sri lanka flag

නියම සිංහල කොඩිය.

Monday, February 15, 2016

බුදුදහමට දැන දැනම අපහාස කිරීම

මෑත කාලයේදී  මා නිරීක්‍ෂණය කල දෙයක් නම් බුදුන් වහන්සේට,බුදු දහමට හා භික්‍ෂු,භික්ෂුණි,උපාසක හා උපාසිකා වශයෙන්  වර්ගවී  ඇති බුදු සසුනට දැන දැනම සිංහල මාධ්‍යයෙන්   අපහාස කරන්නවුන් විශාල වශයෙන් සිටින  බවය. මේ අය කරුණු සොයා ගැනීමේ අරමුණෙන් නොව  වැරදි සෙවීමේ අරමුණෙන්ම කරුණු විමසති. එසේ අන්තගාමිව කරුණු විමසන විට ඔවුන්ට පෙනෙන සැම දෙයක්ම පෙනෙන්නේ ඒවා වැරදියට සිදුවූ විධියටය.  මට සිතෙන අන්දමට මේ අය  මෙසේ...

Tuesday, November 3, 2015

වර්තමාන ශාසනික අභියෝග හමුවේ ශ්‍රී ලාංකික භික්‌ෂුවගේ භූමිකාව

අද දිවයින පත්‍රයේ වර්තමාන ශ්‍රී ලාංකික භික්ෂුවගේ භූමිකාව නමින් මැදගම ධම්මානනන්ද හිමියන් විසින් ලියන ලද කාලින ලිපියක් පලවී තිබෙනවා. මේ ලිපියේ අද සමාජය විසින් භික්ෂුන් වහන්සේලා ගැන සිටිය යුතු බොහෝ කරුණු දක්වා ඇත. මෙම ලිපිය බොහෝ දෙනා විසින් සම්පුර්ණයෙන්ම කියවියයුතු එකකි. උන් වහන්සේ එම ලිපිය මහත් පරිශ්‍රමයකින් ලියා ඇත්තේ බොහෝ දෙනාට කියවීමට නිසා   එම ලිපිය කිසිදු වෙනසකින් තොරව උපුටා ගැනීම  වෙනුවෙන් උන් වහන්සේ විරුද්ධ නොවෙතැයි අපේක්ෂා...

Sunday, May 24, 2015

බුදුසසුන ගැන නර්මාපලාප ලියන්නන්ගේ දැනගැනීම පිණිස අනුකම්පාවෙන් ලියන වග නම් .........

මේ ලිපිය ලියන මා බුදු සසුනේ එක් කොටසක් වන උපාසක යන කුලකයට අයත් උවත්, මා එම කුලකයේ කිසිදු සංවිධානයක  කුමන මට්ටමේ හෝ නිලතලයක් ප්‍රතිපත්තියක් වශයෙන්ම භාර නොගෙන ජිවත් වන, එහෙත් විමසුම් ඇසින් සමාජය දෙස බලා සිටින සාමාන්‍ය පුද්ගලයෙක් වෙමි.ඒ අනුව මට සිතෙන දෙය මා ලියන අතරම මගේ කරුණු දැක්වීම සනාථ කිරීමට ඇතැම් විට සමහර අය නම් වලින්ම හැඳින්වීමට සිදුවන නිසා එසේ නම් කරන අයට තම පිළිතුරු ලිවීමට අවශ්‍ය නම් එයටද ඉඩක්  මෙම ලිපියේ  අවසානයේ  වෙන්කර ඇත.     අපේ රටේ ක්‍රියාත්මක වෙමින්  පවතින බුදු සසුන යනු භික්ෂු,භික්ෂුණි,උපාසික,සහ...

Sunday, May 10, 2015

හේතුව නොසොයා දෘශ්‍ය ප්‍රතිඵලය දෙස පමණක් බලා තරුණ භික්ෂුන් වහන්සේලාට ගැරහීම වැරදිය

(ඉහත දැක්වූ චයාරුපය  සහ කවිය උපුටා ගත්තේ 10.05.2015 දින පළවූ ඉරිදා දිවයින පුවත් පතිනි ) වෙසක් සමය තුලදීම  පසුගිය සතියේ බෞද්ධ ලෝකය සසල කල පුවතක් වුයේ විශ්ව විද්‍යාල ප්‍රතිසම්පාන කොමිෂන් සභාව ඉදිරියේ අලජ්ජි ලෙසත්, සහාසික ලෙසත් හැසුරුණු තරුණ භික්ෂුන් වහන්සේලාගේ හැසිරීම සහ එයට පිළිතුරක් ලෙස  පොලිසියෙන් එල්ලවූ  අමානුෂික ප්‍රහාරයයි.  මින් පසු පුරුදු පරිදිම මේ සංඝයා වහන්සේලාට පමණක් නොව පොදුවේ සියලුම සංඝයා වහන්සේලාට අපහාස...

Friday, August 29, 2014

දලයි ලාමා තෙරුන් වහන්සේ සහ සිංහල බුද්ධාගම

අද ලොව බුදු දහම පැතිර ඇත්තේ මහායාන සහ හීනයාන (ථෙරවාදී ) යන කොටස් වලින්ය.අපේ රට බුරුමය,තායිලන්තය සහ චීනයේ යුනාන් ප්‍රාන්තයේ ථෙරවාද බුදු දහම පැතිර ඇති අතර චීනය ජපානය,තිබ්බතය ආදී රටවල මහයානබුදු දහම පැතිර ඇත.  බුදුබව ලබා නිවන් යාම (බෝධිසත්ව සංකල්පය) මහායානයේ ඇති අතර බුදු,පසේබුදු,රහත් ආකාර තුනෙන්ම නිවන් දැකිය හැකි බව හිනයානයේ (ථෙරවාදයේ) දැක්වේ.  ථෙරවාදය අනුව බුදුසසුන ඇති මෙකල උවද ධෛර්ය ඇති අයෙකුට නිවන් පසක් කරගත හැක. බෝසත් සංකල්පය පමණක් පදනම් කල මහායානයේ වජ්‍ර යානය සහ තන්ත්‍රයානය යනුවෙන් අනු කොටස් දෙකක්ද ඇත. චීනය,කොරියාව  සහ ජපානයේ...

Saturday, May 17, 2014

ජාතක පොත් වහන්සේ සිංහල විඥානය හැසිරුවූ අන්දම සමහුරුන්ට අපුල මන්ද?

ජාතක පොත් වහන්සේ සිංහල විඥානය හැසිරවූ අන්දම සමහරුන්ට  අපුල මන්ද?  1. කොටස  සිංහල විඥානය හැසිරෙන ආකාරය  තම අභිලාෂයන් ඉටු කර ගැනීමට ඇති බාධාවක් ලෙස සලකන සමහරු සිංහල  විඥානයට සහ එයට සරු ලෙස වැඩීමට මග සැලසු බුදු දහමට අපහාස කිරීමට විවිධ මංපෙත් මගින් ඒ ඒ අවස්ථා වලදී වෙබ් අවකාශය තුල කරුණු ඉදිරිපත් කරති. තිලෝ ගුරු බුදු පියාණන්ගේ උත්පත්තිය, බුදුවීම,පිරිනිවන්  පෑම යන තෙමගුල සමරණ වෙසක් දිනයට ආසන්නව  මෙසේ පළවූ එක් අමන ලිපියක මතෘකාවක් වුයේ "හැපී බර්ත් ඩේ  බුදුසාදු"   යන්නය. තවත් ලිපියක වෙස්සන්තර ජාතකයත්,  ජාතක...

Friday, May 16, 2014

සිංහල බුධාගම 4 කොටස

                                                   සිංහල බුධාගම          සිංහල බුද්ධාගම 4 වන කොටස  හෝ ඉන් ඉදිරියට ලියන්න ඕනෑ වෙවියයි මා හිතුවේ නැහැ.වැඩ කල් දැමීමට රුසියෙක් වන උපන්ගෙයි කම්මැලියෙක් වන මා විවිධ හේතු පාදක කරගනිමින් මේ blog එකට ලිපි ලියන එක කල් දැම්මා.ඒ උනත් blog අවකාශයේ ලිපි ලියන බොහෝ  දෙනෙක් සිංහල චින්තනයට මෙන්ම සිංහල බුධාගමට නිග්‍රහ කිරීමට අසත්‍ය කරුණු පදනම් කරගනිමින්...