භික්ෂු/භික්ෂුණින් වහන්සේලාගේ විනයානුකුල පැවැත්ම ගැන තීරණ ගැනීම කල යුත්තේ ත්‍රිපිටකයේ ඇති විනය පිටකයේ නියමයන්ට අනුව පමණි. එකී විනය පිටකයේ භික්ෂු/භික්ෂුණින් වහන්සේ නමක් වරද කරුවෙකු විය හැකි සුළු වැරදි සහ මහා වැරදි උදාහරණ මගින් විස්තර කර ඇති අතර එම වැරදි අනෙක් භික්ෂුන් වහන්සේලා ඉදිරියේ ප්‍රකාශ කිරීමෙන් (ඇවත් දෙසීමෙන්) සමනය කර ගත හැකි බවද සඳහන් වේ. භික්ෂු/භික්ෂුණින් වහන්සේලාගේ මහන කම නැති වීමට නම් විනය පිටකයේ පැහැදිලිවම දක්වා ඇති පාරාජිකා 4 න් එකක් හෝ කලයුතුය. මිට අමතරව පවත්නා රාජ්‍ය...