tag:blogger.com,1999:blog-5641221202967127830.post7547804480147542803..comments2023-05-02T02:22:43.868-07:00Comments on අන්වර් මනතුංගට සහ අපහාසාත්මකව බුදු සසුන විවෙචනය කරන්නන්ට පිළිතුරු: thripitakaya wenas welada?samarasekara sithuvilihttp://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-5641221202967127830.post-69885691717336584542013-04-02T19:53:18.171-07:002013-04-02T19:53:18.171-07:00ඔබ හොඳ තැනක ඉන්නවා.බුද්ධ දර්ශනය ප්‍රයෝගිකව ක්‍රියා...ඔබ හොඳ තැනක ඉන්නවා.බුද්ධ දර්ශනය ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීමට ඇදහීම අවශ්‍යයි. උදාහරණයක් දෙන්නම්. මා ඔබට බල කරන්න හදනවා නෙමෙයි.නමුත් පොදු අරමුණ වෙනුවෙන් කාලය යොදන අතරේම තම පෞද්ගලික යහපත ගැනත් හිතන එක වරදක් නැහැනේ.භාවනා පැත්තටත් ටිකක් යන්න.උදේ පාන්දරම පටන් ගන්න එක හොඳයි.කව්රුත් බාධා කරන්න යන්නේ නැහැ.භාවනාවක් කරන්න යන කොට ගොඩක් බාධක ඇතිවෙන එක නියතයි. (හුනෙක් ඇඬුවත් කනට ගැහුවා වාගේ දැනෙනවා) ඒක වලක්වන්න විද්වතුන් කරන්නේ භාවනාව පටන් ගන්න කොට එය සාර්තකව වැඩිමට දෙවියන්ට පින් දීමේ පොරොන්දුව මත දේව ආරක්ෂාව ඉල්ලීමයි. භාවනාව අවසානයේදී දෙවියන්ට පින් දෙනවා. මේක ඇදහීමක් යයි මම කියනවා .samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-5641221202967127830.post-80043273012026589462013-04-02T19:13:50.994-07:002013-04-02T19:13:50.994-07:00"මම බෞද්ධ දර්ශනය ගැන සංවාද කරන්න ලොකු කැමැත්ත..."මම බෞද්ධ දර්ශනය ගැන සංවාද කරන්න ලොකු කැමැත්තක් නෑ"

සාමාන්‍යයෙන් වෙනත් සංවාද අවසානයේදී සංවාද කරුවා සිටින්නේ තමන් මුලදී සිටි ස්ථාවරයේමයි.ඔහු තර්ක කරනවා පමණයි. මතුවූ කිසිදු කරුණක් තමා තුලට ගන්නේ නෑ.
නමුත් බෞද්ධ දර්ශනය,සහ බෞද්ධ ඇදහීම ගැන සංවාද කරන්නේ තම තර්කය ඔප්පු කිරීමටම පමණක් නෙමෙයි.
රහස් බන හෝ සැඟවූ දේශනා බුදුදහම තුල නැහැ.එහිපස්සිකෝ (එව බලව ) කියන්නේ බුදුදහම සංවාදයට විවුර්තයි කියන එකනේ. සංවාදයේ අවසානයේ තමන්ටම ඒක වැටහෙන්න ඕනෑ. ඒ කියන්නේ සංවාදය අවසානයේදී බැසගත් නිගමනය තමන් දකින්න ඕනෑ. පච්චතන් වේදී තබ්බෝ කියන්නේ ඒකනේ. හැබැයි මේ නිගමනය මුලික කරගෙන තියෙන්නේ තමන් එම අවස්ථාවේදී ලබා ගත දැනුම මතයි. තම තම නැණ පමණින් දතයුත්තේ කියන්නේ එකන. මේ දැනීම කියන එක සාපෙක්ෂ දෙයක් .අංග සම්පුර්ණ දැනුමක් ලැබීමට නම් එය දැනුම+කුශලතා+ආකල්ප යන උපාංග 3න්ම සම්පුර්ණ වෙන්න ඕනෑ. මේ එක කරුණක් හෝ වර්ධනයවූ විට මුළු දනුමම වෙනස් වෙනවා. එත කොට එසේ ලැබූ නව දැනුම තම තුලට ඇතුලත් වෙනවා කියලයි මට වැටහෙන්නේ. samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-5641221202967127830.post-25274916850266562832013-04-02T18:57:12.065-07:002013-04-02T18:57:12.065-07:00ඔබේ අදහස සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න මට හැකියා...ඔබේ අදහස සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න මට හැකියාවක් නෑ , මම පෞද්ගලිකව දර්ශනයක් වශයෙන් යොදා ගන්නත් , පිහිටක් ආරක්ෂාවක් බලාපොරොත්තු නොවි ඉන්නත් කැමතියි . මොකද දර්ශනයක් වශයෙන් බුදු දහමේ එන සංකල්ප වල විශ්වීය ගතියක් මම දකිනවා , එතන හිටියොත් මට වෙනත් ආගමිකයෙකුට ඇගිල්ල දිගු කරන්න පුලුවන් , ඒත් කුමන හෝ පිහිටක් බලාපොරොත්තු වෙන ගමන් , ඒ දේ කරන්න මට බෑ . පෞද්ගලිකව මගේ ජිවිතයේ බොහොමයක් ඇදහීම් දේවල් සංස්කෘතික හෝ සමාජීය දේවල් . ඒ කියන්නෙ මම පන්සල් යනවා , ගෙදර අය බුදුන් වඳින නිසා , පන්සලේ වුවමනා එපා කම් වෙනුවෙන් හාමුදුරුවන්ට උපකාර කරනවා , පන්සලේ දායකයෙක් වශයෙන් මගේ යුතුකමක් නිසා . අන්න ඒ වගේ :)බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-5641221202967127830.post-50214056118758463142013-04-02T18:50:52.229-07:002013-04-02T18:50:52.229-07:00බෞද්ධ ධර්මය දර්ශනයක් මෙන්ම ඇදහීමක් .දර්ශනයක් ලෙස ප...බෞද්ධ ධර්මය දර්ශනයක් මෙන්ම ඇදහීමක් .දර්ශනයක් ලෙස පෙනෙන්නේ හේතුඵල වාදය අනුව විස්තරවෙන පටිච්ච සමුප්පාදය කොටසයි. එක තමයි ක්‍රීම් එක. බටහිර දර්ශනය රඳා පවත්නේ හුදෙක් දැනීම මතයි.එක්කෙනෙක් ලද දැනීම උඩ මතයක් (න්‍යායක්) ඉදිරිපත් කරනවා. ඊට වඩා දැනීමක් තියෙන කෙනෙක් තව මතයක් (න්‍යායක්) ඉදිරිපත් කරන තෙක් කලින් කි මතය තිබෙනවා. (හරියට ප්‍රොයිඩ් ලිංගිකත්වය මුලික සාධකය ලෙස දැක්වුවා වගේ) බුදුන් වහන්සේ ඉදිරිපත් කල මතයක් (චතුරාර්ය සත්‍ය) තවත් බුදුන් වහන්සේ නමකගේ මතයට (චතුරාර්ය සත්‍ය) වෙනස් නැහැ. සියලු බුදු රජුන් ඉදිරිපත් කලේ එකම මතයක් (චතුරාර්ය සත්‍ය) . නමුත් ඒක අධ්‍යනය කරන්නට සර්ධාව නැතිව බෑ. සර්ධාවට මුලික පදනම විශ්වාසයයි. ජය මංගල ගාථා නිකම් ඇහුවොත් ඒක උත්සව චාරිත්තරයක් විතරයි. නමුත් බුදුන් වහන්සේ ගැන සර්ධාවෙන් යුතුව (තේරුම දැනගෙන) ඇහැව්වොත් එතැනදී ගොඩනැගෙන විස්වාශය ඇදහීමක්. බයක් දැනුනාම නිකම්ම ඉතිපිසෝ භගවා කීවාට ආරක්ෂාවක් ලැබෙන්නේ නෑ. ඒ උනත් ධජග්ග සුත්‍රය කියවා (තේරුම දැනගෙන) බයක් තැති ගැනීමක් ඇති උනාම විශ්වාශයෙන් යුක්තවඉතිපිසෝ භගවා කියන්න.එතැනදී ආරක්ෂාවක් ලැබෙනවා.ඒක ඇදහීමක් නමුත් සර්ධාව නැතිව ඒකට ලඟා වෙන්න බෑ.
ඔබ උදේ පාන්දරින් නැගිටලා වෙන වැඩ කරන අතරේ ෆෝන් එකේ තියෙන radio channel වලින් කියන පිරිත් අහන්න.ඇදහීම් කොටසට වැටෙන කොපමණ පිරිත් සුත්‍ර තිබෙනවද කියල එතකොට පෙනේවි.

නමුත් බුධාගම (ඇදහීම) අනික් ආගම් වලින් වෙනස් වන ප්‍රධාන හේතුවක් තියෙනෙවා.අනෙක් ආගම් වල නොපෙනන දෙවියෙක් අදහන අතර, එම දෙවියා විසින් අදහන්නාට ත්‍යාග (ආරක්ෂාව) මෙන්ම නිසි පරිදි නොඅදහන්නාට දඬුවම් දෙනවා. නමුත් බුධාගමේ එය සර්ධාවෙන් අදහන්නට ආරක්ෂාව ලැබෙන අතර නොඅදහන්නාට දඬුවම් දීමක් සිදු වන්නේ නෑ.
මම මේ කිව්වේ මට වැටහෙන ආකාරයටයි.

සමරසේකර samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-5641221202967127830.post-34257825536221957592013-04-01T20:53:05.879-07:002013-04-01T20:53:05.879-07:00බෞද්ධ දර්ශනය පිලිබඳ මිසක් ඒය තවත් ඇදහීම් විශ්වාසයන...බෞද්ධ දර්ශනය පිලිබඳ මිසක් ඒය තවත් ඇදහීම් විශ්වාසයන් ගෙන් පිරුණු ආගමක් විදිහට මම දකින්නේ නෑ . නිර්වාණයට මාර්ගය වගේම ලෝකයේ ඕනිම ප්‍රශ්නකට විසඳුම් සොයන්න පුලුවන් චතුර් ආර්ය සත්‍ය වගේ තාර්කීය විශ්වීය දර්ශනයක් ලොවට දායද කරපු බුදු හාමුදුරුවන් හින්දු දේව කථා වලට ගැලපෙන ජාතක කථා වගේ දේවල් දේශනා කලාය කියල මම විශ්වාස කරන්නේ නෑ . ඔබත් මාත් ඉන්නේ තැන් දෙකක , නමුත් මම බෞද්ධ දර්ශනය ගැන සංවාද කරන්න ලොකු කැමැත්තක් නෑ බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-5641221202967127830.post-65012270799073890702013-01-30T06:41:10.712-08:002013-01-30T06:41:10.712-08:00ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තිතුතියි. මෙවැනි අංග සම්පු...ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තිතුතියි. මෙවැනි අංග සම්පුර්ණ ලිපියක් ලිවීමේ සම්පුර්ණ කුශලය අනුමෝදන් වෙන්න ඕනෑ එම ලිපිය ලියු සසිත් රාජසුරිය මැතිතුමාටයි.
සමරසේකර.samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-5641221202967127830.post-53855475962702082302013-01-30T02:10:34.536-08:002013-01-30T02:10:34.536-08:00Saadhu ! Saadhu ! Saadhu!Saadhu ! Saadhu ! Saadhu!Anonymoushttps://www.blogger.com/profile/10739700985899184271noreply@blogger.com