශික කුමාරිකාවන් අග බිසව ලෙස තෝරාගත් බවය.සින්හලයෝ මුල පටන්ම ශාක්‍ය වංශය සමග නෑදෑ සබඳකම් පැවැත්වීමට මෙන්ම ශාක්‍යයන් අනුගමනය කරමින් තම පාලන ව්‍යුහය සකස් කර ගැනීමට රුචියක් දැක්වූ බැවින් ශාක්‍ය වංශය ගැන හැදෑරීම තුලින් සිංහල වංශය ගැන නිවැරදි අවබෝධයක් ලබා ගත හැක.

ශාක්‍ය වංශය හැදෑරීමට පෙර එකල ඉන්දියාවේ පැවති පාලන ක්‍රම ගැන දැනීමක් ලැබීම අවශය වේ. පළමු ක්‍රමය රාජාණ්ඩුය. බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය,වෛශ්‍ය,ශුද්‍ර යන  කුල එය තුල විය. උදාහරණ කොසොල් නුවර මුලික කල මගධ රාජ්‍යවේ. දෙවැනි ක්‍රමය ගන (සමුහාණ්ඩු) රාජ්‍යයන්ය. එය තුල කුල ක්‍රමය නොතිබුණි.එකම ගෝත්‍රයක් පමණක් පාලනට සම්බන්ධ වුහ. සියල්ලෝම ක්‍ෂත්‍රියෝය.ඔවුන් ගන (සමුහය) වශයෙන් පාලනයට සම්බන්ධ වුහ.(ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ යන සංකල්පය මේ අනුව බිහිවිය)  ගන සමුහයේ ප්‍රධානියා රජු ලෙස සැලකේ.  අදාළ ගෝත්‍රයට ඇතුලත් නොවන්නන්ට ගන රාජ්‍ය තුල ජිවත් විය  හැකි උවත් ඔවුන්ට පාලනයට සම්බන්ධ විය  නොහැක. රට වැසියා සහ පුර වැසියා අතර වෙනස දැක්වෙන සංකල්පය ඇතිවෙන්නේ එතැනෙනි. ගන රාජ්‍ය වලට උදාහරණ ලෙස ශාක්‍ය, කෝලිය,ලිච්චවී රාජ්‍ය දක්විය හැක. ශාක්‍ය වංශයේ අග්‍ර ඵලය බුදුරජානන් වහන්සේය. බුදු රජුන්ගේ අපරිමත කරුණාව, දයාව ප්‍රඥාව ගැන අවිවාදිත උවත් සියලුම ශාක්‍ය වංශිකයෝ  එසේ  නොවෙත්. 

ඔවුන් ස්වභාවයෙන්ම බොරු නොකියන්නෝය. එහෙත්  මාන්නක්කාරයෝය.නිර්භිතය. ගල්ලෙන් යුගයේදී ආදී ශාක්‍යයන් වනයේ සිටි නිර්භිතම සතාවූ සිංහයා තම ලාංචනය ලෙස  තම ලෙනේ ඇන්ඳාහ. ලේ විවාහ මගින් අපිරිසිදු විමට අකමැත්තෝය. ලේ අපිසිරිදු වීමට බියෙන් සහෝදර සහෝදරියන් අතර  විවාහ වුහ.  කෘර ගති ඇත්තෝය. අන් ජනයා සමග ගැටලු ඇතිවූ විට පළමුව ඔවුන්ට පහරදී සතුරන් විනාශ කිරිමේ කලාව ප්‍රගුණ කල අය වුහ. මෙම අනුකම්පා විරහිත සටන් කලාවම අවසානයේදී විරුඩභ කුමරු සමග කල සටනින් පැරදුන පසු  ශාක්‍ය වංශයේ විනාශයටද හේතු විය. 




0 comments:

Post a Comment